දිනෙත්, මිරංග සහ අවිශ්ක ශතක රැස් කරයි

123

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ දෙදින සුපිරි 16 වටයේ තරග අතුරින් අද (25) දින නිමා වූ තරගයක දී සාන්ත ජෝසප් විද්‍යාලයේ දිනෙත් ජයකොඩි, මිරංග වික්‍රමගේ  සහ නාලන්දා විද්‍යාලයේ අවිශ්ක පෙරේරා ශතක වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුනි. 

කාවින්ද ද මෙල් වේල්ස් කුමරුවන් ගොඩ දමයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ…

මේ අතර අද දින නිමා වූ තරග අතුරින් කැළණිය ගුරුකුල විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනුනි. ඒ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව වැඩි ප්‍රසාද ලකුණු හිමිකර ගනිමිනි. 

ඊට අමතරව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය ද අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට අද දිනයේ සුදුසුකම් ලබා ගත්හ. 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය 

ගල්කිස්සේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ප්‍රසාද ලකුණු ලබා ගැනීම අනුව ඉදිරියෙන් සිටි ගුරුකුල ක්‍රීඩකයෝ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්හ. 

සාන්ත තෝමසුවන් තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 322ක් රැස්කර ගත් අතර ප්‍රතිවාදී ගුරුකුල ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 228ක් රැස්කර ගැනීමට සමත් වූහ.

එහිදී ප්‍රවීන් නිමේෂ් පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 72ක් රැස්කර ගත්තේය. ඊට අමතරව ඔහු ලික්ෂාන් සසංග (25) සමඟ එක්වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ද සුමිත් චාමර (නොදැවී 33) සමඟ එක්වෙමින් 7 වැනි කඩුල්ලට නොදැවුන ලකුණු 58ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක වීම කැපී පෙනුනි. 

සාන්ත තෝමස් විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 95ක දී කඩුලු 8ක් දැවී 290) කඩුලු 9ක් දැවී 322 (109.3) ශලින්ද මෙල් 71, ඩිල්මින් රත්නායක 48, රයන් ප්‍රනාන්දු 37, කිශාන් මුණසිංහ 22, මනීෂ රූපසිංහ 20, තෙවින් ඊරියගමුව 29, යසිරු රොද්‍රිගෝ නොදැවී 50, මනීෂ රූපසිංහ 20,  තුෂාර මධුශාන් 2/48, රිශිත සංකල්ප 3/51. 

ගුරුකුල විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 6ක් දැවී 228 (78) ප්‍රවීන් නිමේෂ් නොදැවී 72, 116 8  සිතිජ චමෝද් 38, දිලිප් චාමර නොදැවී 33, රශ්මික මෙවන් 28, ලික්ශාන් සසංග 25, ඩිරේන් ද සිල්වා 3/72. 

Photos: S. Thomas’ College Vs Gurukula College | Pre QF | U19 Cricket Tournament 2019/20

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කඳාන ද මැසනොඩ් විද්‍යාලය 

මහනුවර දී පැවති මෙම තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණය හිමිකර ගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. 

ත්‍රිත්ව විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 206 (56.2) රනුද සෝමරත්න 66, ශේන් ගුණතිලක 65, රුවින් පීරිස් 21, සෙනාශ් ප්‍රනාන්දු 4/55, අසිත සිල්වා 3/53, සිතුම් ප්‍රනාන්දු 2/23. සහ දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 137 (46) අභිශේක් බණ්ඩාර 46, ශේන් ගුණතිලක 23, දීමන්ත බණ්ඩාර නොදැවී 21, සිතුම් ප්‍රනාන්දු 4/54. අසිත සිල්වා 2/24, සෙනාශ් ප්‍රනාන්දු 2/38. 

ද මැසනොඩ් විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 28ක දී කඩුලු 3ක් දැවී 70) සියලු දෙනා දැවී 174 (70.1) රුවින් ෆොන්සේකා 35, නිම්න ප්‍රනාන්දු 36, අශේන් සිල්වා 22, උවිඳු විමලධර්ම 5/29, අභිශේක් ආනන්දකුමාර් 3/46. 

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

මොරටුවේ දී පැවති මෙම තරගයේ දී නාලන්දා විද්‍යාලය අර්ධ අවසන් පුර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේය. 

නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ආරම්භක දකුණත් පිතිකරු නායක අවිශ්ක පෙරේරා පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 117ක් රැස්කර ගත්තේය. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 225 (70) දුනිත් ජයතුංග 59, සුකිත ප්‍රසන්න 48, ඉඳුවර ද අල්විස් 38, බිහඟ මෙන්ඩිස් 21, රවීන් ද සිල්වා 5/68, මහීම වීරකෝන් 3/15. සහ දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 108 (22) දුනිත් ජයතුංග නොදැවී 74, සුකිත ප්‍රසන්න 23. 

නාලන්දා විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 19ක දී කිසිවෙකු නොදැවී 98) සියලු දෙනා දැවී 305 (90.2) අවිශ්ක පෙරේරා 117, රවිඳු ද සිල්වා 88, රනිඳු ද සිල්වා 54, නදීර ප්‍රනාන්දු 6/49, ඉඳුවර ද අල්විස් 2/51.  

තර්ස්ටන්-ඉසිපතන “සහෝදරයන්ගේ සංග්‍රාමය” මේ සති අන්තයේ දී

ශ්‍රී ලංකාවට “Big Match වසන්තය” කැන්දන කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 57…

අද දිනයේ ආරම්භ වූ තරග 

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය 

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 450ක් රැස්කර ගත්හ. 

එම ඉනිම වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වූ අතර දිනෙත් ජයකොඩි පන්දු 142කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 131ක් රැස්කර ගත්තේය. දිනය අවසන් වන විට මිරංග වික්‍රමගේ පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 126ක් රැස්කර ගෙන සිටියේය. 

පන්දු යැවීමේ දී රිසිත පෙරේරා ලකුණු 71කට කඩුලු 5ක් දවා ගත්තේය. 

සාන්ත ජෝසප් විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 9ක් දැවී 450 (95) දිනෙත් ජයකොඩි 131, දුනිත් වෙල්ලාලගේ 62, සදීශ ජයවර්ධන 65, මිරංග වික්‍රමගේ නොදැවී 126, අශේන් ඩැනියෙල් 22, රිසිත පෙරේරා 5/68, පසිඳු තෙන්නකෝන් 2/101, කවිඳු රණසිංහ 2/125. 

කොළඹ මහානාම විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය 

කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 256ක් රැස්කර ගත්හ.

එම ඉනිම වෙනුවෙන් තවීශ අභිශේක සහ දිමුත් සඳරුවන් අර්ධ ශතක වාර්තා කර ගත්හ. 

රිච්මන්ඩ් විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 5ක් දැවී 256 (95) තවීෂ අභිෂේක් 77, දිමුත් සඳරුවන් 59, කවිඳු නිර්මාන 45, භානුක මනෝහර 33, දිලුම් සුධීර 25, දේවින්ද කැකිරිදෙණිය 3/45. 

වසර 4කට පසුව නිකිත ග්‍රේරෝ අභියෝගතා ශූරතාවය පානදුරට

මෙරට පිහිටි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසල් සමූහයක් වන ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය…

කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය 

කොළඹ සහිරා විද්‍යාලයීය පිටියේ දී අද දින ආරම්භ වූ මෙම සුහද කාණ්ඩයේ තරගයේ දී හසිඳු කවිරත්න සහ මොහොමඩ් ශමාස් අර්ධ ශතක වාර්තා කර ගැනීම කැපී පෙනුනි.  

සාන්ත බෙනඩික් විද්‍යාලය : සියලු දෙනා දැවී 216 (47.1) හසිඳු කවිරත්න 54, ශෙහාන් ප්‍රනාන්දු 39, කවිරු පෙරේරා 36, යොහාන් සොයිසා 26, අශේන් ද සොයිසා 21, මොහොමඩ් ශමාස් 4/57, ඉම්තියාස් ස්ලාසා 3/61. 

සහිරා විද්‍යාලය : පළමු ඉනිම කඩුලු 5ක් දැවී 157 (45) මොහොමඩ් ශමාස් 70, ඉම්තියාස් ස්ලාසා 41, මොහොමඩ් අදීල් 20, ඔනිල බරුශ 2/28. 

අද දින ආරම්භ වූ මෙම තරග හෙට (26) දින දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<