සඳුන් වීරක්කොඩි වේගවත්ම ශතකය ලබා ගනී

146

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දී එස්. එස්. සී. කණ්ඩායම නියෝජනය කරන සඳුන් වීරක්කොඩි දේශීය තරග පිටියේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට සමත් විය. 

ඊයේ (19) කොළඹ බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව එම පිටියේ දී වාර්තා වූ මෙම ශතකය සඳහා 26 හැවිරිදි වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි වැය කළේ පන්දු 39ක් පමණි. ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 9ක් ඇතුළත් කිරීමට ඔහු සමත් විය. එස්. එස්. සී. කණ්ඩායම පන්දුවාර 9.2කින් තරගය අවසන් කරන විට සඳුන් වීරක්කොඩි නොදැවී ලකුණු 101ක් ලබා සිටියේය. 

ලහිරු – ලසිත් සුසංයෝගය හමුවේ පාකිස්තානු පිතිපෙළ බිඳ වැටෙයි

ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ ඉහළට යාම ……..

සඳුන් වීරක්කොඩි පළමු අර්ධ ශතකය පන්දු 24ක දී සම්පූර්ණ කළ අතර දෙවැනි අර්ධ ශතක පන්දු 15ක දී පමණක් වාර්තා කිරීම කැපී පෙණුනි. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් පන්දුවට පහර දුන් ක්‍රිශාන් සංජුලට මුහුණ දීමට හැකි වූයේ එස්. එස්. සී. කණ්ඩායම මුහුණ දුන් පන්දු 56න් 17කට පමණි. ඔහු ලබාගත් නොදැවුණ ලකුණු සංඛ්‍යාව 10කි. 

මෙම වාර්තාවේ මීට පෙර හිමිකරු වූයේ බී. ආර්. සී. කණ්ඩායම නියෝජනය කළ භානුක රාජපක්ෂ. ඔහු ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 42ක දී ශතකයක් වාර්තා කර තිබුණි.

මේ අතර අද පැවති  කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම හා තරගයේ දී උපුල් තරංග මෙවර තරගාවලියේ තම දෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු 119කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 119ක් ලබා ගත්තේය. උපුල් තරංග පළමු කඩුල්ලට ලහිරු උදාර (63) සමඟ ලකුණු 132ක සබඳතාවක් ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක ඇන්ජලෝ පෙරේරා (53) සමඟ ලකුණු 103ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වීම කැපී පෙණුනි. 

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට එස්. එස්. සී. කණ්ඩායමේ 23 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යැවූ තරිඳු රත්නායක සමත් විය. ඔහු බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 24කට කඩුලු 5ක් දවා ගත්තේය. 

Group A

බී. ආර්. සී. සහ එස්. එස්. සී (බී. ආර්. සී. පිටියේ දී) 

  • බී. ආර්. සී; සියලුම දෙනා දැවී 112 (37.2) සවින් ගුණසේකර 23, රමින්ද විජේසූරිය 25, තරිඳු රත්නායක 5/24, සචිත්‍ර සේනානායක 2/04
  • එස්. එස්. සී; කිසිවෙක් නොදැවී 113 (9.2) සඳුන් වීරක්කොඩි නොදැවී 101

එස්. එස්. සී.ට කඩුලු 10ක ජයක්

ලංකන් සහ යුද හමුදාව (වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 206 (34) සහන් පීරිස් 20, කසුන් අබේරත්න 34, චානක රුවන්සිරි 28, සවන් කංකානම්ගේ නොදැවී 61, සහන් නානායක්කාර 19, ජනාත් සිල්වා 2/38, ශිහාන් ද සිල්වා 2/22, ලහිරු විජේතුංග 3/47
  • යුද හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 157 (27) ලක්ෂාන් එදිරිසිංහ 33, පැතුම් ඩිල්ශාන් 19, අසේල ගුණරත්න 53, හිමාෂ ලියනගේ 22, දුනිත් වෙල්ලාලගේ 3/49, කේශාන් විජේරත්න 3/33

ලංකන් ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 11ක ජයග්‍රහණයක් 

Group B

ගාල්ල සහ සී. සී. සී. (ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී) 

  • සී. සී. සී; කඩුලු 4ක් දැවී 272 (45) මලිඳු මධුරංග 22, රොන් චන්ද්‍රගුප්ත 59, මිනෝද් භානුක 66, අශාන් ප්‍රියංජන් 89, ලහිරු මධුශංක නොදැවී 20, 
  • ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 3ක් දැවී 63 (21) ජාකොබ් සචින් 21, විනුර දුල්සර නොදැවී 33, මාලින්ද පුෂ්පකුමාර 2/13

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 55ක ජයක්

එන්. සී. සී. සහ කැන්ඩි කස්ටම්ස් (එන්. සී. සී. පිටියේ දී)

  • එන්. සී. සී; කඩුලු 7ක් දැවී 279 (45) ලහිරු උදාර 63, උපුල්තරංග 119, ඇන්ජලෝ පෙරේරා 53, සම්පත් පෙරේරා 2/70, තරිඳු වීරසිංහ 3/52
  • කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 81 (27.2) බුද්ධික ප්‍රසාද් 19, සචින්ත පීරිස් 2/14, චතුරංග ද සිල්වා 2/21, චාමික කරුණාරත්න 2/08, සහන් ආරච්චිගේ 2/25

එන්. සී. සී.ට ලකුණු 198ක ජයක්

වරාය අධිකාරිය සහ හලාවත මේරියන්ස් (දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • වරාය අධිකාරිය ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 192 (47.5) යොහාන් ද සිල්වා 20, අදීශ නානායක්කාර 72, මිතිල අරවින්ද 25, හෂාන් විමර්ශන 20, තික්ෂිල ද සිල්වා 2/30, චතුරංග කුමාර 3/29, කමිඳු මෙන්ඩිස් 2/23, ෂෙහාන් ජයසූරිය 2/15
  • හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 150 (36) ෂෙහාන් ජයසූරිය 37, පුලින තරංග 56, මිතිල අරවින්ද 3/23, රජීව වීරසිංහ 2/22, චමින්ද බණ්ඩාර 4/42

වරාය අධිකාරිය ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 33ක ජයක්

Group C

බ්ලුම්ෆීල්ඩ් සහ පානදුර (බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජ පිටියේ දී)

    • බ්ලුම්ෆීල්ඩ් ක්‍රීකට් සමාජය; කඩුලු 8ක් දැවී 180 (22) සමීන් කඳනාරච්චි 34, චාමර සිල්වා 41, මිශේන් සිල්වා 47, අශාන් ඩිල්හාර 4/48, චලන ද සිල්වා 2/28
  • පානදුර ක්‍රීඩා සමාජය; කඩුල්ලක් දැවී 8 (2) 

තරගයේ විසඳුමක් නැහැ.

කෝල්ට්ස් සහ සැරසන්ස් (කෝල්ට්ස් පිටියේ දී) 

  • සැරසන්ස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 165 (40.3) හර්ෂ රාජපක්ෂ 50, නිසල තාරක 3/41, ප්‍රභාත් ජයසූරිය 3/30, ධනංජය ලක්ෂාන් 2/35
  • කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 2ක් දැවී 87 (16.3) සදීර සමරවික්‍රම නොදැවී 61, මොහොමඩ් ඩිල්ශාඩ් 2/18

තරගයේ විසඳුමක් නැහැ.  

කුරුණෑගල යූත් සහ නාවික හමුදාව (කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 89 (19.4) නිලංක සඳකැන් 30, නවින් කවිකාර 2/10, ශිවකුමාර් ටිරෝන් 3/18

තරගයේ විසඳුමක් නැහැ.

Group D

නුගේගොඩ සහ රාගම (මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 277 (50) ශෙහාන් ප්‍රනාන්දු 39, උදාර ජයසුන්දර 83, රොෂේන් සිල්වා 64, ජනිත් ලියනගේ නොදැවී 49, මතීෂ පෙරේරා 4/56, පසිඳු මධුශාන් 2/56
  • නුගේගොඩ ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 176 (45) මොහොමඩ් ශිල්මි 30, දෙනුවන් රාජකරුණා 52, රාහුල් ගුණසේකර 25, ඉෂාන් ජයරත්න 2/27, අමිල අපෝන්සු 4/30

රාගම ක්‍රිකට් සමාජයට ලකුණු 101ක ජයක්

ගුවන් හමුදාව සහ කළුතර (කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 239 (50) උදයවංශ පරාක්‍රම 35, චාමර ප්‍රනාන්දු 51, සුමින්ද ලක්ෂාන් නොදැවී 53, මාධව නිමේෂ් නොදැවී 53, ඉෂාන් අබේසේකර 2/31, හෂින් ඩිල්මන් 2/49
  • කළුතර ටවුන් සමාජය; කඩුලු 7ක් දැවී 148 (46) දසුන් සෙනෙවිරත්න 41, කෙවින් පීරිස් නොදැවී 20, ඉෂාන් අබේසේකර නොදැවී 31, අරවින්ද ප්‍රේමරත්න 2/21,  සුමින්ද ලක්ෂාන් 2/17, නුෂ්කි අහමඩ් 3/27, 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 63ක ජයක්

ටැමිල් යූනියන් සහ මුවර්ස් (පී. සරා ඕවල් පිටියේ දී)

මුවර්ස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 221 (46.4) පබසර වඩුගේ 27, නිපුන් කරුණානායක 36, රමේෂ් මෙන්ඩිස් 63, නිමන්ද සුබසිංහ 29, ප්‍රසංසන ජයමාන්න 2/26, මධුක ලියනපතිරණගේ 2/19, සදිශ් පතිරනගේ 2/40

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; කඩුලු 4ක් දැවී 135 (31.2) කිරන් පවෙල් නොදැවී 88, තරංග පරණවිතාන 30, සචිත්‍ර සේරසිංහ 3/29

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 12ක ජයක්  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<