ඩොලර් මිලියන 8.76ක් බෙදා දෙන 10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හෙට (12) එංගලන්තයේ දී සහ වේල්සයේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා පළමු වරට කණ්ඩායම් 12ක් එක් වෙනවා.
ඒ අනුව සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ 2024 වසරේ පැවැති තරගාවලියන් හි දී ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථාන 5ට පත් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සෘජුව ම මෙවර තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්තා. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ ඒ වෙද්දී ජාත්‍යන්තර ශ්‍රේණීගත කිරීම් අනුව 7 වැනි සහ 8 වැනි ස්ථානවලට පත් වෙමිනුයි.
ඊට අමතර ව 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට තේරී පත් වූ බංග්ලාදේශය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය ද මෙවර තරගාවලිය සඳහා එක් කර ගන්නවා. ඔවුන් කාණ්ඩයකට කණ්ඩායම් 6ක් ලෙසින් කාණ්ඩ ද්විත්වයක් යටතේ තරගාවලියට එක් වෙනවා.
Group 1
ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, නෙදර්ලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව
Group 2
එංගලන්තය, අයර්ලන්තය, නවසීලන්තය, ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්
මෙවර තරගාවලිය තරග 33කින් යුක්ත වන අතර එම තරග ක්‍රීඩාංගණ 7ක දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පළමු වටයේ තරග හෙට සිට ජුනි මස 28 වැනිදා පැවැත්වෙනවා. ජුනි මස 30 වැනිදා සහ ජුලි මස 2 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරග London හී The Oval ක්‍රීඩාංගණයේ දී සහ ජුලි මස 5 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය London හී ඓතිහාසික Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලියන් හි දී වැඩිම වාර ගණනක දී ශූරියන් වී ඇත්තේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් 2010, 2012/13, 2013/14, 2018/19, 2019/20 සහ 2022/23 යන කාල වකවානුවන් 6 දී ඊට හිමිකම් කියනවා.
ඊට අමර ව එංගලන්තය 2009 වසරේ ද, බටහිර ඉන්දීය කොදෙව්වෝ 2015/16 වසරේ දී ද සහ නවසීලන්තය 2024/25 ආසන්නත ම වසරේ ද ශූරියන් බවට පත් වෙනවා.
| එක් එක් රටවල ලෝක කුසලාන තරග ගමන් මඟ | ||||||||
| Team | Span | Mat | Won | Lost | Tied | NR | %W | |
| 1 | ඕස්ට්‍රේලියාව | 2009 – 2024 | 49 | 39 | 9 | 1 | 0 | 81.63 |
| 2 | එංගලන්තය | 2009 – 2024 | 42 | 31 | 10 | 1 | 0 | 73.80 |
| 3 | නවසීලන්තය | 2009 – 2024 | 42 | 29 | 13 | 0 | 0 | 69.04 |
| 4 | බ.ඉ. කොදෙව් | 2009 – 2024 | 39 | 23 | 16 | 0 | 0 | 58.97 |
| 5 | ඉන්දියාව | 2009 – 2024 | 40 | 22 | 18 | 0 | 0 | 55.00 |
| 6 | දකුණු අප්‍රිකාව | 2009 – 2024 | 39 | 18 | 21 | 0 | 0 | 46.15 |
| 7 | ශ්‍රී ලංකාව | 2009 – 2024 | 35 | 10 | 25 | 0 | 0 | 28.57 |
| 8 | පාකිස්තානය | 2009 – 2024 | 36 | 9 | 26 | 0 | 1 | 25.71 |
| 9 | බංග්ලාදේශය | 2014 – 2024 | 25 | 3 | 22 | 0 | 0 | 12.00 |
| 10 | අයර්ලන්තය | 2014 – 2024 | 17 | 0 | 17 | 0 | 0 | 0.00 |
| 11 | ස්කොට්ලන්තය | 2024 – 2024 | 4 | 0 | 4 | 0 | 0 | 0.00 |
| 12 | තායිලන්තය | 2020 – 2020 | 4 | 0 | 3 | 0 | 1 | 0.00 |
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්
213/5 (20.0) : කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ එංගලන්ත කණ්ඩායමයි. ඔවුන් එම දක්ෂතාව සිදු කරන්නේ 2023 වසරේ දි Cape Town හි දී පාකිස්තානය සමඟ තරගයකදීයි.
46/10 (14.4) : කණ්ඩායමක් වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමෙන්. ඔවුන් මේ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්නේ 2018 වසරේ දී Providence හි දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේයි.
354 : කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙන්නේ ඉන්දියාව සහ නවසිලන්තය අතර 2018 වසරේ දී Providence හි දී පැවැති තරගයේදීයි.
92 : කණ්ඩායම් ද්විත්වයක් අතර වාර්තා වූ අඩු ම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරීත්වය ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සතු වෙනවා. ඔවුන් මේ අවස්ථාවට මුහුණ දෙන්නේ 2012 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
114 runs : කණ්ඩායමක් ජයග්‍රහණය කළ ඉහළ ම ලකුණු පරාසය වන්නේ පාකිස්තානයට එරෙහි ව එංගලන්ත ක්‍රීඩිකාවෝ 2023 වසරේ දී Cape Town හි දී ලත් ජයග්‍රහණයයි.
24 : තරගයක දී කණ්ඩායමකට වැඩිම අතිරේක ලකුණු ප්‍රමාණයක් හිමි වෙන්නේ ශ්‍රී ලංකාවටයි. ඒ 2018 වසරේ දී Gros Islet හි දී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙතිනුයි.
- කුමරියන්ගේ මංගල කුසලානය ලින්ඩ්සේ බාලිකාවන්ට
- ලෝක කුසලානයේ කැපී පෙණෙන පිතිකාරිනියෝ
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
1216 : මෙතෙක් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩිකාව වෙන්නේ නවසීලන්තයේ Suzie Bates.
| ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභිනීන් 5 දෙනා | ||||||||||
| Player | Span | M | In | NO | Runs | HS | Ave | 100 | 50 | |
| 1 | Suzie Bates (NZ) | 2009-2024 | 42 | 42 | 3 | 1216 | 94* | 31.17 | 0 | 8 |
| 2 | Stafanie Taylor (WI) | 2009-2024 | 35 | 35 | 8 | 1014 | 59 | 37.55 | 0 | 6 |
| 3 | Alyssa Healy (AUS) | 2010-2024 | 39 | 39 | 4 | 1008 | 83 | 28.80 | 0 | 7 |
| 4 | Meg Lanning (AUS) | 2012-2023 | 32 | 32 | 7 | 992 | 126 | 39.68 | 1 | 4 |
| 5 | Sophie Devine (NZ) | 2009-2024 | 37 | 37 | 7 | 785 | 75* | 26.16 | 0 | 4 |
126 : මෙතෙක් ක්‍රීඩිකාවක විසින් ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරීත්වය සතු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Meg Lanning වෙතයි. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2014 වසරේ දී Sylhet හි දී අයර්ලන්තයට එරෙහිවයි.
8 : ලකුණු 50කට වැඩියෙන් ලබා ගත් වැඩිම අවස්ථාවන් ගණනක් වාර්තා කරන්නේ නවසීලන්තයේ Suzie Bates.
31x 6s : වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩිකාව වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් හී Deandra Dottin.
132x 4s : වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩිකාව වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Alyssa Healy.
96 : ඉනිමක දී හතරේ පහර සහ හයේ පහර මඟින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව බවට පත් වෙන්නේ Meg Lanning.
259 : එක් තරගාවලියක දී වැඩිම ලකුණු වාර්තා කළ ක්‍රීඩිකාව වන්නේ ඕස්ට්‍රේලියාවේ Beth Mooney. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2019/20 ඕස්ට්‍රේලියාවේ දී පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී තරග 6ක ඉනිම් 6කට සහභාගී වෙමිනුයි.
- ලෝක කුසලානයේ අභියෝගාත්මක පන්දු යවන්නියෝ
- සංචාරකයෝ අවසන් තරගය ජය ගනී
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගනී
48 : මෙතෙක් වැඩිම කඩුලු ප්‍රමාණයක් වාර්තා කර ඇති ක්‍රීඩිකාව වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Megan Schutt.
| ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභිනීන් 5 දෙනා | ||||||||||
| Player | Span | M | O | Md | Runs | Wkt | BBI | Ave | 4w | |
| 1 | Megan Schutt (AUS) | 2016-2024 | 29 | 99.3 | 3 | 563 | 48 | 4/18 | 11.72 | 2 |
| 2 | Shabnim Ismail (SA) | 2009-2023 | 32 | 112.3 | 8 | 656 | 43 | 3/5 | 15.69 | 0 |
| 3 | Anya Shrubsole (ENG) | 2010-2020 | 27 | 96.1 | 6 | 512 | 41 | 3/6 | 14.07 | 0 |
| 4 | Ellyse Perry (AUS) | 2009-2024 | 47 | 122.0 | 2 | 707 | 40 | 3/12 | 18.30 | 0 |
| 5 | Stafanie Taylor (WI) | 2009-2024 | 35 | 86.0 | 2 | 512 | 33 | 4/12 | 15.63 | 1 |
5/5 (3.4) : මෙතෙක් ක්‍රීඩිකාවක විසින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ වාර්තාව කරන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Deandra Dottin. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2018 වසරේ දී Providence හි දී බංග්ලාදේශය සමඟ පැවැති තරගයේදීයි.
15 : තරගාවලියක දී වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය වෙන්නේ නවසීලන්තයේ Melie Kerr. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2024/25 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති තරගාවලියේදීයි.
32 : වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට හවුල් වූ කඩුලු රකින්නිය වන්නේ ඕස්ට්‍රේලියාවේ Alyssa Healy.
11 : තරගාවලියක දී වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට හවුල් වූ කඩුලු රකින්නිය වන්නේ ඉන්දියාවේ Taniya Bhatia. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ 2018/19 බටහිර ඉන්දීය කොදෙව් හි දී පැවැති තරගාවලියේදීයි.
26 : වැඩිම උඩ පන්දු රැකගත් ක්‍රීඩිකාව වෙන්නේ නවසීලන්තයේ Suzie Bates.
169* : ඕනෑ ම කඩුල්ලක් සඳහා වන වැඩිම ලකුණු සබඳතාවේ වාර්තාව හිමි වෙන්නේ එංගලන්තයේ Nat Sciver-Brunt සහ Heather Knight වෙතයි. ඔවුන් 2020 වසරේ දී Canberra හි දී 3 වැනි කඩුල්ලට මෙම දක්ෂතාව සිදු කරනවා.
47 : වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගී වී ඇති ක්‍රීඩිකාව වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Ellyse Perry.
30 : වැඩිම තරග ප්‍රමාණයකට නායකත්වය දුන් ක්‍රීඩිකාව වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Meg Lanning.
25 : වැඩිම ජයග්‍රාහී තරග ප්‍රමාණයකට නායකත්වය දුන් ක්‍රීඩිකාව වෙන්නේ ඕස්ට්‍රේලියාවේ Meg Lanning.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















