සමිතගෙන් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක්

186
World Para Athletics Championship 2023

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු පදක්කම දිනා ගැනීමට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන් සමත් වුනා.

F64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සහභාගී වූ සමිත දුලාන් එම ඉසව්ව මීටර් 64.06ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර එම දස්කම සමඟ තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ඔහුට හැකි වුනා.

එම කාණ්ඩයේ පළමු ස්ථානය ඉන්දීය ක්‍රීඩක Sumit Antil විසින්  දිනා ගැනීමට සමත් වූ අතර මීටර් 70.83ක දස්කමක් දැක්වූ ඔහු ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වීම ද විශේෂත්වයක්.

මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලෝක පැරා මලල ක්‍රීඩා පිටියේ ජයග්‍රහණය කළ තෙවැනි පදක්කම වන අතර මීට පෙර දිනේෂ් ප්‍රියන්ත (2) සහ ප්‍රදීප් සංජය ලෝක පැරා මලල ක්‍රීඩා පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මෑත කාලයේ ඉහළ දස්කම් අතර සිටින ක්‍රීඩකයෙකු වන සමිත දුලාන් 2022 ඔලිම්පික් උළෙලේ ද හෙල්ල විසි කිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.

ජූලි 08 සිට 17 දක්වා පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමිතට අමතරව දිනේෂ් ප්‍රියන්ත සහ ප්‍රදීප් සෝමසිරි සහභාගී වෙනවා.

එම තරගාවලියේ ඇතුළු මලල ක්‍රීඩා පිටියේ සියලු පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<