Home Sinhala පින්න නැවතත් ලංකාවට හරස් වෙයි!

පින්න නැවතත් ලංකාවට හරස් වෙයි!

Sri lanka Tour of Bangladesh 2024

90

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණ පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය අද (13) සමත් වුනා.

බංග්ලාදේශයේ Chattogram හිදි අද දහවල් ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් සමත් වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි.

මීට පෙර ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු අවසන් එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල ක්‍රීඩකයින් අතුරින් දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය සහ අසිත ප්‍රනාන්දු වෙනුවට වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයින් අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වී තිබුණා.

ශ්‍රී ලංකාව:

පැතුම් නිස්සංක,අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (නායකයා), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක සහ ලහිරු කුමාර

බංග්ලාදේශය:

Litton Das, Soumya Sarkar, Najmul Hossain Shanto(නායක), Towhid Hridoy, Mushfiqur Rahim(w), Mahmudullah, Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Shoriful Islam, Tanzid Hasan

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු විසින් ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දුවාරයකට ලකුණු 6 ඉක්මවා යමින් ලකුණු රැස් කරමින් සිටි මොවුන් දෙදෙනා අතුරින් පළමු කඩුල්ල ලෙස පන්දු 33කින් ලකුණු 33ක් ලබා ගත් අවිශ්ක දවා ගැනීමට Tanzim Hasan Sakib සමත් වූ අතර, ඉනිමට තවත් එක් ලකුණක් එක් වන විට පන්දු 28කින් ලකුණු 36ක් ලබා සිටි පැතුම්ව ද දවා ගැනීමට Tanzimට හැකියාව ලැබුණා.

ආරම්භක පිතිකරු යුගලය දැවී යාමෙන් පසුව පිටියට පිවිසි සදීර සමරවික්‍රමට ද වැඩි වෙලා කඩුල්ලේ රැඳීමට Tanzim ඉඩ ලබ නොදුන් අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 3කට ලකුණු 84ක මට්ටමට පැමිණියා. ඉන් පසුව අංක තුන පිතිකරු නායක මෙන්ඩිස් සහ චරිත් අසලංක තරමක් මන්දගාමී ලෙස ඉනිමට ලකුණු එක් කරමින් තරගය ඉදිරියට ගෙන ගියා. කෙසේ වෙතත් චරිත්ගේ ඉනිම ද ලකුණු 18ක දී නතර කිරීමට Mehidy Hasan Mirazට හැකියාව ලැබුණා.

නමුත් මේ මොහොතේ කඩුල්ලට පිවිසුණු ජනිත් ලියනගේ අවදානම් මට්ටමක තිබූ ශ්‍රී ලංකා ඉනිම නැවතත් ස්ථාවර කිරීමට වටිනා උත්සාහයක යෙදුණා. කුසල් සහ ජනිත් විසින් ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක් එක් කිරීමට සමත් වූ අතර, කුසල් ලකුණු 59කට දැවී යාමත් සමඟ එම සබඳතාව ද නිමාව දුටුවා. කුසල්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ද ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත හැරී ‍යාම නිසා ශ්‍රී ලංකා ඉනිම නැවත අවදානම් තත්වයකට ඇද වැටුණා.

ඉන් පසුව ජනිත් සමඟින් කඩුල්ලේ එක් වූ ප්‍රමෝද් මදුශාන් ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 19ක් එක් කළ අතර, මෙහි දී නැවතත් පිත්තෙන් සාර්ථක වූ ජනිත් ලියනගේ පන්දු 69ක් පමණක් වැය කරමින් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් දීර්ඝ සබඳතා කරා පිවිසීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා ඉනිමට ඉතා පහසුවෙන් ලකුණු 280 සීමාව ඉක්මවා යාමට තිබූ අවකාශය අහිමි ව ගිය බවකුයි දක්නට ලැබුණේ.

පන්දු යැවීමෙන් බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක වූ Tanzim Hasan, Taskin Ahmed සහ Shoriful Islam කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 256ක ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භ පිතිකරුවන් ශ්‍රී ලංකා වේග පන්දුව ඉදිරියේ දරුණු පසුබෑමකට ලක් වුනා.

බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු 3ම ලකුණු 23ක් තුළ දවා ගැනීමට ඩිල්ශාන් මදුශංක සහ ප්‍රමෝද් මදුශාන් විසින් සමත් වූ අතර, ආරම්භක පන්දුවාර කිහිපය තුළ පන්දුව ලද අසාමාන්‍ය දෝලනය සමඟ බංග්ලාදේශයට මෙම ඉලක්කය හඹා යාම අතිශය අසීරු බවක් පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත් පන්දුව ක්‍රමයෙන් පරණ වීමත් සමඟ බංග්ලාදේශ පිතිකරුවන් ඉතා පහසුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. මේ අතරේ බංගලි ඉනිමේ සිව් වන කඩුල්ල ලෙස Mahmudullah දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුනත්, එතැනින් පසු කඩුල්ලේ එක් වූ නායක Najmul Shanto සහ Mushfiqur Rahim යුගලය අතරේ ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 165ක සබඳතාවක් ගොඩ නැගුණා.

මෙහි දී පෙර පැවති විස්සයි විස්ස තරගාවලියේ මෙන්ම, රාත්‍රි කාලයේ ඇති වූ අසාමාන්‍ය පින්න පන්දු යවන්නන්ට දැඩි බාධාවක් වූ බව විශ්වාස කළ හැකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දියාරු වූ පිතිකරණය ද තරගයේ තීරණයට දැඩි බලපෑමක් එක්ක කළ බව වටහා ගත හැකි.

ඒ අනුව මෙම තරගයෙන් බංග්ලාදේශය කඩුලු 6ක ජයග්‍රහණයක් උරුම කර ගත් අතර, ඒ වෙනුවෙන් නායක Shanto නොදැවී ලකුණු 122ක් ලබ ගත් අතර, Mushfiqur නොදැවී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුනා.

  • තරගයේ වීරයා – Najmul Hossain Shanto

Result


Bangladesh
257/4 (44.4)

Sri Lanka
255/10 (48.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Soumya Sarkar b Tanzim Hasan 36 28 5 1 128.57
Avishka Fernando c Mushfiqur Rahim b Tanzim Hasan 33 33 5 1 100.00
Kusal Mendis c Najmul Hossain Shanto b Taskin Ahmed 59 75 5 1 78.67
Sadeera Samarawickrama c Mushfiqur Rahim b Tanzim Hasan 3 5 0 0 60.00
Charith Asalanka b Mehidy Hasan Miraz 18 37 2 0 48.65
Janith Liyanage  c Mushfiqur Rahim b Shoriful Islam 67 69 3 2 97.10
Wanidu Hasaranga c Towhid Hridoy b Taskin Ahmed 13 14 1 1 92.86
Mahesh Theekshana c Liton Das b Taskin Ahmed 1 7 0 0 14.29
Pramod Madushan c & b 8 15 1 0 53.33
Lahiru Kumara not out 5 7 1 0 71.43
Dilshan Madushanka c & b 0 3 0 0 0.00


Extras 12 (b 0 , lb 2 , nb 0, w 10, pen 0)
Total 255/10 (48.5 Overs, RR: 5.22)
Bowling O M R W Econ
Shoriful Islam 9.5 1 51 3 5.37
Taskin Ahmed 10 1 60 3 6.00
Tanzim Hasan 8.4 0 44 3 5.24
Taijul Islam 8 0 54 0 6.75
Mehidy Hasan Miraz 10 1 33 1 3.30
Soumya Sarkar 2.2 0 11 0 5.00


Batsmen R B 4s 6s SR
Liton Das b Dilshan Madushanka 0 1 0 0 0.00
Soumya Sarkar c Maheesh Theekshana b Dilshan Madushanka 3 9 0 0 33.33
Najmul Hossain Shanto not out 122 129 13 2 94.57
Towhid Hridoy b Pramod Madushan 3 8 0 0 37.50
Mahmudullah c Dilshan Madushanka b Lahiru Kumara 37 37 4 1 100.00
Mushfiqur Rahim not out 73 84 8 0 86.90


Extras 19 (b 0 , lb 2 , nb 0, w 17, pen 0)
Total 257/4 (44.4 Overs, RR: 5.75)
Bowling O M R W Econ
Dilshan Madushanka 8 1 44 2 5.50
Pramod Madushan 8 0 53 1 6.62
Lahiru Kumara 6 0 35 1 5.83
Maheesh Theekshana 9.4 0 47 0 5.00
Wanidu Hasaranga 8 0 54 0 6.75
Janith Liyanage  5 0 22 0 4.40



තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණට පැමිණීමටත් බංග්ලාදේශය සමත් වනවා.

තරගාවලියේ මීළඟ එක්දින තරගය එළඹෙන සිකුරාදා (15) පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ සජීවී දසුන් ඔබ වෙත රැගෙන ඒමට මෙන්ම, තරගය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<