ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට පුහුණු තරග දෙකක්

19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

240

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 16යේ පුහුණු තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිය පුහුණු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ස්කොට්ලන්තය සමඟ ජනවාරි 09 සහ 10 යන දෙදින ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරගාවලිය ජනවාරි 14 වැනිදා ආරම්භ වීමට නියමිත අතර සති දෙකක් මුළුල්ලේ පැවැත්වෙන තරගාවලිය සඳහා තරග 41ක් ඇතුළත්.

සෑම කණ්ඩායමක්ම ප්‍රධාන තරගාවලියට පෙර පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතව ඇති අතර එම පුහුණු තරග St. Stithians College, Steyn City School, Tuks Oval සහ Hammanskraal Oval යන ක්‍රීඩාංගණවල දී පැවැත්වේ.

19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ තරග කාලසටහන,

ජනවාරි 9, 2023

  • ස්කොට්ලන්තය සහ ඇමරිකාව – St Stithians College
  • ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව – Steyn City School
  • අයර්ලන්තය සහ පාකිස්තානය – Tuks Oval
  • ඉන්දුනීසියාව සහ සිම්බාබ්වේ – Hammanskraal Oval
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව – St Stithians College
  • දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය – Steyn City School
  • නවසීලන්තය සහ Rwanda – Tuks Oval
  • බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය – Hammanskraal Oval

ජනවාරි 11. 2023

  • බංග්ලාදේශය සහ ඉන්දියාව– St Stithians College
  • ඇමරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය – Steyn City School
  • එංගලන්තය සහ ඉන්දුනීසියාව – Tuks Oval
  • Rwanda සහ අයර්ලන්තය – Hammanskraal Oval
  • දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව – St Stithians College
  • ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය– Steyn City School
  • සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් – Tuks Oval
  • පාකිස්තානය සහ නවසීලන්තය – Hammanskraal Oval

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<