ඩිල්ශාන්ට තෙවන එක්දින තරගය අහිමි වන ලකුණු

Sri Lanka Tour of Bangladesh 2024

82
Sri Lanka Tour of Bangladesh 2024

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තෙවන එක්දින ක්‍රිකට් තරගයට ඩිල්ශාන් මදුශංකගේ සහභාගීත්වය අවිනිශ්චිත බවට තොරතුරු වාර්තා වනවා.

ඊයේ (15) බංග්ලාදේශය සමඟ පැවැත්වුණු දෙවන එක්දින තරග අතරතුර ඩිල්ශාන් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර, මේ නිසා ඔහුට ඉදිරි සති කිහිපය තුළ ක්‍රීඩාවෙන් ඈත් වී සිටීමට සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසාම ඔහුට එළඹෙන IPL තරගාවලියේ මුල් අර්ධය අහිමි වී යාමේ අවදානමක් ද මතු වී තිබෙනවා.

ඩිල්ශාන් Mumbai Indians කණ්ඩායම සමඟ සිය මංගල IPL තරගාවලියට මෙවර සහභාගී වීමට නියමිත ව තිබුණා. 2024 IPL තරගාවලිය එළඹෙන මාර්තු 22 ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තෙවන සහ අවසන් එක්දින තරගය සඳුදා (18) පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

Newswire ඇසුරෙනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<