දිනේෂ් ප්‍රියන්තගෙන් ලක් මාතාවට තවත් ලෝක ශූරතා පදක්කමක

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවය 2023

2035

ප්‍රංශයේ පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඔලිම්පික් ශූර දිනේෂ් ප්‍රියන්ත ඊයේ (17) සමත් වුනා. 

F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ එම තරගයේ දී මීටර් 65.38ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර එහි පළමු ස්ථානය දිනා ගත් ඉන්දීය ක්‍රීඩක Ajeet Singh දැක්වූ දක්ෂතාවය මීටර් 65.41ක්. 

තරගයේ දෙවැනි ස්ථානය දිනා ගත් ඉන්දීය ක්‍රීඩක Rinku මීටර් 65.38ක දස්කමක් සටහන් කර තිබුණා. 

මෙය දිනේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවයක දී දිනා ගත් තෙවැනි පදක්කම වූ අතර ඔහු මීට පෙර 2017 සහ 2019 තරගාවලිවල දී රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුනා. 

F46 කාණ්ඩයේ ලෝක වාර්තාවට (මීටර් 67.79) හිමිකම් කියන දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම පැරා ලෝක ශූරතා පදක්කම් ගණනක් දිනා ගත් ක්‍රීඩකයා වන අතර ඔහු 2020 ඔලිම්පික් උළෙලේ දී එම කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ රන් පදක්කම ද දිනා ගන්නට සමත් වුනා.  

දිනේෂ් ප්‍රියන්තට අමතරව ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් T46 කාණ්ඩයේ මීටර් 1500ට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි මිනිත්තු 4:00.50ක කාලයකින් හයවැන්නා ලෙස තරගය අවසන් කළා. එය ඔහුගේ පෞද්ගලික හොඳම දස්කම ද වෙනවා.  

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ අතර දිනේෂ් ප්‍රියන්තට අමතරව හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දින ගැනීමට සමිත දුලාන් සමත් වුනා.  

මලල ක්‍රීඩා පිටියේ සියලු පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>>තවත්මලලක්‍රීඩාපුවත්සඳහාපිවිසෙන්න<<