“අපිට මීට වඩා හොඳට ක්‍රීඩා කරන්න තිබුණා” – Johnson Charles

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by My Cola

189

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පසුගිය 14 වැනිදා Dambulla Viiking සහ Jaffna Stallions අතර පැවැත්විය. තරගය ලකුණු 37කින් ජයග්‍රහණය කළ Jaffna Stallions, Galle Gladiators සමඟින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මෙම තරගයේ දී Jaffna Stallions වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට කොදෙව් පිතිකරු Jhonson Charles සමත්වූයේ පන්දු 56ක් තුල ලකුණු 76ක් රැස්කරමිනි. Jaffna Stallions කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ Johnson Charles තරගයේ වීරයා ලෙසින් ද සම්මානයට පාත්‍ර විය. 

තරගයේ වීරයා ලෙස නම් කිරීමෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දැක්වීමට Johnson Charles එක්ව සිටියේය. 

“මේ තරගය හොඳ තරගයක් කියලා මම හිතනවා. ඒත් මම විශ්වාස කරනවා අපිට ඊට වඩා හොඳට ක්‍රීඩා කරන්න තිබුණා කියලා. මොකද මම දැවී ගිය වෙලාවේ අපිට ලොකු ලකුණු ගාණකට යන්න හැකියාවක් තිබුණා. මට තේරුණා මම දැවී ගියේ අසීරු වෙලාවක කියලා. ඒත් මට පුළුවන් වුනා කණ්ඩායම දිනන ලකුණු ගාණකට ගේන්න.”

තවත් ක්‍රිකට් පුවත්: 

තරගයේ මුල් පන්දුවාර කීපය තුල Jaffna Stallions ප්‍රබල පිතිකරණයක නිරත වූ අතර පන්දුවාර 12ක දී ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 108ක් රැස්කරගෙන ප්‍රබල ස්ථානයක පසුවිය. කෙසේ වෙතත් 17 වeනs පන්දුවාරය තුල Jhonson Charles දැවී යාමත් සමඟින් Jaffna Stallions තරමක පසුබෑමකට ලක්විය.

“අපිට අඩුම ලකුණු 180ක් ලබාගන්න පුළුවන්කම තිබුණා. මම දැවී ගිය වෙලාවේ කණ්ඩායම ටිකක් පසුබෑමකට ලක්වුනා. ඒ නිසා ඒ ඉලක්කය අපිට සම්පූර්ණ කරගන්න බැරි වුනා. ඒත් අපේ පන්දු යවන්නන් ඔවුන්ගේ වගකීම ඉටු කළා.”

“තණතීරුව ගත්තම මුල ඉඳලම අපි දැක්කා දඟ පන්දු යවන්නන්ට පහර දෙන්න ටිකක් අමාරු වුනා. ඒක නිසා අපි අපේ දඟ පන්දු යවන්නන්ට අවස්ථාවක් දුන්නා තරගය පාලනය කරන්න. අපේ පන්දු යවන්නන් සහ ඔවුන්ගේ හැකියාවන් නිසා තරගය ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වුනා.”

“තිසර පෙරේරා දැවී ගියාට පස්සේ තමයි අපි පසුබෑමකට ලක්වුනේ. ඒත් ඒ වෙලාවේ මට ලොකු විශ්වාසයක් තිබුණා මේ විදිහට ක්‍රීඩා කරලා මට ලකුණු 100ක් ගහන්න පුළුවන් කියලා. කණ්ඩායමත් 180 පසුකරන එක තමයි මගේ ඉලක්කය වුනේ.”

ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය Dambulla Viiking ලකුණු 128කට සීමා කිරීමට Jaffna Stallions පන්දු යවන්නන් සමත් විය. දඟපන්දු යවන්නන් වන ධනංජය ද සිල්වා හා වනිඳු හසරංග එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.

“අපි powerplay එකේ දී ඔවුන්ගේ ලොකු කඩුලු කීපයක් ලබාගත්තා. ඒක නිසා ඔවුන්ට ලකුණු රැස්කරන්න පුළුවන් වුනේ නැහැ.  ඒක තමයි තරගයේ හැරවුම් ලක්ෂය කියලා මම හිතනවා.”

“පසුගිය තරග කීපයේදීම මට ලකුණු ලබාගන්න අමාරු වුනා. ඒත් අවසන් පූර්ව තරගයේ දී ලකුණු ලබාගන්න පුළුවන් වුන එක ගැන සතුටුයි. මූලික වටයට වඩා මේ තරග දෙක තමයි වැදගත් වෙන්නේ. මට සතුටුයි මේ තරගයේ දී ලකුණු ලබාගෙන කණ්ඩායමට සේවය කරන්න ලැබීම ගැන.”

වසර කීපයක් දේශීය ක්‍රිකට් තරගාවලියක් නොමැතිව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නව බලාපොරොත්තු රැසක් එක් කරමින් කණ්ඩායම් 5ක් සමඟින් පසුගිය නොවැම්බර් 27 වැනිදා ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මූලික වටයේ තරග 20කින් සහ අවසන් පූර්ව වටයේ තරග දෙකකින් අනතුරුව අවසන් මහා තරගය තෙක් පැමිණ තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය හෙට (16) Jaffna Stallions සහ Galle Gladiators අතර පැවැත්වීමට නියමිතය. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<