Home Sinhala එක්දින සංග්‍රාමයේ ජය තර්ස්ටන් විද්‍යාලයට

එක්දින සංග්‍රාමයේ ජය තර්ස්ටන් විද්‍යාලයට

43 වැනි සහෝදරයින්ගේ එක්දින ක්‍රිකට් සංග්‍රාමය 2023

666

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වූ 43 වැනි සහෝදරයින්ගේ එක්දින ක්‍රිකට් තරගය කඩුලු හතරකින් ජයග්‍රහණය කිරීමට තර්ස්ටන් ක්‍රීඩකයින් සමත් වුනා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ඉසිපතන කණ්ඩායමට ආරාධනා කළා.  

එම ආරාධනාවෙන් පිටියට පිවිසි ඉසිපතන කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 39ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් පසු ආරම්භක පිතිකරු තරූෂ නෙත්සර ලකුණු 15කට දැවී ගියා.  

නායක නවීන් කණිෂ්ක ලකුණු 19කට දවා ගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයින්ට හැකි වෙද්දී, ලකුණු 44ක් ලබා සිටි තරුෂ්ක අශෙල් දැවී යන විට ඉසිපතන ලකුණු පුවරුව දිස් වුනේ කඩුලු 3ක් දැවී ලකුණු 77ක් ලෙසයි.  

ඉසිපතන ලකුණු පුවරුව 116ක් වන විට පළමු කඩුලු 5ම පිටියෙන් ඉවත් කිරීමට තර්ස්ටන් පන්දු යවන්නන්ට හැකි වූ අතර සිතුක ගුණවර්ධන ලකුණු 12ක් සහ යුනෙත් සෙනවිරත්න ලකුණු 16ක් ලබා ගත්තා. 

ඉසිපතන ඉනිමට තරමක ජීවයක් ගෙන දෙමින් තේමිය නෙත්මික නොදැවී ලබා ගත් ලකුණු 44 සහ ලෙසඳු කල්පගේ ලබා ගත් ලකුණු 22 නිසා පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින්ට හැකි වුනා. 

ලකුණු 204ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පළමු කඩුල්ල ලෙස කවිඳු ප්‍රභාත් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට යෙසිත් කළුපහනට හැකි වුනා. ලකුණු 34ක් ලබා ගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ තනුග රාජපක්ෂ දවා ගැනීමට සිතුක ගුණවර්ධනට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 68ක් වන විටයි. 

තර්ස්ටන් ලකුණු පුවරුව 89ක් වන විට ලකුණු 34ක් ලබා සිටි ශානික්‍ය දේශප්‍රිය දුවද්දී දැවී යාමකට හසු වෙමින් අවාසනාවන්ත ලෙස දැවී ගියේ තරගය දෙපිලටම විවර කරමිනුයි 

නමුත් ඉන්පසු පිටියේ එක් වූ තේනුක දේවප්‍රිය සහ විහස් තෙව්මික සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 63ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වූ අතර විහස් තෙව්මික ලකුණු 44ක් ලබා ගත්තා.  

පන්දු 58කට මුහුණ දෙමින් තේනුක ලබා ගත් ලකුණු 32 සහ නවිඳු ප්‍රනාන්දු නොදැවී ලබා ගත් ලකුණු 28 නිසා තර්ස්ටන් ක්‍රීඩකයින් පන්දුවාර 43.5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.  

Result


Thurstan College
204/6 (43.5)

Isipathana College
203/9 (50)

Batsmen R B 4s 6s SR
Tharusha Nethsara lbw b Kavinda Prabath 15 23 1 0 65.22
Naveen Kanishka run out (Azeem Mohomed) 19 32 3 0 59.38
Tharushka Ashel lbw b Thanuga Palihawadana 44 65 4 0 67.69
Yesith Kalupahana c Shanikiya Deshapriya b Azeem Mohomed 11 30 0 0 36.67
Sithuka Gunawardane st Shanikiya Deshapriya b Azeem Mohomed 12 27 1 0 44.44
Yuneth Senevirathne c Vihas Thewmika b Thanuga Palihawadana 16 39 0 0 41.03
Themiya Gunarathne not out 44 58 2 1 75.86
Kevin Samuel lbw b Vihas Thewmika 1 3 0 0 33.33
Lesandu Kalpage run out (Duvindu Nishan) 22 17 1 1 129.41
Shenal Dilaka run out (Duvindu Nishan) 1 5 0 0 20.00
Sahan Viraj not out 4 5 0 0 80.00


Extras 14 (b 0 , lb 1 , nb 4, w 9, pen 0)
Total 203/9 (50 Overs, RR: 4.06)
Bowling O M R W Econ
Vishwa Dhananjaya 3 0 17 0 5.67
Duvindu Nishan 6 0 51 0 8.50
Vihas Thewmika 10 0 34 1 3.40
Kavinda Prabath 10 1 27 1 2.70
Azeem Mohomed 9 1 27 2 3.00
Thanuga Palihawadana 10 0 38 2 3.80
Ushan Imesh 2 0 8 0 4.00


Batsmen R B 4s 6s SR
Kavinda Prabath lbw b Yesith Kalupahana 0 13 0 0 0.00
Thanuja Rajapaksha lbw b Sithuka Gunawardane 34 51 4 1 66.67
Shanikiya Deshapriya run out (Themiya Gunarathne) 34 37 4 0 91.89
Thenuka Dewappriya c Yuneth Senevirathne b Sahan Viraj 32 58 2 0 55.17
Vihas Thewmika lbw b Yesith Kalupahana 44 46 5 0 95.65
Navidu Fernando not out 28 35 2 0 80.00
Ushan Imesh lbw b Sahan Viraj 10 22 1 0 45.45
Thanuga Palihawadana not out 2 1 0 0 200.00


Extras 20 (b 2 , lb 7 , nb 0, w 11, pen 0)
Total 204/6 (43.5 Overs, RR: 4.65)
Bowling O M R W Econ
Sahan Viraj 8.5 1 37 2 4.35
Kevin Samuel 3 0 13 0 4.33
Yesith Kalupahana 9 1 41 2 4.56
Sithuka Gunawardhana 9 0 39 1 4.33
Shenal Dilaka 4 0 19 0 4.75
Tharushka Ashel 4 0 17 0 4.25
Lesandu Kalpage 2 0 7 0 3.50
Naveen Kanishka 2 0 7 0 3.50
Themiya Nethmika 2 0 15 0 7.50



පාසල් ක්‍රිකට් පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරග උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<