දෙවන අර්ධයේ වෙස්ලි ප්‍රහාරයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි

838

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (20) කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර ලොන්ඩන් පෙදෙස CR & FC ක්‍රීඩාංගණයේ දී පැවති අතර තියුණු තරගයකට පසු ලකුණු 22-17ක් ලෙස ජය හිමි කර ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

කිංස්වුඩ් මෙහෙයුම අසාර්ථකයි; ජෝසප්වරුන්ට තියුණු ජයක්

‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ පළමු කාණ්ඩය යටතේ කොළඹ සාන්ත ජෝසප් ….

තරගයේ පළමු මිනිත්තුවේ සිට වෙස්ලි විද්‍යාලය සිය පසුපෙළ ක්‍රීඩකයන් යොදා ගනිමින් උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ අතර තරගයේ  දෙවන මිනිත්තුවේ දී ලද අවස්ථාවක් හා තෙවන මිනිත්තුවේ ලද ඉතා ආසන්න අවස්ථාවක් උත්සාහක දිනුම් රේඛාව මත දී ම නායක දයාන් සබාර් ප්‍රමුඛ වෙස්ලි ක්‍රීඩකයින්ගේ තිබූ අනවශ්‍ය කලබලය නිසා ඔවුන්ට අහිමි විය.

ඉසිපතන ක්‍රීඩකයින් මවිත කරමින් පළමු මිනිත්තු 10 පුරා වෙස්ලි ක්‍රීඩකයෝ ඉසිපතන ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර 12 වන මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩක අංජුල පිටියේ දකුණු පසින් ඉදිරියට යාමට දැඩි උත්සහයක නිරත වුවත්, වෙස්ලි විද්‍යාලයේ මුර්ශිඩ් සුබයිර් තියුණු සටනක් දී අංජුල නැවැත්වීමට සමත් විය.

13 වන මිනිත්තුවේ දී විනිසුරු ඉසිපතන කණ්ඩායමට ලබා දුන් වාසි සහගත අවස්ථාවක් (Advantage) අනගි ලෙස ප්‍රයෝජනයට ගත් ඉසිපතනයේ චමද් කල්හාර වෙස්ලි ක්‍රීඩකයින් මුලා කරමින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඉසිපතන නායක මනිල්ක රුබේරු එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ඉසිපතන 07-00 වෙස්ලි)

19 වන මිනිත්තුවේ දී ‘Line Out’ අවස්ථාවක් සාර්ථක කර ගත් ඉසිපතන ක්‍රීඩකයෝ ‘Rolling Maul’ අවස්ථාවක් උපයෝගී කර ගනිමින් පන්දුව ඉදිරියට ගෙන යාමට උත්සහ කළ අතර පන්දුව ලබාගත් චමද් කල්හාර වෙස්ලි ක්‍රීඩකයින් මුලා කරමින් ඔවුන් බලා සිටිය දී ම ඔවුන් අතරින් රිංගා සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නායක මනිල්ක රුබේරු හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත. (ඉසිපතන 12-00 වෙස්ලි)

කොළඹ ක්‍රීඩකයින්ට විද්‍යාර්ථයින්ගෙන් හොඳ සංග්‍රහයක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (10) මහනුවර …..

29 වන මිනිත්තුවේ දී ඉසිපතනය විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ අතර නායක මනිල්ක රුබේරු එම දඬුවම් පහර පහසුවෙන් සාර්ථක කර ගැනීමට සමත් විය. (ඉසිපතන 15-00 වෙස්ලි)

33 වන මිනිත්තුවේ දී පිටිය මධ්‍යයේ වෙස්ලි ක්‍රීඩකයින්ට අතහැරුණු පන්දුව ක්ෂණිකව ග්‍රහණය කර ගත් චමද් කල්හාර අලංකාර ධාවනයක යෙදෙමින් වෙස්ලි ක්‍රීඩකයින් අතරින් රිංගා ගිය අතර උත්සාහක දිනුම් රේඛාව පේන මානයේ පන්දුව අශාන් ගුණසේකර වෙත භාර දෙනු ලදුව අශාන් අලංකාර ඉසිපතනයේ ලෙස තෙවන උත්සාහක දිනුම ද සම්පූර්ණ කරන ලදි. නායක මනිල්ක රුබේරු ගෝල කණු ඉදිරියේම ලැබුණු ප්‍රවර්තනය ඉතා පහසුවෙන් සාර්ථක කර ගන්නා ලදි. (ඉසිපතන 22-00 වෙස්ලි)

පළමු අර්ධය: ඉසිපතන විද්‍යාලය 22 – 00 වෙස්ලි විද්‍යාලය

කිසිවකු නොසිතු ලෙස වෙස්ලි ක්‍රීඩකයෝ විශිෂ්ට ලෙස දෙවන අර්ධය ආරම්භ කළ අතර ඉසිපතන ක්‍රීඩකයින් නොමග යවමින් උත්සාහක දිනුමක් වාර්තා කරගෙන දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. විතානගේ එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර මුර්ශිඩ් සුබයිර් අලංකාර පා පහරකින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි.(ඉසිපතන 22-07 වෙස්ලි)

කල් යල් නොයවාම වේගවත් ක්‍රීඩා විලාසයක නිරත වූ වෙස්ලි ක්‍රීඩකයෝ 43 වැනි මිනිත්තුවේ දී සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කළ අතර සිය පසුපෙළ යොදා ගනිමින් මුර්ශිඩ් සුබයිර්ගේ සුරතින් එම උත්සාහක දිනුම වාර්තා විය. එහි ප්‍රවර්තනය ද ඔහුම සාර්ථක කරගන්නා ලදි. (ඉසිපතන 22-14 වෙස්ලි)

පළමු අර්ධයේ මෙන් නොව දෙවන අර්ධයේ වෙස්ලි විද්‍යාලය පෙරළිකාර ක්‍රීඩා රටාවක නිරත වූ අතර සන්නිවේදනයේ හා පන්දු යොමු කිරීමේ දී ඇති වූ දෝෂ නිසා ඉසිපතන විද්‍යාලය දෙවන අර්ධය පුරා අස්ථාවර ක්‍රීඩා රටාවක නිරත විය.

62 වන මිනිත්තුවේ දී වෙස්ලි විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ අතර මුර්ශිඩ් සුබයිර් අලංකාර ලෙස එම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය ලකුණු 5ක් දක්වා අඩුකර ගැනීමට සමත් විය. (ඉසිපතන 22-17 වෙස්ලි)

68 වන මිනිත්තුවේ දී වෙස්ලි ක්‍රීඩකයින්ට ඉසිපතන අර්ධයේ උත්සාහක දිනුම් රේඛාව පෙනෙන මානයේ දඬුවම් පහරක් හිමි වූ අතර එම දඬුවම් පහර පිටියෙන් ඉවතට යැවූ වෙස්ලි ක්‍රීඩකයෝ ‘Line Out’ අවස්ථාවක් දිනා ගනිමින් උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ ද, අවාසනාවන්ත ලෙස ‘Forward Pass’ අවස්ථාවකට හසු වීම නිසාන් ඔවුන්ට ඉතා වටිනා අවස්ථාවක් අහිමි විය.

නාමල් ඇතුළු පිරිසක් ජම්මු කාශ්මීර් රග්බි කණ්ඩායමේ සහයට යයි

හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ ඇතුළු…..

නමුත් 70 වැනි මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩකයින් සිදු කළ අතපසු වීමකින් පන්දුව ලබාගත් වෙස්ලි ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ අතර වෙස්ලි ක්‍රීඩකයෙකුට භයානක බාධා කිරීමක් සිදු කළ නිසා වෙස්ලි විද්‍යාලයට දඬුවම් පහරක් හිමි විය. පෙර පරිදි මෙන්ම ‘Line Out’ අවස්ථාවක් ලබා ගත් ඔවුන් උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ ද අවාසනාවන්ත ලෙස එම උත්සාහය සාර්ථක වූයේ නැත.

අවසාන ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 22 (3T,2C,1P) – 17 (2T,2C,1P) වෙස්ලි විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: චමද් කල්හාර (ඉසිපතන විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • ඉසිපතන විද්‍යාලය: මනිල්ක රුබේරු (2C,1P), චමද් කල්හාර (2T), අශාන් ගුණසේකර (1T)
  • වෙස්ලි විද්‍යාලය: විතානගේ (1T), මුර්ශිඩ් සුබයිර් (1T,2C,1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<