මෙහිදි හසන් කොදෙව් දක්ෂතා වළලා දමයි

143
Bangladesh cricketer Mehidy Hasan (C) acknowledges as he takes six wickets during the third day of the second Test cricket match between Bangladesh and West Indies at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on December 2, 2018. (Photo by MUNIR UZ ZAMAN / AFP)

බංග්ලාදේශයේ 21 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන මෙහෙදි හසන් ඉදිරියේ තම සියලු දක්ෂතා හකුලාගත් බටහිර ඉන්දීය කොදෙව්වෝ දෙරට අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 184ක පරාජයක් ලබා තරගාවලියේ දී 0-2ක පරාජයක් ද ලැබූහ.

බටහිර ඉන්දීය කොදෙව්වෝ පළමු තරගයේ දී ලකුණු 64ක පරාජයක් ලැබූ අතර මෙම තරගයේ විසඳුම තවත් දින දෙකක් ඉතිරිව තිබිය දී ම ලැබුණි.

ඕස්ට්‍රේලියානුවෝ සිව්වැනි වතාවටත් T20 ලෝක ශූරියන් වෙයි

ඇන්ටිගුවා හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී අද (25) නිමා වූ 2018/19….

මෙහිදි හසන් නිමා වූ මෙම තරගයේ දී ලකුණු 117කට කඩුලු 12ක් දවා ගනිමින් තම ටෙස්ට් තරග දිවියේ තරගය හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය.

මිර්පුර් හි දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 508ක් ලබා ගත්හ. ඉනිමේ ශතක ලාභියා වූයේ මහමුදුල්ලා ය. ඔහු පන්දු 242කට මුහුණ දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 136ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් ද වාර්තා පොත් සැරසුවේ ය.

මහමුදුල්ලා සහ නායක සකිබ් අල් හසන් එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් එක් කෙරුණ අතර එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය. සකිබ් අල් හසන් පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව ආරම්භක පිතිකරු ශද්මන් ඉස්ලාම් පන්දු 199කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේ ය. ලිටන් දාස් ද ලකුණු 54ක් ලබා ගත්තේ ය. ඔහු පන්දු 62කට මුහුණ දුන් අතර හතරේ පහර 8ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.

පන්දු යැවීමේ දී කෙමර් රොච්, ජොමෙල් වොරිකන්, දේවේන්ද්‍ර බිශූ සහ ක්රෙග් බ්‍රැත්වේට් කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 111ක් පමණි. එම ඉනිම විනාශ කිරීමේ දී පෙරමුණ ගත්තේ මෙහෙදි හසන් ය. ඔහු ලකුණු 58කට කඩුලු 7ක් දවා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ද විය. ඔහුට අමතරව සකීබ් අල් හසන් ද කඩුලු 3ක් දවා ගත්තේ ය.

අසේල ගුණරත්නත් අවුරුදු 23 ක්‍රීඩකයන්ගේ ගොඩට

මෙම මස 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ දී ….

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ශිම්රන් හැට්මයර් ය. ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේ ය. ඔහු සහ ශේන් ඩව්රිච් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවක් ගොඩ නැගූහ. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූ අතර ඩව්රිච් පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේ ය.

ලකුණු 397ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඒ හා සමඟම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ නැවත වතාවක් අමාරුවේ දැමීමට මෙහෙදි හසන් කටයුතු කළේය. එවර ඔහුගේ දක්ෂතාව ලකුණු 59කට කඩුලු 5කි.

එවර කොදෙව් ඉනිම වෙනුවෙන් එක් අර්ධ ශතකයක් වාර්තා වූ අතර එය ශිම්රන් හැට්මයර් සතු විය. ඔහු පන්දු 93කට මුහුණ දුන් අතර හතරේ පහරක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම වූ අතර තෙවැනි අර්ධ ශතකයයි.

ඔහුට අමතරව කෙමර් රොච් නොදැවී ලකුණු 37ක් ලබා ගත්තේ ය.

තරගයේ වීරයා ලෙසින් බංග්ලාදේශයේ මෙහෙදි හසන් නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා ලෙසින් බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් නම් කෙරුණි.

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 508 (154) ශද්මන් ඉස්ලාම් 76, මොමිනුල් හක් 29, මොහොමඩ් මිතුන් 29, සකීබ් අල් හසන් 80, මහමුදුල්ලා 136, ලිටන් දාස් 54, තයිජුල් ඉස්ලාම් 26, කෙමාර් රෝච් 61/2,  ජොමෙල් වොරිකන් 91/2, දේවේන්ද්‍ර බිශූ 109/2, ක්රෙග් බ්‍රැත්වේට් 57/2

බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 111 (36.4) ශිම්රන් හැට්මියර් 39, ශේන් ඩව්රිච් 37, මහෙදි හසන් 58/7, සකීබ් අල් හසන් 27/3

බටහිර ඉන්දීය කොදෙව්; දෙවැනි ඉනිම සියලුදෙනා දැවී 213 (59.2) ශායි හෝප් 25, ශිම්රන් හැට්මියර් 93, කෙමාර් රෝච් නොදැවී 37, ශර්මන් ලෙවිස් 20, මෙහෙදි හසන් 59/5, තයිජුල් ඉස්ලාම් 40/3

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<