විනය කඩකිරීමක් නිසා ජෙෆ්රි වැන්ඩර්සේව නැවත ගෙදර එවයි

3310

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගයට පෙර නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියෙකු ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමේ තිබූ විනය කරුණු කඩ කළ නිසා ඔහු නැවත ශ්‍රී ලංකාවට එවූ බවයි.

අභියාචනාව විසි වේ; චන්දිමාල්ට තෙවැනි තරගයට දොර වැසේ

දිනේෂ් චන්දිමාල් විසින් යොමු කළ අභියාචනාව පරාජය වීම නිසා ඔහු හට ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (23) බාබඩෝස් හිදී…..

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වයේ දැනුම්දීම පරිදි, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි සංචාරයේ නිරතව සිටි ජෙෆ්රි වැන්ඩර්සේ නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරණය කළා, ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සිය ගිවිසුමේ විනය කොන්දේසි කඩ කළ නිසයි ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.”

Cricbuzz වෙබ් අඩවියට වාර්තා වී ඇති පරිදි දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනයට පසුව ක්‍රීඩකයින් තිදෙනෙක් සාන්ත ලුසියා හි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති අතර පසුදා උදයේ වැන්ඩර්සේ සිය හෝටල් කාමරයේ නොසිටි නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය සාන්ත ලුසියා පොලිසියට පැමිණිලි කර තිබෙන බවයි.  

කෙසේ වෙතත් පැය කිහිපයකට පසුව ඔහු නැවත ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයට පැමිණ ඇති අතර ඔහු පවසා ඇත්තේ අනෙක් ක්‍රීඩකයින් තමන් තනිකර රාත්‍රියේ නැවත හෝටලයට පැමිණ ඇති බවත් ඔහුට රාත්‍රියේ පාර සොයාගත නොහැකිවූ නිසා තමන් අතරමන් වූ බවත්ය.   

වැන්ඩර්සේ හට මීට පෙරත් විනය කරුණු පිළිබඳ චෝදනා එල්ල වූ අතර පසුගිය වසරේ ඉන්දියා සංචාරයට ප්‍රථම දේශීය තරග මග හැරීම නිසා ද ඔහුට අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදි.

චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ චෝදනා පිළිගනී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ මහතා ඔවුන් අතින්……

කැරීබියානු සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම අහිමි වූ අතර ඇන්ජෙලෝ මැතිව්ස් පෞද්ගලික කාරණාවක් මත නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ලහිරු ගමගේ ද ආබාධයකට ලක්විය.

දෙවන ටෙස්ට් තරගයේ දී ‘පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ’ වරදට ශ්‍රී ලංකා නායක චන්දිමාල් වරදකරු වූ අතර එම නිසා ඔහුට තෙවන ටෙස්ට් තරගය තහනම් විය. පුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු අසංක ගුරුසිංහට ද ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීමේ වරදට චෝදනා එල්ල විය.

ICC අධිකරණ නිලධාරි ලෙස පත්වූ බෙලොෆ් මහතා ඊයේ (22) චන්දිමාල්ගේ ‘පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ’ චෝදනාව පිළිබඳ අභියාචනාව ප්‍රතික්ෂේප කළ අතර ජූලි 10 වැනිදා ශ්‍රී ලංකා පුහුණුකරු, කළමනාකරු හා නායකයාට එල්ල වූ ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීමේ චෝදනාව පිළිබඳ විභාගය පැවත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<