වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරීන් පත් කෙරේ

142
Professional Sports Journalists’ Association of Sri Lanka

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ නව නිලධාරි මඩුල්ල පසුගිය දා තෝරාපත් කරගෙන තිබුණා. ඒ 2025 වසර තෙක් වසර දෙකක කාලයක් සඳහායි.

ජනවාරි 21 වැනිදා K Mathivanan lounge හී පැවති සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී සිදු කළ නිල ඡන්ද විමසීමකින් පසුව මෙම නිලධාරීන් තේරීපත්ව තිබෙනවා.

ඒ අනුව සංගමයේ සභාපති ලෙස හිටපු සභාපති Karupaiah Ramakrishnana නැවත වරක් පත්ව තිබෙන අතර විජය පුවත්පතේ යොහාන් බාසුරු එහි ලේකම් ලෙසින් තේරී පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සම්පත් පෙරේරා සංගමයේ භාණ්ඩාගාරික ලෙස පත්වෙද්දී, ThePapare.com මාධ්‍යවේදී සුදර්ශන පීරිස් සංගමයේ ජාතික සංවිධායක ලෙස තේරිපත්ව තිබෙනවා.

වීරකේසරී පුවත්පතේ නෙවිල් ඇන්තනී, දෙරණ නාලිකාවේ කසුන් කැලුම්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජයශාන්ත පෙරේරා, ජාතික රූපවාහිනියේ සුසාන්ති ප්‍රේමචන්ද්‍ර උපසභාපතිවරුන් ලෙස පත්ව තිබෙනවා.

ලක්හඬ ගුවන් විදුලියේ නුවන් උදාර උපලේකම් ලෙස තේරී පත්ව ඇති අතර උපභාණ්ඩාගාරික ලෙස තේරී ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ බුද්ධික දුනුසිංහයි.

මෙම නිලධාරීන්ට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 13 දෙනෙක් කමිටු සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා.

ලහිරු හර්ෂණ (ලංකාදීප පුවත්පත), සංජීව ධර්මසේන (අද පුවත්පත), නාමල් පතිරගේ (ලංකාදීප පුවත්පත), ප්‍රසාද් සේනාධීර (රංගිරි ගුවන්විදුලිය), සමීර පීරිස් (sportsphotography.lk), සමින්ද තාරක (දෙරණ නාලිකාව), දිනේෂ් පෙරේරා (Regional correspondent), නුවන් අමරවංශ (මව්බිම පුවත්පත), අසංක හදිරම්පෑල (ThePapare.com), ලහිරු දුෂ්මන්ත (හිරු නාලිකාව), සුරේෂි ගුණසේකර (රූපවාහිනී සංස්ථාව), ජයමාල් චන්ද්‍රසිරි (ලංකාදීප පුවත්පත), චමින්ද ගාමිණී (BBC)

2017 වසරේ පිහිටුවන ලද ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති විශාලතම මාධ්‍යවේදීන්ගේ සංගමයයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<