දෘශ්‍ය කුසලතා වැඩිදියුණු කරගෙන දක්ෂ පිතිකරුවෙකු වන්න

Vision Care මඟින් ගෙන එනු ලබන Sports Visionහි ‘Elevate Your Game’ | II කොටස - ක්‍රිකට් (පිතිකරණය)

271

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම ශ්‍රී ලාංකිකයින් තම විවේක කාලය ගතකිරීමට යොදාගන්නා ජනප්‍රිය ම ක්‍රම අතරින් එකක් බවට කිසිදු සැකයක් නොමැත. කොළඹ වීදි වල සිට කෑගල්ල වෙල්යාය වල් දක්වා මෙන්ම හික්කඩුවේ වෙරළ තීරයන්ගේ සිට මහනුවර කඳු පන්ති දක්වා ම කිසිදු වයස් පරතරයකින් තොරව සියලු දෙනාම පාහේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරති. 

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලය තුළ වැඩිම මේ දක්වා සාර්ථකත්වයක් අත්කරගෙන තිබෙන ක්‍රීඩාව ලෙස ද හඳුනා ගත හැක්කේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම එක්දින මෙන්ම පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන ද ජයග්‍රහණය කර තිබීමත් සමඟයි. 

ආධුනිකයින් මෙන්ම වෘත්තීය තලය තුළ ද වයස් කාණ්ඩ කිහිපයක් ම ඔස්සේ ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම හේතුවෙන් එය දැඩි තරගකාරී ස්වභාවයක් ගත හැක. 

වයස් භේදයක් නැතුව ඕන දවසක්, ඕන තැනක් ක්‍රිකට්වලට බාධාවක් නෙමෙයි. ©Sportskeeda.com

අප මීට පෙර මෙම ලිපි පෙළ ඔස්සේ ඔබව දැනුවත් කළ පරිදි Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision ඔබට වැදගත් වනුයේ මෙම තරගකාරී පසුබිම නිසාවෙනි. කොළඹ නගරයේ ස්ථාපිත කර තිබෙන මෙම අති නවීන මධ්‍යස්ථානය ඔබව වඩාත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියලුම පහසුකම්වලින් සමන්විත වේ. 

ඒ අනුව දෘශ්‍ය කුසලතාවයන් වැඩිදියුණු කිරීම පිතිකරුවෙකු ලෙස ඔබගේ දක්‍ෂතාවයන් ඉහළ නැංවීම උදෙසා ඉවහල් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව අද අප මෙම ලිපිය තුළින් සොයා බලමු. 

දෘශ්‍ය කුසලතාවයන් පිළිබඳ දල විශ්ලේෂණයක්

Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision හිදී ඔබගේ දෘශ්‍ය කුසලතාවයන් 10ක් තක්සේරු කිරීමට ලක්කර පසුව ඒවා දියුණු කිරීමට කටයුතු කරනු ලබයි. ඒවා පහත පරිදි වේ:

  1. Visual Clarity – දුරක සිට යමක් පැහැදිලිව දැකීමට ඇති හැකියාව.
  2. Contrast Sensitivity – විවිධ තත්වයන් යටතේ ඔබට පන්දුව හෝ ක්‍රීඩාවට අදාළ යම් වස්තුව කෙතරම් හොඳින් දැකගත හැකි ද?
  3. Depth Perception – යම්කිසි වස්තුවක් කෙතරම් දුරකින් ඇත්දැයි නිර්ණය කිරීමට ඇති හැකියාව.
  4. Near/Far Quickness – වේගයෙන් අවධානය වෙනස් කිරීමට ඇති හැකියාව. (ළඟ සිට දුර සහ දුර සිට ළඟ)
  5. Perception Span – යම්කිසි අවස්ථාවකට අදාළව වැදගත් ම තොරතුරු ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව.
  6. Reaction Time – ප්‍රත්‍යක්ෂ කරගැනීම සහ ක්‍රියාකිරීම අතර කාලය.
  7. Multiple Object Tracking – වස්තූන් කිහිපයක් ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව.
  8. Target Capture – වේගවත් මාරුවීම් සහ පර්යන්ත ඉලක්කයන් හඳුනා ගැනීම.
  9. Eye-Hand Coordination – වෙනස් වන ඉලක්කයන්ට අතින් ප්‍රතිචාර දැක්වීමේ වේගය සහ සම්බන්ධීකරණය.
  10. Go/No Go – තීරණයක් ගැනීමේ සහ පීඩන සහගත අවස්ථාවල දී ප්‍රතිචාර දැක්වීමේ වේගය.

පිතිකරණයේ නියැලීමේ දී ඉහත කුසලතාවයන් 10 ම අවශ්‍ය වන බව ඔබට මේ වන විටත් පැහැදිලි විය හැක. නමුත් මෙම ලිපියේ දී අද අප අවධානය යොමුකරන්නේ පිතිකරණ දක්‍ෂතාවයන් වැඩිදියුණු කරගැනීමට බෙහෙවින් ඉවහල් විය හැකි ඔබ නොසිතූ දෘශ්‍ය කුසලතාවයන් දෙකක් පිළිබඳව යි. 

පුහුණුකරුවන් විසින් පිතිකරුවන් හට නිතරම ලබා දෙන අවවාදයක් වන ‘පන්දුව දිහා හොඳින් බලන්න’ යන්න ඔබ තරගයක් අතරතුර හෝ පුහුණු දැල් තුළ පිතිකරණයේ නියැලෙන කිසියම් අවස්ථාවක දී ඔබගේ සිහියට නැඟුණු අවස්ථාවකට ඔබ මුහුණ දී තිබේ ද? 

ඒ අනුව ඔබ ඔබගේ දෑස් පුහුණුකර තිබෙන්නේ පන්දු යවන්නාගේ අතින් පන්දුව ගිලිහෙන අවස්ථාවේ සිට පිටිය දිගේ එය තමා දෙසට පැමිණෙන ආකාරය නිරීක්ෂණය කොට පන්දුව ඔබ ආසන්නයට ළඟා වූ පසු නිසි පරිදි ඊට පහරක් එල්ල කිරීමට යි. 

කෙසේ නමුත් ඔබ කෙතරම් හොඳින් මෙම ක්‍රියාවලිය සිදු කළත් ඔබ ඒ එල්ල කරන පහරින් පන්දුව මඟහැරී යන අවස්ථාවලට ඔබ මුහුණ දී තිබිය හැක. එවන් අවස්ථාවල දී ඔබ වාසනාවන්ත නම් පන්දුව කිසිදු හානියකින් තොරව කඩුල්ලේ හෝ ඔබගේ ශරීරයේ නොවැදී කඩුලු රකින්නා වෙත ගමන් කරනු ඇත. 

නමුත් මෙය නිරන්තරයෙන් සිදුවන්නට වුවහොත් ඔබ වැඩි වැඩියෙන් පුහුණුවීම්වල නිරත වීමට කටයුතු කරන්නේ මිතුරෙකු ලවා අමතර throw-downs ලබා ගැනීම, පන්දුවට පහර දීමේ දී ඔබගේ පාදය නිසි පරිදි හසුරුවා ගැනීමට පුහුණු වීම, ඔබගේ හිසේ ස්ථානගත කිරීම සහ පිත්ත පහළට එන කෝණය වෙනස් කිරීම (සමහර අවස්ථාවල දී පුහුණුකරුගෙන් ‘හරියට පන්දුව දිහා බලන්න!’ යනුවෙන් බැනුම් ඇසීමට පවා සිදු වේ) වැනි විවිධ ක්‍රමෝපායන් යොදාගනිමිනි. 

නමුත් සමහර අවස්ථාවල දී මේ කුමක් සිදු කළත් ඔබේ ගැටලුවට විසඳුමක් නොලැබිය හැක. කෙසේ නමුත් බොහෝ විට depth perception සහ near-far quickness දෘශ්‍ය කුසලතාවයන් දෙක පිළිබඳව අවධානය යොමුකරමින් ඒවා වැඩිදියුණු කරගැනීමට කටයුතු කළහොත් ඔබේ මේ ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබෙනු ඇත. 

Depth perception යනු කුමක්ද?

Depth perception යනු ත්‍රිමාණව (උස, පළල සහ දිග) දැකගැනීමට ඇති හැකියාව සහ යම්කිසි වස්තුවක් කෙතරම් දුරකින් ඇත්දැයි නිර්ණය කරගැනීමට ඇති හැකියාව යි. 

පිතිකරණයේ නියැලීමේ දී මෙය අනිවාර්යයෙන් ම දියුණු කරගත යුතු කුසලතාවයක් වන අතර එය වේගපන්දු යවන්නන් මෙන්ම දඟපන්දු යවන්නන් හමුවේ ද ඔබගේ දක්‍ෂතාවයන් ඉහළ නංවා ගැනීමට ඉවහල් වේ. 

පන්දුව දෙස බලා ඊට ඇති දුර සහ එය තමන් වෙත පැමිණෙන ගමන්පථය හැකිතාක් නිවැරදිව නිර්ණය කරගැනීමට ඔබ දක්වන හැකියාව පළමුව පිත්තේ පන්දුව දවටා ගැනීමටත්, දෙවනුව සහ වඩාත් වැදගත්ව ඊට නිසි පරිදි සාර්ථකව පහරක් එල්ල කරගැනීමටත් අතිශය තීරණාත්මක වේ. 

Near-far quickness යනු කුමක්ද?

මෙහි දී සලකා බැලෙන්නේ වේගයෙන් අවධානය වෙනස් කිරීමට (ළඟ සිට දුර සහ දුර සිට ළඟ) සහ ළඟ මෙන්ම දුර ඇති වස්තූන් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කිරීමට ඔබ දක්වන හැකියාව පිළිබඳව යි. 

ඔබගේ මොළය වේගයෙන් ඊට ලැබෙන තොරතුරු සකස් කර ගනු ලබන්නේ ඔබගේ දෑස් අවධානය යොමු කරන යම් වස්තුවට අදාළව ඉතා පැහැදිලි දර්ශනයක් ඔබ වෙත ලබා දීමට යි. 

මෙය වඩාත් ඉහළ වේගයකින් සිදු කිරීමේ හැකියාවක් පවතී නම් ඒ හරහා ඔබගේ දක්‍ෂතාවයන් වර්ධනය කරගත හැක. ඒ අනුව near-far quickness කුසලතාවය ඔබගේ depth perception කුසලතාවයට ද මනා පිටිවහලක් සපයනු ලබන අතර ඒ හරහා පිතිකරුවෙකු ලෙස ඔබට පන්දුව පන්දු යවන්නාගේ අතින් ගිලිහෙන මොහොතේ සිට එය ඔබේ පිත්තේ වැදෙන අවස්ථාව දක්වා ම නිවැරදිව ගණනය සහ ග්‍රහණය කරගැනීමේ හැකියාව වර්ධනය වේ. 

ශරීරයට මඟපෙන්වන්නේ දෑස් ය

Sports Vision හිදී නිතරම භාවිතා වන කියමනක් වන ‘ශරීරයට මඟපෙන්වන්නේ දෑස් ය’ යන්න මෙහි දී අතිශය වැදගත් වේ. යම් වස්තුවක් සැබවින්ම පිහිටා ඇති දුරට සාපේක්ෂව එය ඉතා ආසන්නයේ හෝ එසේත් නැත්නම් යම්කිසි දුරකින් පිහිටා තිබෙන්නේ යැයි ඔබ සෑම අවස්ථාවක ම සිතන්නේ නම් ඊට අනුකූලව ඔබගේ කාර්යය සාර්ථකව සම්පූර්ණ කරගැනීම උදෙසා ඔබ වේගයෙන් හෝ මන්දගාමීව ප්‍රතික්‍රියා දක්වනු ලබනු ඇති බවට සැකයක් නොමැත. ඒ අනුව ඔබට පන්දුවට අදාළව එය නිසි පරිදි ග්‍රහණය කරගැනීමට නොහැකිව ගියහොත් එ හිදී ඔබට අනිවාර්යයෙන් ම පන්දුව මඟහැරෙණු ඇත. 

සමස්තයක් ලෙස ඔබ කුමන ක්‍රීඩාවක නිරත වුවත් එහි දී ඉහළ දක්‍ෂතා දැක්වීමට නම් ඔබගේ ශාරීරික යෝග්‍යතාවය කෙරෙහි දක්වන උනන්දුව සහ කැපවීම ඒ ආකාරයට ම ඔබගේ දෘශ්‍ය යෝග්‍යතාවය කෙරෙහි ද දැක්වීම අතිශය වැදගත් වේ. ඒ ඔබට ඔබගේ ශාරීරික යෝග්‍යතාවයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැක්කේ ඔබගේ දෘශ්‍ය යෝග්‍යතාවය ද එය තිබිය යුතු ඉහළ ම තත්වයේ තිබෙන්නේ නම් පමණක් නිසාවෙනි. 

ඒ අනුව මෙය ඉතා වැදගත් නමුත් බොහෝ දුරට සලකා නොබලෙන පැතිකඩකි. විශේෂයෙන් වර්තමානයේ COVID-19 වසංගත තත්වයත් සමඟ බොහෝ දෙනා හට තම නිවෙස් තුළට වී කාලය ගතකිරීමට සිදුවීමත් සමඟ පෙර සිදු කළ පරිදි නිරන්තරයෙන් පිටතට ගොස් පුහුණුවීම් කටයුතු වල නිරත වීමේ අවස්ථාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට හිමි නොවේ. 

ඒ අනුව වැඩි වශයෙන් ගෘහස්ථව කාලය ගතකිරීම හේතුවෙන් ඔබගේ දෑස් වලට අවධානය යොමුකිරීමට එතරම් පරාසයක් නොමැති වීම හරහා near-far quickness සහ depth perception වැනි දෘශ්‍ය කුසලතාවයන් දුර්වල වීමකට භාජනය විය හැක. කෙසේ නමුත් ඒවා නිරන්තර පුහුණු කිරීමකට ලක්කර හැකි නම් එසේ දුර්වල වීමක් සිදුනොවන අතර මෙහි දී ඔබට Vision Care මඟින් ගෙනඑනු ලබන Sports Vision හි සහය ලබා ගැනීමේ හැකියාව පවතී. 

තවත් කියවන්න;

එම අදාළ Sports Vision මධ්‍යස්ථානය අති නවීන පහසුකම්වලින් බලගන්වා ඇත්තේ ඔබගේ දෘශ්‍ය කුසලතාවයන් තක්සේරු කර අනතුරුව පුහුණු කිරීමට යොදාගත හැකි ඉතා දියුණු තාක්ෂණික උපාංග සහ ක්‍රමෝපායන් රැසක් ඇතුළත්ව ය. 

ඒ අනුව near-far quickness සහ depth perception මෙන්ම ඉතිරි කුසලතාවයන් 8 ද වැඩිදියුණු කිරීම උදෙසා VR තාක්ෂණය, Senaptec Sensory Station, Synchrony සහ Fitlight Trainer වැනි ඉතා දියුණු තාක්ෂනයන් මෙහිදී යොදාගනු ලැබේ. 

Senaptec Strobe Eyewear උපකරණයක්

මෙහි දී විශේෂයෙන් Senaptec Strobe Eyewear ඔබගේ දත්ත සැකසීමේ වේගය වැඩිදියුණු කොට ප්‍රතික්‍රියා වේගය ඉහළ නැංවීම සඳහා යොදා ගනු ලබන සුවිශේෂී තාක්ෂණික උපාංගයකි. එය දෘශ්‍ය මතකය සහ ගතික දෘශ්‍ය තීව්‍රතාවය වැනි කුසලතාවයන් ඉහළ නංවන බවට විද්‍යාත්මකව තහවුරු වී ඇති අතර එහි විනාඩි 5-7ක සුළු කාලයක් තුළින් වුවද ඔබගේ අපේක්‍ෂිත කාලය නිසි පරිදි ගණනය කිරීමේ හැකියාව වර්ධනය කරගත හැක. 

ඒ අනුව පුහුණුවීම්වල දී හෝ තරගයකට පෙර ඒ ඔස්සේ මදක් පුහුණුවීම තුළින් ඔබට ඔබගේ දෘශ්‍ය කුසලතාවයන් වඩාත් තීව්‍ර කරගනිමින් ප්‍රතිවාදීන්ට එරෙහිව ඉදිරියෙන් රැඳීමේ අවස්ථාව උදාකර ගත හැක. 

ඔබ පිතිකරුවෙක් නොවේ ද? කනස්සල්ලට පත් නොවන්න. පන්දු යවන්නන්, කඩුලු රකින්නන් සහ පන්දු රකින්නන්ට අදාළ ලිපි ද ඉදිරි සතිවල දී අපි ඔබ වෙත රැගෙන එන්නෙමු.

***********************

Vision Care මඟින් ගෙන එනු ලබන Sports Vision හි ‘Elevate Your Game’ යනු කුමක්ද?

‘Elevate Your Game’ යනු Vision Care හි Sports Vision සහ ThePapare.com එක්ව Sports Vision විශේෂඥයින් ලබාදෙන සහයෝගය හරහා ඔබට ඔබගේ ක්‍රීඩාවන් වල ඉහළ දක්‍ෂතා දැක්වීමට මඟපාදා ගතහැකි ආකාරය පිළිබඳව ගෙනඑනු ලබන ලිපි සහ වීඩියෝ පට මාලාවකි. 

ක්‍රිකට්, පාපන්දු, ටෙනිස් සහ පැසිපන්දු වැනි ක්‍රීඩාවන් වල ඉහළ දක්‍ෂතා දැක්වීමට අදාළව තවත් වැඩිදුර ලිපි සඳහා රැඳී සිටින්න අපත් සමඟ ම. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<