Pandya සහ Williamson ක්‍රීඩා කරන තැන් පුහුණුකරු සනාථ කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

2308

නිමා වූ 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී නවසීලන්ත නායක Kane Williamson ඉන්දීය රුපියල් කෝටි දෙකකට සිය කණ්ඩායමට ලබා ගැනීමට Gujarat Titans කළමනාකාරිත්වයට හැකි වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ඔහු එම වටිනාකමට ලබා ගැනීමට හැකි වීම ක්‍රීඩාලෝලීන් විමතියට පත් කළ කරුණක් වූ අතර Gujarat Titans පුහුණුකරු Ashish Nehra ද එය පිළිබඳව තරමක් විමතියට පත්ව තිබුණා.

ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව Sport Star සමඟ සාකච්ඡාවකට එක් වෙමින් Nehra ප්‍රකාශ කර තිබුණේ Kane Williamson සිය කණ්ඩායමේ අංක තුන පිතිකරුවා ලෙස කටයුතු කරනු ඇති බවයි.

“ඔව් ඇත්තෙන්ම Williamson වගේ කෙනෙක් අංක තුන ස්ථානයේ පිතිකරණයට යොදවන්න බලනවා.”

එමෙන්ම කණ්ඩායමේ නායක Hardik Pandya පසුගිය තරග වාරයේ ඉදිරිපෙළ පිතිකරුවෙකු ලෙසින් කටයුතු කළ අතර Williamsonගේ පැමිණීමත් සමඟ Pandyaගේ පිතිකරණ ස්ථානය ගැන අදහස් දක්වමින් Nehra ප්‍රකාශ කළේ,

Hardik අංක තුන ස්ථානයේ පිතිකරණයට එක් වුනේ එක් වතාවක් පමණයි. ඔහු පසුගිය වසරේ වැඩි වශයෙන් පන්දුවට පහර දුන්නේ අංක 04 පිතිකරුවෙකු ලෙසයි. ඒ නිසා ඔහු අංක 04 පිතිකරුවා ලෙස කටයුතු කරයි.

අපිට ඒක එච්චර හිතන්න දෙයක් නැහැ, තරගාවලිය පටන් ගන්න තව ගොඩක් කල් තියෙනවා. අපි ඒ නිසා ඒක තරගාවලිය ලං වෙලා තීරණය කරනවා. ඒත් මම හිතන්නේ නැහැ Hardik පිතිකරණ ලැයිස්තුවේ පහළට යයි කියලා.

ඒ වගේම තරග අවසන් කරන්නෙකු කියලා දෙයක් නැහැ කියලයි මම විශ්වාස කරන්නේ. ඔබ හොඳින් අනුගත වෙලා පහර දෙනවා නම් ඔබට තරගය අවසන් කරන්න පුළුවන්. ඒ නිසා ආරම්භක පිතිකරුවෙකුට වුනත් තරග අවසන් කරන්නෙකු වෙන්න පුළුවන්,”  යැයි Nehra ප්‍රකාශ කළා.

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු 26 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<