චමරි අතපත්තුට නව කණ්ඩායමක්

කාන්තා කැරිබියන් ලීග් තරගාවලිය 2022

353

පළමු වරට සංවිධානය කරන කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ කාන්තා අදියරේ Guyana Amazon Warriors සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ගිවිසුම් ගතව තිබෙනවා.

කාන්තා ලීග් පිටියේ කණ්ඩායම් නියෝජනය කළ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව චමරි අතපත්තු වන අතර ඇයට අමතරව තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන සහ උදේශිකා ප්‍රබෝධනී ලීග් තරගාවලිවලට සහභාගී ව තිබෙනවා.

මෑත කාලයේ කාන්තා ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන ප්‍රවේගකාරී පිතිකාරිණියක් වන චමරි අතපත්තු කාන්තා ලීග් තරග පිටියේ තරගාවලි සියල්ලටම පාහේ තේරී පත්වීම විශේෂත්වයක්.

කාන්තා කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර වන මෙය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 01 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර Guyana Amazon Warriors කණ්ඩායමේ නායකත්වය දරන්නේ කොදෙව් නායිකා Stafanie Taylor විසිනුයි.

තරගාවලියට නම් කළ නිල සංචිත,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<