අනිෂ්කගේ ශතකය සාන්ත පීතර විද්‍යාලයට ජය ගෙනෙයි

384
Singer Schools U19

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරය යටතේ අද (15) තරග කිහිපයක්ම නිමාවට පත්වූ අතර ඉන් ජයග්‍රහණ හිමිකර ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් විය. අනෙක් තරග නිමාවූයේ ජය පරාජයෙන් තොරවයි.

පසුගිය ලිපි: අම්බලන්ගොඩ ධර්මාශෝකය ඉනිමක ජයක් ලබයි

සාන්ත පීතර විද්‍යාලය සහ මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය

කොළඹ සාන්ත පීතර විද්‍යාලයේදී පැවති මෙම තරගයෙන් සත්කාරකයෝ කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකර ගත්හ. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 290ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ අතර ඊට පිලිතුරු ලෙස මාරිස්ටෙලා විද්‍යාලයට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි. එබැවින් සිය දෙවැනි ඉනිමද සාන්ත පීතර ප්‍රථම ඉනිම හඹායාම සඳහා යොදාගන්නට සිදුවූ ඔවුන්ට එහිදීද ලබාගත හැකි වූයේ ලකුණු 151ක් පමණි.

එබැවින් ලකුණු 28ක ජයග්‍රාහී ඉලක්කයක් පන්දුවාර 4යි පන්දු 2ක් තුල සපුරාගත් සාන්ත පීතර ක්‍රීඩකයින් මෙම තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් හිමිකර ගන්නට සමත් විය.

සාන්ත පීතර විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 290 (පන්දුවාර 62) අනිෂ්ක පෙරේරා 100, ශලිත් ප්‍රනාන්දු 77, ලක්ෂින රොද්‍රිගෝ 68*, සචිඳු කොළඹගේ 2/22.

මාරිස්ටෙලා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 62) ලසිත් කෲස්පුල්ලේ 43, රවිඳු ප්‍රනාන්දු 36, හෂාන් ප්‍රනාන්දු 32, මොහොමඩ් අමීන් 5/35, චතුර උදේශ් 2/38.

මාරිස්ටෙලා විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 44.4) ලසිත් කෲස්පුල්ලේ 44, සචිඳු කොළඹගේ 33, මනීෂ සිල්වා 27, කෙවින් පෙරේරා 25, චතුර ඔබේසේකර 3/72, මොහොමඩ් අමීන් 4/39. 

සාන්ත පීතර විද්‍යාලය (දෙවන ඉනිම) කිසිවෙකු නොදැවී ලකුණු 29 (පන්දුවාර 4.2) සන්තුෂ් ගුණතිලක 16*, අනිෂ්ක පෙරේරා 12*.


රාජකීය විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර තරගය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් අත්පත් කරගන්නට රාජකීය විද්‍යාලය සමත් විය. අද උදෑසන තරගය ආරම්භ කරන විට කඩුලු 4කට ලකුණු 98ක් ලබාසිටි මහින්ද විද්‍යාලයට සිය ප්‍රථම ඉනිම ලකුණු 154කට සීමා කරන්නට සිදුවිය. කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් ගෝතම විශ්වජිත් කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් විය.

ලකුණු 51ක වාසියක් සමඟින් තම දෙවැනි ඉනිම ඇරඹූ රාජකීය විද්‍යාලය කඩුලු 9කට ලකුණු 101ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවන්නට තීරණය කළේය. ඒ අනුව ලකුණු 153ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ගාල්ල මහින්ද විද්‍යාලය දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 7ක් ලබා සිටියේය.

රාජකීය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 205 (පන්දුවාර 58.4) ගනිත් සන්දීප 52, කවිඳු චතුරංග 40, හිමේෂ රාමනායක 37, රිෂිකන් රවින්ද්‍රනාදන් 28, ‍රෙෂාන් කවින්ද 4/37, කවිඳු එදිරිවීර 3/64.

මහින්ද විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 45.4) රවිඳු හංසික 87, කවිඳු එදිරිවීර 24, හිමේෂ් රාමනායක 2/28, ගෝතම විශ්වජිත් 5/49.

රාජකීය විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 9ක් දැවී ලකුණු 101 (පන්දුවාර 35.4) රිෂිකන් රවින්ද්‍රනාදන් 21, ප්‍රගීත් මලින්ත 3/14, ප්‍රමීත් හංසික 3/31, කවිඳු එදිරිවීර 3/37.

මහින්ද විද්‍යාලය (දෙවන ඉනිම) කිසිවෙකු නොදැවී ලකුණු 7 (පන්දුවාර 2.2)


සාන්ත ජෝසප් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

ජය පරාජයෙන් තොරව නිමාවූ මෙම තරගයට සාන්ත ජෝසප් විද්‍යාලය සත්කාරකත්වය දැරීය. ප්‍රථම ඉනිමේදී සාන්ත ජෝසප් විද්‍යාලය ලබාගත් ලකුණු 286ට පිලිතුරු ලෙස ඩී. එස්. සේනානායක විද්‍යාලයට මුල් ඉනිමේ ලබාගත හැකි වූයේ ලකුණු 126ක් පමණක් වුවත් දෙවැනි ඉනිමේ වඩාත් ශක්තිමත්ව තරගයට අවතීර්ණ වූ ඔවුන් තරගය අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 335ක් රැස් කරගෙන සිටියහ. සේනානායක විද්‍යාලයේ ගෞරවය රැකදුන් දසුන් දෙමාෂ නොදැවී ලකුණු 114ක් රැස් කලේය.

සාන්ත ජෝසප් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 286 (පන්දුවාර 71.4) ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 86, පහන් පෙරේරා 63, ටෂාන් පෙරේරා 41, විහාන් ගුණසේකර 5/60, මුදිත ලක්ෂාන් 3/84.

ඩී.එස්. සේනානායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 126 (පන්දුවාර 38.3) දසුන් දෙමාෂ 39, ශෂික ලහිරු 28, රුචිර ඒකනායක 5/30, හිරාන් කුරේ 2/47.

ඩී.එස්. සේනානායක විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 7ක් දැවී ලකුණු 335 (පන්දුවාර 82) දසුන් දෙමාෂ 114*, ශෙෂාඩ් අමින්ද 46,  ශෂික ලහිරු 64, හරීන් කුරේ 4/80.


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිවූ මෙම තරගයට සත්කාරකත්වය ද හිමිවුනේ ඔවුන්ගෙනි. මුලින්ම පන්දුවට පහර දුන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ලකුණු 143කට සියල්ලන්ම දැවී ගිය අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කල සාන්ත සෙබස්තියන් විද්‍යාලය ලකුණු 219ක් රැස් කලේය.

බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉනිමේ ද අසාර්ථක වෙමින් ලකුණු 142කට දැවී ගිය අතර ජයග්‍රහණය සඳහා ලකුණු 67ක ඉලක්කයක් හඹා ගිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය එය කඩුලු 3ක් පමණක් දැවී පසුකර යාමට සමත් විය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 61.2) අරෝෂ මදුෂාන් 51, සාගර බණ්ඩාර 21, ශේෂාන් උදාර 5/31, අශේන් චාරුක 2/21, ඩිල්ශාන් ප්‍රමෝද් 2/31.

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 219 (පන්දුවාර 48.5) රෂ්මික මෙන්ඩිස් 71, ජෝජ් ප්‍රියශාන්ත 40, ශේෂාන් උදාර 35, ෂෝන් පේශල 33, හචිත හේමප්‍රිය 4/60, අරෝෂ මදුෂාන් 2/30, සසිරි අධිකාරි 2/19.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 47.3) අරෝෂ මදුෂාන් 55*, අශේන් චාරුක 5/32, ඩිල්ශාන් ප්‍රමෝද් 3/32, ශේෂාන් උදාර 2/43.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 3ක් දැවී ලකුණු 69 (පන්දුවාර 16.4) ෂෝන් පේශල 33.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට