ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (03) ඇන්ටිගුවා හිදි ආරම්භ වුනා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා සුපුරුදු ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෙනුවට ලහිරු උදාර කණ්ඩායමට කැඳවා තිබූ අතර, ඊට අමතරව දඟ පන්දුව ශක්තිමත් කිරීම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ද කණ්ඩායමට කැඳවා තිබුණා. එමෙන්ම ඉසිත විජේසුන්දර විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‍ට් වරම් ලැබීමට ද භාග්‍යය උදා කර ගැනීම විශේෂත්වයක්.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව සතු වූ අතර, ඒ අනුව තරගයේ පළමු ඉනිම දියත් කිරීමේ අභියෝගය ශ්‍රී ලංකාව බාර ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට නිශාන් මදුශ්ක සහ ලහිරු උදාර පිටියට පිවිසුණු නමුත්, අද දිනය ද නිශාන් හට එතරම් සුබදායක එකක් වුනේ නැහැ. ඔහු ලකුණු 06කට මෙන්ම, අංක තුන පිතිකරු දිනේෂ් චන්දිමාල් එක් ලකුණකට පිටියෙන් ඉවත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 25කට කඩුලු 2ක් ලෙස සටහන් වූ අතර, ඉන් පසුව උපනායක කමිඳු මෙන්ඩිස් ලහිරු සමඟ පිටියේ එක් වුනා.
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
- 19න් පහළ යොවුන් තරගාවලියට අදත් වර්ෂාවෙන් බාධා
- වාර්තා පොත් අලුතින් ලියැවුණ 2026 මංගල තරගය
- ගියවර ශූරියන් සහ අනුශූරියන් පරාජය වෙයි
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 255ක් පමණක් වැය කරමින් ලකුණු 215ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී කමිඳු විසින් පන්දු 120ක් තුළ ලකුණු 84ක් වාර්තා කිරීමට සමත් වුනේ හතරේ පහර 11ක් ද සමඟයි. කමිඳුගේ දැවී යාමෙන් අනතුරුව නායක ධනංජය ද සිල්වා පිටියට අවතීර්ණ වූ අතර, ඔහු සහ ලහිරු විසින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නැවතත් වටිනා ලකුණු 93ක් එක් කිරීමට සමත් වුනා.
ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 333ක් සටහන් වන විට එතෙක් වේලා අග්‍රගණ්‍ය ඉනිමක් දියත් කරමින් සිටි ලහිරු උදාරගේ ඉනිම නිමා වූ අතර, ඔහු විසින් හතරේ පහර 21ක් සහ හයේ පහර 05ක් සමඟ ලකුණු 188ක් වාර්තා කර ගැනීමට සමත් වුනා.
ලහිරුගේ දැවී යාමෙන් පසුව ධනංජය ද ලකුණු 33ක් ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව ඉනිමේ හය වැනි කඩුල්ල සඳහා සොනාල් දිනූශ සහ කුසල් මෙන්ඩිස් පිටියේ එක් වුනා. එමෙන්ම දිනය නිමා වන තෙක් ඔවුන් නොදැවී කඩුල්ලේ රැඳී සිටීම ද සමත් වූ අතර, තරගයේ පළමු දිනය සඳහා ක්‍රියාත්මක වූ පන්දුවාර 83 තුළ ශ්‍රී ලංකාව විසින් කඩුලු 5ක් පමණක් දැවෙමින් ලකුණු 338ක් ලබා ගැනීමට සමත් වී සිටිනවා.
මෙහි දී කොදෙව්වන් වෙනුවෙන් Shamar Joseph කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. තරගයේ දෙවැනි දිනය අද (04) ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















