ගැරත් බේල් ගොල්ෆ් පිටියට

141
NEWPORT, WALES - JULY 04: Footballer Gareth Bale seen during the annual Celebrity Cup golf tournament at Celtic Manor Resort on July 4, 2015 in Newport, Wales. The Celebrity Cup sees celebrities from England, Wales, Ireland and Scotland competing against each other. (Photo by Matthew Horwood/Getty Images)

පසුගිය දා පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත් වේල්ස් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ගැරත් බේල් වෘත්තීය ගොල්ෆ් තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කරන බව වාර්තා වනවා.

එළඹෙන මාසයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත AT&T Pebble Beach Pro-Am තරගාවලියට ඔහු සහභාගී වන බව බේල් පවසනවා. ඊයේ (24) සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඊළඟ මාසය ආරම්භයේ දී මම AT&T Pebble Beach Pro-Amහි ක්‍රීඩා කරන බව ඉතා සතුටින් දැනුම් දෙනවා. අපි යමු!”, ඔහු එසේ සඳහන් කොට තිබුණා.

රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟින් පස් වරක් ශූරයන්ගේ කුසලාන දිනා ඇති ගැරත් බේල් බොහෝ කලක සිට ගොල්ෆ් ප්‍රේක්ෂකයකු සහ ප්‍රදර්ශනාත්මක තරග ක්‍රීඩා කරන්නෙකු වුනා.

එළඹෙන ගොල්ෆ් තරගාවලියට ආධුනික ක්‍රීඩකයන් 156 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<