ඉන්දියාව ලෝක කුසලානයෙන් ඉවතට

349
Sportstar

ජාත්‍යන්තර හොකි සම්මේලනය විසින් පවත්වනු ලබන පිරිමි හොකී ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ඉන්දියානු හොකී කණ්ඩායම නවසීලන්තය හමුවේ පරාජය වීමෙන් පසුව ඉන් ඉවතට විසිවුනා.

තරගය පැවැත්වුණේ ඉන්දියාවේ බුවනේෂ්වර්හිදී යි. පිළිමළුන් පිටුදැකීමේ තරගයක් වූ එහි නියමිත තරග කාලය අවසන් වුනේ 3-3ක් වශයෙන් දෙපිලම සම තත්වයක සිටිය දීයි. පසුව තරගය දඬුවම් පහර වටයකට ඇදී ගියා.

අවස්ථා 5 බැගින් ලැබුණු දඬුවම් පහර වටය අවසන් වන විටත් දෙපිලම සම තත්වයක පසුවුණු බැවින් තරගය ක්ෂණික ජයග්‍රහණ කාලයක් හෙවත් sudden death situation, එසේත් නැත්නම් පළමුව ගෝලය රැස්කරන කණ්ඩායමට ජය හිමි වන වටයකට ඇදී ගියා. එහි දී Sam Lane (සෑම් ලේන්) නවසීලන්තය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් ඉන්දියාව තරගාවලියෙන් ඉවත් කළා.

ඉන්දියාවේ දී පැවැත්වෙන තරගාවලිය ඉන්දියානු හොකී ප්‍රේක්ෂකයන්ට ලෝක කුසලාන බලාපොරොත්තුවක්ව තිබුණා. 48 වසරකට පසුව ලෝක කුසලානයේ පළමු ස්ථාන තුනෙන් එකක් බලාපොරොත්තුවෙන් සිටි ඔවුන්ගේ ඉවත් වීම ඉන්දියාවට කම්පනය දනවන කරුණක්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<