ඕෂධ ප්‍රනාන්දුගේ ඉනිමේන් ගාල්ලට ජයක්

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

319

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (04) පැවැත්වුනා.

එම තරගවලින් ගුවන් හමුදාව සහ ගාල්ල ක්‍රිකට් සමාජ ක්‍රීඩකයින් ජයග්‍රහණ ලබා ගනිද්දී, තවත් තරග දෙකක් ප්‍රතිඵලයක් රහිතව අවසන් කිරීමට සිදු වුනා.

ආදිත්‍ය සිරිවර්ධන (54), මදුශංක ප්‍රේමරත්න (37) සහ කෙමිර විජේනායක (34) වාර්තා කළ ඉනිම් නිසා Chilaw Marians පරදවා කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනා.

ඕෂධ ප්‍රනාන්දු වාර්තා කළ අගනා අර්ධ ශතකය (72*) නිසා මීගමුව කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු පහක් ජයක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයින්ට හැකි වූ අතර ගාල්ල කණ්ඩායම වෙනුවෙන් හංසමාන ද සිල්වා ලකුණු 17ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

Chilaw Marians CC සහ Airforce SC

Chilaw Marians – 154/7 (20):  චමෝද් සඳරු 53, දමිත් සිල්වා 40, ලසඳ රුක්මාල් 3/26.

Airforce – 156/4 (19.3): ආධිත්‍ය සිරිවර්ධන 54, මදුශංක ප්‍රේමරත්න 37, කෙමිර විජේනායක 34. 

Airforce කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Negombo CC සහ Galle CC

Negombo CC – 130/9 (20): ජීවක රෂ්මිත 45, ඉරෝෂ් ප්‍රනාන්දු 30, හංසමාන ද සිල්වා 3/17.

Galle CC – 134/5 (18.3): ඕෂධ ප්‍රනාන්දු 72*.

                                                       Galle CC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

2023 අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<