චමරි ඇතුළු Falcons ක්‍රීඩිකාවන් අනුශූරතාවයට

FairBreak Invitational Tournament 2022

1080

FairBreak Invitational විස්සයි විස්ස ලීග් තරගාවලියේ ඊයේ (15) පැවති අවසන් මහා තරගයෙන් Falcons ක්‍රීඩිකාවන් කඩුලු 5කින් පරදවා ශූරතාවය දිනා ගැනීමට Tornadoes ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Tornadoes නායිකාවගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Falcons ක්‍රීඩිකාවන් හට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගත හැකි වුනේ ලකුණු 152ක් පමණයි.

Tornadoes නායිකාවගේ තීරණයට සාධාරණයක් ඉටු කළ Chanida Sutthiruang මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකාරිණියන් දෙදෙනෙකු වන චමරි අතපත්තු සහ Danni Wyatt පිළිවෙළින් ලකුණු 9කට සහ 11කට පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනා.

එම දැවී යාමෙන් පසුව Falcons මුල්පෙළ පිතිකාරිනියන්ට දැඩි පීඩනයක් එල්ල කළ Tornadoes ක්‍රීඩිකාවන් Falcons මුල් කඩුලු 4 පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 59ක් වන විටයි.

නමුත් ඉන්පසු පිටියේ එක්වූ Mariko Hill සහ Marizanne Kapp පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 93ක් නොබිදුණු සම්බන්ධතාවක් පිහිටුවමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නැංවීමට සමත් වූ අතර Marizanne Kapp නොදැවී ලකුණු 67ක් සහ Mariko Hill නොදැවී ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Tornadoes කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 76ක සම්බන්ධතාවක් පිහිටුවීමට Sophie Devine සහ Sterre Kalis සමත් වූ අතර පළමු කඩුල්ල ලෙස Sophie Devine දැවී යන විට ලකුණු 51ක් රැස් කර සිටියා.

ලකුණු 44ක් ලබා ගත් Sterre Kalis දෙවැනි කඩුල්ල ලෙස දැවී යාමෙන් අනතුරුව පිටියෙහි එක්වූ Stafanie Taylor නොදැවී ලබා ගත් ලකුණු 34 සහ Sune Luus නොදැවී ලබා ගත් ලකුණු 18 නිසාවෙන් කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට ඔවුන්ට හැකි වුනා.

  • Falcons Women: 152/4 (20) – Marizanne Kapp 67*, Mariko Hill 30*, Chanida Sutthiruang 2/19
  • Tornadoes Women: 154/2 (19.1) – Sophie Devine 51, Sterre Kalis 44, Stafanie Taylor 34*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<