Pandyaට සමාජ මාධ්‍ය වාර්තාවක්

203
Hardik Pandya becomes youngest cricketer

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Instagram හී අනුගාමිකයින් (followers) මිලියන 25 පසු කළ ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandyaට හැකිව තිබෙනවා.

මෙය ඔහුගේ මාධ්‍ය වටිනාකම පිළිබඳ හොඳ උදාහරණයක් වන අතර ඔහුගේ අනුගාමිකයින් ගණන ලොව ප්‍රසිද්ධ ක්‍රීඩකයින් වන Rafael Nadal, Roger Federer, Max Verstappen සහ Erling Haaland යන ක්‍රීඩකයින්ට වඩා වැඩි අගයක් ගැනීම කැපී පෙනෙනවා.

“මට දක්වන ආදරයට මගේ ප්‍රේක්ෂකයින් හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. හැම ප්‍රේක්ෂකයෙක් ම මට ගොඩක් වැදගත්. ඉතින් මම ඒ හැමෝටම ස්තුති කරන්න කැමතියි වසර ගණනාවක් මට දුන්න ආදරයට සහ සහයෝගයට,” යැයි Hardik ප්‍රකාශ කළා.

ඉන්දීය කණ්ඩායමට විශාල සේවාවක් සපයන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Hardik Pandya ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස ද අවස්ථා ගණනක දී කටයුතු කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<