“සම්පූර්ණයෙන් ගහන්න බැරි නම් අවලංගු කරන්න” කුක්

152

හිටපු එංගලන්ත ක්‍රිකට් නායක සර් ඇලිස්ටෙයාර් කුක් එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වයිරස වසංගතය නිසා එංගලන්ත කවුන්ටි ක්‍රිකට් තරගාවලිය සම්පූර්ණයෙන් පැවැත්විය නොහැකි නම් තරගාවලිය අවලංගු කර දමන ලෙසයි. 

එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය එළඹෙන මැයි 28 වැනිදා තෙක් එංගලන්තයේ හා වේල්සයේ සියලු දේශීය ක්‍රිකට් තරගාවලි නවතා දැමුවේ කොරෝනා ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙනුයි. 

“රසල් තමා අපේ ක්‍රිස් ගේල් , රසල් තමා අපේ බ්‍රයන් ලාරා” – ඩ්වේන් බ්‍රාවෝ

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වටිනාම ක්‍රීඩකයෙකු වන ඔන්ඩ්‍රේ රසල්ට සිය…

එංගලන්ත කවුන්ටි තරගාවලිය අප්‍රේල් 12 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණු අතර තරගාවලිය ආරම්භයට සෑහෙන කල් ගත වන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන විධායක ටොම් හැරිසන් පවසා සිටියා. 

“ආර්ථික වශයෙන් වැදගත් තරගවලට ප්‍රමුඛත්වය ලැබේවි” ඔහු පවසා සිටියා. එම නිසා Twenty20 බ්ලාස්ට් තරගාවලිය හා The Hundred තරගාවලිය පළමුවෙන් පැවැත්වෙනු ඇත.

පසුගිය වසරේ එසෙක්ස් කණ්ඩායම සමඟින් පළමු කාණ්ඩයේ ශූරතාව දිනූ ඇලිස්ටෙයාර් කුක් පවසා සිටින්නේ තරගාවලිය කෙටි වුනොත් එහි අගය අඩු වනු ඇති බවයි. 

“මේ වසරේ දී, මීළඟ මාසයේ හයේ දී අපි ලොකුම දේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. මොනවා වුනත් අපිට කොයි මොහොතක ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ලැබුනත්, මම බලාපොරොත්තු වෙනවා ඔවුන් තරග හයකින් සමන්විත කවුන්ටි ශූරතාවයක් ක්‍රීඩා කරන්නට සූදානම් නොවෙයි කියලා.”

එංගලන්ත නායිකාව ස්වේච්ඡාවෙන් කොරෝනා රෝගීන්ගේ සහයට

මේ දිනවල එංගලන්තය ද ඇතුළුව ලොව පුරා වේගයෙන් පැතිර යන නව කොරෝනා (COVID-19) වයිරස…

“මම හිතනවා සම්පූර්ණ තරගාවලි එකක් හෝ දෙකක් පැවැත්වීම වඩා සුදුසු වෙයි කියලා, ඒ සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කළාම ලැබෙන වටිනාකම වැඩි නිසයි.”

“තේරුමක් සහිත කවුන්ටි තරගාවලියකට ඉඩක් නැති නම්, ක්‍රීඩා කළ හැක්කේ තරග තුනක් හෝ හතරක් නම් තරගාවලිය පවත්වලා වැඩක් නැහැ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<