ගැරත් බේල් ක්‍රීඩාවට සමුදෙයි

259

වේල්ස් පාපන්දු කණ්ඩායමේ “දක්ෂතම ක්‍රීඩකයෙකු” නැතහොත් “වේල්ස් පාපන්දු ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයා” ලෙස සැලකෙන ගැරත් බේල් පාපන්දු ක්‍රීඩාවට සමුදීමට තීරණය කොට තිබෙනවා. ඒ වයස අවුරුදු 33 දීයි.

Southampton (සවුත්හැම්ප්ටන්), Tottenham (ටොට්න්හම්), Real Madrid (රියාල් මැඩ්රිඩ්) සහ LAFC (ලොස් ඇන්ජලීස් පාපන්දු සමාජය) නියෝජනය කර ඇති බේල්, රියාල් මැඩ්රිඩ් සමඟින් පස් වතාවක් ශූරයන්ගේ කුසලාන දිනා ගත්තා.

වේල්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම තරග (111) වලට සහභාගී වූ සහ වැඩිම ගෝල (41) වාර්තා කළ ක්‍රීඩකයා වන්නේ ද බේල්.

ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සිය සමුගැනීම ප්‍රකාශයට පත් කළා.

පරිස්සමෙන්, සිතා මතා සලකා බැලීමෙන් පසු, වහාම ක්‍රීඩා සමාජයෙන් සහ ජාත්‍යන්තර පාපන්දු වලින් විශ්‍රාම ගැනීම ප්‍රකාශයට පත් කරනවා”, යැයි ඔහු විසින් සටහනක් තබා තිබුණා.

වසර 58කට පසුව වේල්ස් කණ්ඩායම ලොව ප්‍රධාන තරගාවලියකට සහභාගී වුනේ 2016 යුරෝ තරගාවලියේ දීයි. එයට බේල්ගේ දායකත්වය ඉහළින්ම ලැබුණා. පසුගිය ලෝක කුසලාන තරගාවලියට වේල්සය ක්‍රීඩා කිරීමටත් ඔහුගේ දක්ෂතාවන් හේතු වුනා.

මහා බ්‍රිතාන්‍යයට කළ සේවය වෙනුවෙන් ඔහුට MBE (Most Excellent Order of the British Empire) පදක්කම ද පිරිනමා තිබෙනවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<