Hardikගේ වික්‍රමයෙන් ජයග්‍රහණය ඉන්දියාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

203

2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (28) සමත් වුනා.

ඩුබායි ක්‍රීඩාංගණයේ පැවති මේ තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක Rohit Sharma පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන්නා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ඉන්දියාව – Rohit Sharma (නායක), KL Rahul, Virat Kohli, Ravindra Jadeja, Suryakumar Yadav, Hardik Pandya, Dinesh Karthik †, Bhuvneshwar Kumar, Yuzvendra Chahal, Avesh Khan, Arshdeep Singh
  • පාකිස්තානය – Mohammad Rizwan †, Babar Azam (නායක), Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Shadab Khan, Asif Ali, Mohammad Nawaz, Haris Rauf, Naseem Shah, Shahnawaz Dahani.

ඒ අනුව ඉන්දියාවේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 19.5ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 147ක් ලබා ගත්තා.

නායක Azam සහ Zaman ලකුණු 10 බැගින් රැස් කළා. Iftikhar ලකුණු 28යි. කඩුලු රකින ආරම්භක පිතිකරු Rizwan ලකුණු 43කට දැවී යාමත් සමඟ විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ පාකිස්තාන බලාපොරොත්තු බිද වැටුණා. ඔහුගේ එම ඉනිමට 4 පහර 4ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

කෙසේ වෙතත් Shadab ලකුණු 10ක් ද, Haris නොදැවී ලකුණු 13*ක් ද, Shahnawaz පන්දු 6කින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16*ක් ද රැස් කරමින් පාකිස්තානය මේ සටන්කාමී ලකුණු 147 ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Bhuvneshwar ලකුණු 26කට කඩුලු 4ක් බිද හෙලූ අතර එය පාකිස්තානු කණ්ඩායමකට එරෙහිව ඉන්දීය පන්දු යවන්නෙක් විස්සයි විස්ස තරගයක දැක්වූ හොඳම පන්දු යැවීමේ දස්කමයි. ඊට අමතරව Hardik Pandya ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 19කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.

ආරම්භක පිතිකරු Rahul පාකිස්තානය වෙනුවෙන් අද දිනයේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත් Naseem Shahගේ  පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, නායක Sharma ලකුණු 12කටත්, Virat Kohli ලකුණු 35කටත් දැවී ගියා.

ඉන් අනතුරුව පිටියට පැමිණි Suryakumar Yadav ලකුණු 18කට සීමා කිරීමට Naseem සමත්කම් දැක්වූවා. Hardik හා Jadeja අතර 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 52ක (29) සබඳතාවයක් ගොඩ නැගුණා.

අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි Jadeja පන්දු 29කින් ලකුණු 35ක් රැස් කළා. ඔහුගේ එම සටන්කාමී ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 2ක් ඇතුළත්. Hardik 4 පහර 4ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් පන්දු 17කින් ලකුණු 33*ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Mohammad Nawaz කඩුලු 3ක් හා Naseem Shah කඩුලු 2ක් දවා ගත්තා.

  • පාකිස්තානය – 147/5 (19.5): Mohammad Rizwan 43, Iftikhar Ahmed 28, Ravindra Jadeja 18*, Shahnawaz Dahani 16*, Bhuvneshwar Kumar 4/26, Hardik Pandya 3/25.
  • ඉන්දියාව – 148/5 (19.4): Virat Kohli 35, Ravindra Jadeja 33, Mohammad Nawaz 3/33.

තරගයේ වීරයා – Hardik Pandya (ඉන්දියාව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<