Home Sinhala ලෝක බලවතුන් හමුවේ ජයග්‍රහණය ශ්‍රී ලංකා බාලිකාවන්ට

ලෝක බලවතුන් හමුවේ ජයග්‍රහණය ශ්‍රී ලංකා බාලිකාවන්ට

වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලානය 2023

520
BENONI, SOUTH AFRICA - JANUARY 14: Sumudu Nisansala of Sri Lanka appeals successfully for the run out of Disha Dhingra of USA during the ICC Women's U19 T20 World Cup 2023 match between Sri Lanka and USA at Willowmoore Park B Field on January 14, 2023 in Benoni, South Africa. (Photo by Johan Rynners-ICC/ICC via Getty Images)

පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු විස්සයි විස්ස තරගයෙන්ම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා බාලිකාවන් අද (23) සමත් වුනා.

දකුණු අප්‍රිකාවේ Benoni හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇමරිකාව පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9කට ලකුණු 96ක් ලබා ගත්තා.

ඇමරිකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වූ දෙව්මි විහංගා සිය නියමිත පන්දුවාර 4 තුල නිලකුණු පන්දුවාරයක් ද සමඟ ලකුණු 11කට කඩුලු 3ක් බිඳ දැමුවා.

පළමු කඩුල්ල ලෙස Laasaya Mullapudi දවා ගත් දෙව්මි අනතුරුව Snigdha Paul සහ නායිකා Geetika Kodali දවා ගනිමින් සිය කඩුලු 3 සම්පූර්ණ කරගත්තා.

ඇමරිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභීණිය වූයේ Ritu Priya Singh. ඇය පන්දු 23ක දී ලකුණු 22ක් ලබා ගත්තා. දෙව්මි හැරුණු විට වමතින් දඟපන්දු යවන විදූෂිකා පෙරේරා ලකුණු 15කට කඩුලු 2ක් දවා ගත්තා.

ඉලක්කය හඹා යෑමේ දී පළමු කඩුල්ල ලෙස නෙත්මි සේනාරත්න මුළු ලකුණු සංඛ්‍යාව 8ක්ව තිබිය දී දැවී ගිය නමුත්, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ අංක 3 පිතිකාරිණි විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරය අවසානයේ දී ජයග්‍රහණය කරා රැගෙන ගියා. පන්දු 6ක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකාව සිය ඉලක්කය සපුරා ගන්නා විට ප්‍රතිවාදී ඇමරිකානු පන්දු යවන්නියන් දවා ගත්තේ කඩුලු 3ක් පමණයි.

Ritu Priya Singhගේ පන්දුවකට හයේ පහරක් එල්ල කළ මනුදි නානායක්කාර ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කරන විට ඇය පන්දු 31ක දී ලකුණු 32*ක් ද, නායිකා විශ්මි 4 පහර 2ක් සමඟ පන්දු 40ක දී ලකුණු 34*ක් ද ලබාගෙන සිටියා.

නායිකාවට වඩා තරමක් ප්‍රහාරාත්මක වුණු මනුදි සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් කරගත්තා.

ශ්‍රී ලංකා පළමු කඩුල්ල දැවී යෑමෙන් පසුව පිටියට පිවිසි සුමුදු නිසංසලා (ලකුණු 14) සහ විශ්මි දෙවැනි කඩුල්ලට ලකුණු 24ක් එක් කළා.

සුමුදු දැවී යෑමෙන් පසු පිටියට පිවිසි දෙව්මි ලකුණු 10කට දැවී යද්දී, විශ්මි සහ මනුදි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

Result


Sri Lanka Women U19
100/3 (19)

United States Women U19
96/9 (20)

Batsmen R B 4s 6s SR
Disha Dhingra run out (Vishmi Gunarathne) 18 26 3 0 69.23
Laasya Mullapudi lbw b Dewmi Vihanga 3 8 0 0 37.50
Anika Kolan c Nethmi Senarathna b Vihara Sewwandi 9 14 0 0 64.29
Snigdha Paul c & b Dewmi Vihanga 3 8 0 0 37.50
Isani Vaghela c & b Dulanga Dissanayke 8 12 1 0 66.67
Ritu Singh c Dewmi Vihanga b Vidushika Perera 22 23 3 0 95.65
Geetika Kodali st Sumudu Nisansala b Dewmi Vihanga 11 13 1 0 84.62
Pooja Shah lbw b Vidushika Perera 1 9 0 0 11.11
Aditiba Chudasama not out 3 3 0 0 100.00
Bhumika Bhadriraju c Vishmi Gunarathne b Rashmi Nethranjali 0 2 0 0 0.00
Sai Tanmayi Eyyunni not out 3 2 0 0 150.00


Extras 15 (b 0 , lb 1 , nb 0, w 14, pen 0)
Total 96/9 (20 Overs, RR: 4.8)
Bowling O M R W Econ
Pamoda Shaini 3 0 16 0 5.33
Rashmi Nethranjali 4 0 18 1 4.50
Vihara Sewwandi 3 0 19 1 6.33
Dewmi Vihanga 4 0 11 3 2.75
Vidushika Perera 4 0 15 2 3.75
Dulanga Dissanayke 2 0 16 1 8.00


Batsmen R B 4s 6s SR
Nethmi Senarathna c Laasya Mullapudi b Snigdha Paul 5 11 1 0 45.45
Sumudu Nisansala c Aditiba Chudasama b Bhumika Bhadriraju 14 24 0 0 58.33
Vishmi Gunarathne not out 34 40 2 0 85.00
Dewmi Vihanga st Anika Kolan b Bhumika Bhadriraju 10 8 2 0 125.00
Manudi Nanayakkara not out 32 31 1 1 103.23


Extras 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0)
Total 100/3 (19 Overs, RR: 5.26)
Bowling O M R W Econ
Snigdha Paul 3 1 2 1 0.67
Aditiba Chudasama 3 0 14 0 4.67
Bhumika Bhadriraju 4 0 17 2 4.25
Isani Vaghela 2 0 9 0 4.50
Ritu Singh 3 0 30 0 10.00
Sai Tanmayi Eyyunni 3 0 21 0 7.00
Geetika Kodali 1 0 5 0 5.00