Home Sinhala දහසක් බලාපොරොත්තු සඵල කළ LPL මංගල කිරුල Jaffna Stallionsට

දහසක් බලාපොරොත්තු සඵල කළ LPL මංගල කිරුල Jaffna Stallionsට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by My Cola

295

පළමු වරට පැවැති LPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (16) නිමාවට පත්වූයේ Jaffna Stallions කණ්ඩායම එහි පළමු ශූරතාව ජයග්‍රහණය කරමිනි. එහි දී යාපනයේ ප්‍රතිවාදීන් වූ Galle Gladiators පරාජය වූයේ ලකුණු 53කිනි. 

Jaffna Stallions අද තරගය සඳහා පිවිසියේ Dambulla Viiking පරාජයට පත්කරමින් වන අතර Galle Gladiators අවසන් තරගය සඳහා වරම් දිනා ගත්තේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගත් Colombo Kings පරාජයට පත් කරමිනි

කාසියේ වාසිය දිනා ගත් Jaffna Stallions දැවැන්ත ලකුණක් ලබාගෙන Galle Gladiators කණ්ඩායමට පීඩනයක් ලබා දීමේ අරමුණින් පළමුව පිතිකරණයට පිවිසි අතර ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගන්නා ලදි.

Mohammad Amir සහ නුවන් තුෂාර Galle Gladiators වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ නමුත් ඔවුන්ට අවසන් පූර්ව තරගයේ දී මෙන් වැඩි පීඩනයක් ලබා දීමට නොහැකි වුනු අතර Jaffna Stallions ආරම්භක පිතිකරුවන් වූ Johnson Charles සහ අවිශ්ක ප්‍රනාන්දු powerplay අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් ලකුණු වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා පන්දු 28ක් තුල වේගවත් ලකුණු 44ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

Johnson Charles සහ අවිශ්ක ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 26ක් සහ ලකුණු 27ක් ලබා ගත් අතර Charlesගේ ඉනිම 4 පහර 6කින් වර්ණවත් වන විට ප්‍රනාන්දුගේ ඉනිම සඳහා 4 පහරක් සහ 6 පහර දෙකක් අන්තර්ගත විය.  

තරගාවලිය ආරම්භයේ දී සාර්ථක වූ නමුත් අවසන් තරග කිහිපය තුල පිතිකරණයෙන් එතරම්ම සාර්ථක වීමට නොහැකි වූ Shoaib Malik 4 පහර 3ක් සහ 6 පහරක් සමඟ ලකුණු 46ක් ලබා ගත්තේ ඔවුන්ගේ මැදපෙළ සවිමත් කරමිනි. එපමණක් නොව ඔහු ධනංජය ද සිල්වා සමඟ එක්කාසු වෙමින් අවසන් මහා තරගය තුල වාර්තා වූ හොඳම පිතිකරණ සබඳතාවය වාර්තා කරමින් සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 44ක් තුල ලකුණු 69ක සබඳතාවයක් එක්කාසු කරමින් ඉනිමේ මැද පන්දුවාර තුල වැඩි ලකුණු ප්‍රමාණයක් සිය කණ්ඩායමට එකතු කර දුන්නේ Galle Gladiators කණ්ඩායමට වැඩි පීඩනය යොමු කරමිනි.

නායකත්වයේ ඉනිමක් දියත් කළ තිසර පෙරේරා Jaffna Stallions කණ්ඩායමට සාර්ථක අවසානයක් ලබා දෙමින් 4 පහර 5ක් සහ 6 පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 39ක් වාර්තා කළේ පන්දු 14ක් පමණක් වැය කරමිනි. ධනංජය ද සිල්වා ලකුණු 33යි.

පන්දු යැවීමේ දී Galle Gladiators වෙනුවෙන් අවසන් මහා තරගයේ දී වැඩිම කඩුලු දවා ගනිමින් තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ ධනංජය ලක්ෂාන් ලකුණු 36ක් තුල කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. ඊට අමතරව Mohammad Amir, සහන් ආරච්චිගේ සහ ලක්ෂාන් සඳකැන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

LPL තතුවිත්ති:

ලකුණු 189ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Galle Gladiators කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 7ක් වැනි අඩු ප්‍රමාණයක් තුල දවා ගැනීමට ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් ඇතුළු Jaffna Stallions සමත් වූයේ ඉනිම ආරම්භයේ දීම දැඩි පීඩනයක් සිය ප්‍රතිවාදීන්ට යොමු කරමිනි. ඒ අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ සිටි දනුෂ්ක ගුණතිලකගේ කඩුල්ලක තිබූ අතර ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවිය.

කෙසේ නමුත් නායක භානුක රාජපක්ෂ Galle Gladiators කණ්ඩායමේ මැදපෙළ සඳහා යම් සවියක් වෙමින් 4 පහර 3ක් සහ 6 පහර 4ක් සමඟ පන්දු 17ක දී ලකුණු 40ක් ලබා ගත් අතර ඔහු යම් ආබාධයකින් පෙළුණු බවක් ද පෙනෙන්නට විය. කෙසේ නමුත් භානුක සමඟින් එක්වූ ශෙහාන් ජයසූරිය සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 55ක සබඳතාවයක් ගොඩනැංවූයේ පන්දු 41ක් තුලයි.

Shoaib Malik, Usman Shinwari, වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් Galle Gladiators පිතිකරණය සඳහා යොමු කළ දැඩි පීඩනය හමුවේ ඔවුන්ට සිය ඉලක්කය සඳහා යාම දැඩි අසීරු විය. එසේම එක් අවස්ථාවක් දෙකක් හැරෙන්නට සමස්තයක් ලෙස Jaffna Stallions සෑම අංශයකින්ම ඔවුන්ගේ උපරිම දස්කම් පෙන්නුම් කරමින් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළේය. 

එහි ප්‍රතිඵලයක් ලෙස සහ තරගාවලිය සඳහා ඔවුන්ගේ තිබූ පෙර සැලසුම් සියල්ල සාක්ෂාත් කරමින් Galle Gladiators ලකුණු සටහන ලකුණු 135/9ක් ලෙස සීමා කරන ලදි. Azam Khan Galle Gladiators පසුපෙළ සඳහා යම් බලාපොරොත්තුවක් එකතු කරමින් එක් 4 පහරක් සහ 6 පහර 4ක් සමඟ පන්දු 17ක දී ලකුණු 36ක් ලබා ගනිමින් තරගයට යම් තරගකාරී බවක් එකතු කළ නමුත් Duanne Olivier ඔහුගේ ඉනිම අවසන් කළේ Jaffna Stallions සතු වූ මංගල ජය ඔවුන් සතු කරගැනීමට තිබූ අවසන් බලාපොරොත්තුවත් බිඳ දමමිනි.

  • තරගයේ වීරයා – Shoaib Malik (Jaffna Stallions)
  • තරගාවලියේ වීරයා – වනිඳු හසරංග (Jaffna Stallions)

Result


Galle Gladiators
135/9 (20)

Jaffna Kings
188/6 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Shehan Jayasuriya b Sahan Arachchige 27 23 1 2 117.39
Johnson Charles c Danushka Gunathilaka b Dhananjaya Lakshan 26 15 6 0 173.33
Charith Asalanka c Danushka Gunathilaka b Lakshan Sandakan 10 9 2 0 111.11
Shoaib Malik c Hazratullah Zazai b Dhananjaya Lakshan 46 35 3 1 131.43
Dhananjaya de Silva c Shehan Jayasuriya b Dhananjaya Lakshan 33 20 2 2 165.00
Thisara Perera not out 39 14 5 2 278.57
Wanindu Hasaranga c Bhanuka Rajapakse b Mohammad Amir 1 3 0 0 33.33
Chathuranga de Sliva not out 1 1 0 0 100.00


Extras 5 (b 0 , lb 0 , nb 0, w 5, pen 0)
Total 188/6 (20 Overs, RR: 9.4)
Did not bat Suranga Lakmal, Usman Shinwari, Duanne Olivier,

Bowling O M R W Econ
Mohammad Amir 4 0 36 1 9.00
Nuwan Thushara 4 0 39 0 9.75
Dhananjaya Lakshan 4 0 36 3 9.00
Sahan Arachchige 4 0 36 1 9.00
Lakshan Sandakan 4 0 41 1 10.25


Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka run out (Thisara Perera) 1 1 0 0 100.00
Hazratullah Zazai c Avishka Fernando b Dhananjaya de Silva 0 2 0 0 0.00
Ahsan Ali c Johnson Charles b Suranga Lakmal 6 6 0 0 100.00
Bhanuka Rajapakse c Usman Shinwari b Shoaib Malik 40 17 3 4 235.29
Shehan Jayasuriya c Shoaib Malik b Usman Shinwari 15 25 0 1 60.00
Azam Khan c Charith Asalanka b Duanne Olivier 36 17 1 4 211.76
Dhananjaya Lakshan c Johnson Charles b Usman Shinwari 9 9 2 0 100.00
Sahan Arachchige c Wanindu Hasaranga b Shoaib Malik 17 18 2 0 94.44
Mohammad Amir c Dhananjaya de Silva b Wanindu Hasaranga 0 1 0 0 0.00
Lakshan Sandakan not out 9 24 0 0 37.50
Nuwan Thushara not out 0 0 0 0 0.00


Extras 2 (b 0 , lb 0 , nb 1, w 1, pen 0)
Total 135/9 (20 Overs, RR: 6.75)
Bowling O M R W Econ
Dhananjaya de Silva 4 0 31 1 7.75
Suranga Lakmal 3 0 12 1 4.00
Thisara Perera 1 0 15 0 15.00
Shoaib Malik 3 0 13 2 4.33
Usman Shinwari 2 0 20 2 10.00
Wanindu Hasaranga 4 0 18 1 4.50
Duanne Olivier 2 0 25 1 12.50
Chathuranga de Sliva 1 0 1 0 1.00



ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි – අගෝස්තු කාලරාමුව තුල දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන අතර ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<