Home Sinhala විශ්මිගේ සටන්කාමී ඉනිම අපතේ යවමින් බංග්ලාදේශයට ජය

විශ්මිගේ සටන්කාමී ඉනිම අපතේ යවමින් බංග්ලාදේශයට ජය

19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය 2022

343

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 19න් පහළ බාලිකා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ අද (16) පැවති තරගයෙන් තියුණු සටනකින් පසුව බංග්ලාදේශ ක්‍රීඩිකාවන් හමුවේ ලකුණු 10ක පරාජයකට උරුමකම් කියන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරගයේ දී ඇමරිකා එක්සත් ජනපද ක්‍රීඩිකාවන් හමුවේ ලබා ගත් ජයග්‍රහණයෙන් පසුව මෙම තරගයට පිවිසි අතර ප්‍රබල ඕස්ට්‍රේලියාව හමුවේ ලබා ගත් ජයග්‍රහණයෙන් පසුව බංග්ලාදේශය මෙම තරගයට අවතීර්ණ වුනා.

තරගයේ තීරණාත්මක කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා විශ්මි ගුණරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

තරගය ක්‍රීඩා කළ කණ්ඩායම්

  • බංග්ලාදේශය: Afia Humaira Anam Prottasha, Dilara Akter (wk), Rany Saha, Disha Biswas (c), Shorna Akter, Sumaiya Akter, Rabeya Khan, Marufa Akter, Leky Chakma, Reya Akter Shika, Dipa Khatun
  • ශ්‍රී ලංකාව: සුමුදු නිසංසලා, නෙත්මි සෙනවිරත්න, විශ්මි ගුණරත්න (නායිකා), දෙම්වි විහන්ඟා, මනුදු නානයක්කාර, රශ්මි නෙත්‍රංජලී, දුලංගා දිසානායක, රශ්මි සංජනා, විදුෂිකා පෙරේරා, පමෝදා ශයිනි.

ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකාරිණියන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පළමුවැනි කඩුල්ල සඳහා ගොඩ නැගූ සම්බන්ධතාව ලකුණු 75ක්.

පන්දු 43ක් තුළ ලකුණු 53ක් ලබා ගනිමින් අගනා අර්ධ ශතකයක් රැස් කිරීමෙන් අනතුරුව ඉනිමේ පළමු කඩුල්ල ලෙස Afia Humaira රශ්මි නෙත්‍රාංජලීගේ පන්දුවක් හමුවේ දැවී යද්දී, දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 14ක් ලබා සිටි Rany Saha ලකුණු 14කට දුවද්දී දැවී යාමකට ගොදුරු වුනා.

ඉන්පසුව පිටියේ එක් වූ Dilara Akter සහ Shorna Akter ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් තෙවැනි කඩුල්ල සඳහා ගොඩ නැගූ නොබිඳුණු ලකුණු 86ක සම්බන්ධතාව නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 165ක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Shorna Akter පන්දු 28ක් තුළ නොදැවී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වෙද්දී, Dilara Akter පන්දු 27ක් තුළ ලකුණු 36ක් නොදැවී ලබා ගත්තා.

ලකුණු 166ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 04 දී දවා ගැනීමට Marufa Akterට හැකි වුනේ නෙත්මි සෙනවිරත්න ලකුණු නොලබාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමිනුයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 24ක් වන විට ලකුණු 3ක් ලබා සිටි සුමුදු නිසංසලා දවා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට හැකි වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තුවක් ගෙන දෙමින් තෙවැනි කඩුල්ල සඳහා විශ්මි සමඟ එක්ව ලකුණු 96ක සම්බන්ධතාවක් ගොඩ නැගීමෙන් අනතුරුව ලකුණු 55ක් ලබා සිටි දෙව්මි විහංඟා දවා ගනිමින් නැවතත් තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන ඒමට Marufa Akterට හැකි වුනා.

මනුදි නානායක්කාර හට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් දුවද්දී දැවී යාමකට හසුකර ගනිමින් මනුදිව දවා ගන්නා විට, ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් ලෙසයි.

තරගය පුරාවට අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 54ක් තුළ නොදැවී ලකුණු 61ක් ලබා ගැනීමට විශ්මිට හැකි වූවත්, තරගයේ වෙනසක් සිදු කිරීමට එම ඉනිම ප්‍රමාණවත් වුනේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 155ක් පමණයි. ඒ සමඟ තරගය ලකුණු 10කින් ජයගෙන තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වුනා.


Result


Sri Lanka Women U19
155/4 (20)

Bangladesh Women U19
165/2 (20)

Batsmen R B 4s 6s SR
Afia Prottasha b Rashmi Nethranjali 53 43 5 3 123.26
Misty Shaha run out (Vishmi Gunarathne) 14 24 0 0 58.33
Dilara Akter not out 36 27 3 1 133.33
Shorna Akter not out 50 28 3 2 178.57


Extras 12 (b 0 , lb 0 , nb 2, w 10, pen 0)
Total 165/2 (20 Overs, RR: 8.25)
Bowling O M R W Econ
Pamoda Shaini 4 0 41 0 10.25
Rashmi Nethranjali 4 0 30 1 7.50
Vihara Sewwandi 2 0 26 0 13.00
Vidushika Perera 4 0 20 0 5.00
Dewmi Vihanga 4 0 28 0 7.00
Dulanga Dissanayke 2 0 20 0 10.00


Batsmen R B 4s 6s SR
Nethmi Senarathna c Rabeya Khan b Marufa Akter 0 4 0 0 0.00
Sumudu Nisansala b Disha Biswas 3 8 0 0 37.50
Vishmi Gunarathne not out 60 54 8 1 111.11
Dewmi Vihanga lbw b Marufa Akter 55 44 7 2 125.00
Manudi Nanayakkara run out (Disha Biswas) 4 7 0 0 57.14
Dulanga Dissanayke b 12 3 3 0 400.00


Extras 21 (b 10 , lb 4 , nb 0, w 7, pen 0)
Total 155/4 (20 Overs, RR: 7.75)
Bowling O M R W Econ
Marufa Akter 4 0 19 2 4.75
Disha Biswas 4 0 44 1 11.00
Dipa Khatun 4 0 16 0 4.00
Reya Akter Shika 3 0 34 0 11.33
Rabeya Khan 3 0 15 0 5.00
Misty Shaha 1 0 3 0 3.00
Shorna Akter 1 0 10 0 10.00



ශ්‍රී ලංකාව සහභාගී වන අනෙක් තරගය අනිද්දා (18) ප්‍රබල ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතයි. එම තරගයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<