සඳුන් ප්‍රනාන්දුට නූලෙන් ශතකය මඟ හැරේ

260

වේල්ස් කුමර විද්‍යාලයේ සඳුන් ප්‍රනාන්දු හට එක් ලකුණකින් සිය අගනා ශතකය අහිමිව ගිය අද (23) දිනය තුළ අවසන් වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ තරගවල දී සාන්ත පීතර, ඩී. එස්. සේනානායක හා සාන්ත ඇලෝසියස් විද්‍යාල පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

මෙම තරගාවලියට සමගාමීව තවත් තරග දෙකක් අද (23) ආරම්භ විය.

ශතක හා අර්ධ ශතක රැසක් සමඟින් සතිය ඇරඹේ

දිනක නිහැඬියාවකට පසුව ආරම්භ වූ නව සතියේ අද (22) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරග කිහිපයක්ම ආරම්භ විය.

ත්‍රිත්ව විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් මෙම A කාණ්ඩයේ තරගය තර්ස්ටන් පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. නමුත් පළමු ඉනිම ජය ගැනීමට තර්ස්ටන් විද්‍යාලයට හැකි විය.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් ජනුශ්ක ප්‍රනාන්දු හා පන්සිලු දේශාන් අර්ධ ශතක ලබාගෙන පළමු ඉනිමේ ජය තහවුරු කළ අතර කවිශ්ක සේනාධීර කඩුලු 6ක් දවාලමින් දස්කම් දක්වන ලදි. ත්‍රිත්ව දෙවන ඉනිමට හසින්ත ජයසූරිය ලකුණු 74ක් එක් කළේය.

ත්‍රිත්ව විද්‍යාලය – 187/10 (51.5): පුබුදු බණ්ඩාර 38, අභිශේක් ආනන්දකුමාර් 31, හසින්ත ජයසූරිය 31, අයේශ් හර්ශන 4/37.

තර්ස්ටන් විද්‍යාලය –  284/10 (85.1): ජනුශ්ක ප්‍රනාන්දු 55, පන්සිලු දේශාන් 52, නිමේෂ් පෙරේරා 39, නිමේෂ් ලක්ෂාන් 34, ඉමේෂ් විරංග 30, කවිශ්ක සේනාධීර 6/66.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 253/8 (61): හසින්ත ජයසූරිය 74, ට්‍රෙවෝන් පර්සිවෙල් 40, අයේශ් හර්ශන 3/53, සඳරු ඩයස් 3/75.


සාන්ත පීතර විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

ඊයේ දිනය අවසානයේ ධර්මරාජ විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 28යි. අද ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 112කට සීමා කිරීමට මොහොමඩ් අමීන් ඇතුළු සාන්ත පීතර පන්දු යවන්නන් සමත් වූ අතර විරාජිත ඇහැළේපොළ ලකුණු 45ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 112කට ධර්මරාජ පළමු ඉනිම සීමා වූ නිසා ඉනිමක ජයක් අපේක්ෂාවෙන් යළිත් පන්දු යැවූ සාන්ත පීතර විද්‍යාලය එම ඉලක්කය සපුරා ගත්තේ ධර්මරාජ දෙවන ඉනිම ලකුණු 139කට දවා ගනිමිනි. සචින් සිල්වා හා අමීන් දෙවන ඉනිමේ කඩුලු 5 බැගින් දවා ගන්නා ලදි. මෙම තරගය C කාණ්ඩයේ තරගයකි.

සාන්ත පීතර විද්‍යාලය – 308/10 (77.1): ශලිත් ප්‍රනාන්දු 75, සුලක්ෂණ ප්‍රනාන්දු 57, ප්‍රභාසර හේරත් 51, ශැනොන් ප්‍රනාන්දු 48, තුශාන් හේරත් 4/43.

ධර්මරාජ විද්‍යාලය – 112/10 (43.3): විරාජිත ඇහැළේපොළ 45, මොහොමඩ් අමීන් 4/60.

ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිම (F/O) – 139/10 (46.3): බවන්ත උඩනගමුව 47, සචින් සිල්වා 5/48, මොහොමඩ් අමීන් 5/60.

තරග ප්‍රතිඵලය – සාන්ත පීතර විද්‍යාලයට ඉනිමක හා ලකුණු 57ක් ජයක්

ගුරුකුල විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

ගුරුකුල විද්‍යාලය ලබාගත් ලකුණු 226ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ රිච්මන්ඩ් විද්‍යාලය ඊයේ දිනය අවසානයේ තවත් ලකුණු 172ක් පසුපසින් සිටින ලදි.

ලකුණු 227ක් ලබාගෙන පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් චමත් දිල්සර නොදැවී අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි. අවසානයේ රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිමේ ජය තහවුරු කරගත්තේය.

ගුරුකුල විද්‍යාලය – 226/10 (84.4): මලිඳු විදුරංග 97*, ප්‍රවීන් නිමේෂ් 72, අවිඳු තීක්ෂණ 4/54.

රිච්මන්ඩ් විද්‍යාලය – 227/8d (103.1): චමත් දිල්සර 53*, දුවින් කලන්සූරිය 39, දිළුම් සුධීර 39, චමත් දිල්සර 35, සඳුන් මෙන්ඩිස් 26, යුශාන් මලිත් 3/39.

ගුරුකුල විද්‍යාල දෙවන ඉනිම – 80/3 (21):


කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස කුරුණෑගල වෙලගෙදර පිටියේ දී අවසන් වූ මෙම තරගය සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 9කින් ජයග්‍රහණය කරන ලදි.

සාන්ත ඇලෝසියස් පළමු ඉනිම අද උදෑසනම ලකුණු 141කට සීමා කිරීමට සාන්ත මරියා විද්‍යාලය සමත් විය. එහි දී ටී. එස්. කුමාර කඩුලු 5යි. කවිශ්ක ඩිල්ශාන්ගේ දක්ෂ පන්දු යැවීම නිසා සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම ලකුණු 92කට සීමා විය. වමතින් දඟපන්දු යවන කවික ඩිල්ශාන් කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.  රවිඳු සංජන හා සංදීප චමෝද් නොදැවී ලකුණු රැස්කරගෙන සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ජය රැගෙන එන ලදි.

සාන්ත මරියා විද්‍යාලය – 121/10 (44.2): එන්. ඩී. පී. එම් වලිසිංහ 26, කවිශ්ක ඩිල්ශාන් 4/12.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය –  145/10 (59.2): නිලුක්ෂ දිල්මිණ 85, ටී. එස්. කුමාර 5/43, සජීව ජයමාල් 3/30.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම – 92/10 (38.1): කවික ඩිල්ශාන් 7/32, රවිඳු සංජන 3/24.

සාන්ත ඇලෝසියස් විද්‍යාල දෙවන ඉනිම –  70/1 (10.5): රවිඳු සංජන 39*, සංදීප චමෝද් 29*.

බෝයගොඩගේ වාර්තාවත් සමඟින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පලිහ ශූරතාව සඳහා වන අර්ධ අවසාන පූර්ව තරගයෙන් කෙන්යාව පරදා ලකුණු 311ක දැවැන්ත ජයක් වාර්තා….

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය

තරගයේ අද දිනය ආරම්භ වන විට පිළිතුරු පළමු ඉනිම දියත් කරන සාන්ත අන්තෝනි විද්‍යාලය ප්‍රබල තැනක පසුවිය. ඔවුන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට අද සමත් විය.

ලකුණු 359ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටවූ සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් ලහිරු මදුභාෂණ ලකුණු 2ක් රැස්කර ගත්තේය. තරිඳු චන්දිම ලකුණු 85යි. පන්දු යැවීමේ දී ප්‍රවීන් සඳමාල් ලකුණු 35කට කඩුලු 5යි.

අශාන් දිල්හාර නොදැවී ශතකයක් ලබාගෙන අද දිනය අවසන් වන තෙක් ක්‍රීඩා කරමින් සිය විද්‍යාලය පූර්ණ පරාජයකින් බේරා ගන්නා ලදි.

තරගය බණ්ඩාරගම මහජන පිටියේ දී ක්‍රියාත්මක විය.

සාන්ත ජෝන් විද්‍යාලය – 256/10 (76.3): චමිඳු වික්‍රමාරච්චි 86*, අශාන් දිල්හාර 46, කවීෂ දුලංජන 4/15.

සාන්ත අන්තෝනි විද්‍යාලය –  359/9d (71.2): ලහිරු මදුභාෂණ 92, තරිඳු චන්දිම 85, රශ්මිත මෙවන් 42, ප්‍රවීන් සඳමාල් 5/35, තමින්දු වික්‍රමාරච්චි 3/96.

සාන්ත ජෝන් විද්‍යාල දෙවන ඉනිම – 261/7 (42.5): අශාන් දිල්හාර 125*, ප්‍රවීන් සඳමාල් 40,


සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස මත්තේගොඩ යුද හමුදා පිටියේ නිමාව දුටු මෙම තරගයේ දී මුදිත ලක්ෂාන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ලදි. ඒ නිසාවෙන් ඩී. එස්. සේනානායක විද්‍යාලයට ඉනිමක හා ලකුණු 95ක ජයක් ලබා ගැනීමට හැකි විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය ලබාගත් ලකුණු 300ට පිළිතුරු ලෙස සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලබා ගත්තේ ලකුණු 138ක් වන අතර එහි දී කවීෂ ජයතිලක ලකුණු 34ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී මුදිත මෙම තරගය පුරාවට දස්කම් දැක්වූයේ ලකුණු 127ක් හා කඩුලු 9ක් දවා ගනිමිනි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 67/10 (22): කවීෂ ජයතිලක 26, සචින්ත හෙට්ටිගේ 3/12, මුදිත ලක්ෂාන් 3/16, පසිඳු ආධිත්‍යය 3/16.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 300/9d (64): මුදිත ලක්ෂාන් 127, පසිඳු ආධිත්‍යය 39, දසුන් දිමාශ 36, මහේෂ් තීක්ෂණ 5/92.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල දෙවන ඉනිම – 138/10 (53.2): කවිශ ජයතිලක 34, මහේෂ් තීක්ෂණ 20, මුදිත ලක්ෂාන් 6/40.

කුසල් ජනිත් පෙරේරා තුන්කොන් තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සුළු ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මේ වන විට බංග්ලාදේශයේ දී පැවැත්වෙන…

පළමු දිනට පැවති තරග


වේල්ස් කුමර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය

සඳුන් ප්‍රනාන්දු හට අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු වූ මෙම තරගය රාජකීය පිටියේ දී පැවැත්විය.

කාසියේ වාසිය දිනූ සත්කාරකයින්ගේ ඇරයුමින් පළමුව පිටියට පිවිසි වේල්ස් කුමර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 277ක් ලබා ගන්නා ලදි. එහි දී සඳුන් ලකුණු 99කට දැවී ගියේය. ඊට අමතරව සුවත් මෙන්ඩිස් හා අවිඳු ලකුණු අතරට පිවිසියේය.

වේල්ස් කුමර විද්‍යාලය – 277/10 (76.2): සඳුන් ප්‍රනාන්දු 99, සුවත් මෙන්ඩිස් 48, අවිඳු ප්‍රනාන්දු 43, සනෝජ් දර්ශික 25, කමිල් මිශාර 4/61, ගයාන් දිසානායක 3/37.

රාජකීය විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 30/4(14.5):


සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

මග්ගොන සරේ පිටියේ පළමු දිනයට පැවැත්වූ මෙම තරගයේ අද දිනය අවසන් වන විට බණ්ඩාරනායක විද්‍යාල ලකුණු පුවරුව 120/3 ලෙස දැක්විය.

කාසියේ වාසිය දිනූ බණ්ඩාරනායක විද්‍යාලයේ ඇරයුමින් පළමුව පිටියට පිවිසුණු සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් තරුෂ ප්‍රනාන්දු, නිශිත අභිලාෂ් හා ශනෙල් ප්‍රනාන්දු දස්කම් දක්වන ලදි. අවසානයේ ලකුණු 301ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කළේය.  ජනිඳු ජයවර්ධන කඩුලු 5යි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 301/9d (69.2): තරුෂ ප්‍රනාන්දු 95, නිශිත අභිලාෂ් 55, ශනෙල් ප්‍රනාන්දු 51, විනුජ රණසිංහ 33, ජනිඳු ජයවර්ධන 5/78.

බණ්ඩාරනායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 120/3 (37): අරෝෂ මදුශාන් 36* මාධව තත්සර 32.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (24) දෙවන දිනටත් පැවැත්වේ. එසේම හෙට දිනයේ ආරම්භ වන සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට අවශ්‍ය කටයුතු සියල්ලම ThePapare.com විසින් සූදානම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<