DS ක්‍රීඩකයින්ගේ සිහින බොඳ වෙද්දී සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ඉදිරියට

Dialog පාසල් රග්බි ලීගය 2023

1070
2023 Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය ජුනි 14 වැනිදා ඇරඹෙයි

පාසල් ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන Dialog පාසල් රග්බි ලීගයේ මූලික වටයේ අවසන් සතිය පසුගිය දා පැවැත්වුණා.

ඉතා තීරණාත්මක සතියක් වූ එම සතියේ තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට සාන්ත ජෝසප්, සාන්ත අන්තෝනි, විද්‍යා විද්‍යාලය, සාන්ත පීතර සහ වෙස්ලි කණ්ඩායම්වලට හැකි වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය

ලකුණු 16-29ක් ලෙස DS ක්‍රීඩකයින්ගේ ඉදිරි බලාපොරොත්තු සුන් කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා.

තරගය ආරම්භයේ ම DS ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩක නවීන් මාරසිංහ සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කිරීමට Ivano Whiteට හැකි වුනා.

ඉන් කෙටි වේලාවකට පසුව ක්‍රියාත්මක වූ අයේෂාන් ලංකා සාන්ත ජෝසප් ක්‍රීඩකයින් වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය ද Ivano White ඉතා සාර්ථකව අවසන් කළා.

23 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් DS ක්‍රීඩකයින්ගේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට ශෙහද උමගිලියගේට හැකි වුනා.

නමුත් පළමු අර්ධයේ සම්පූර්ණ ගෞරව සිය කණ්ඩායමට දිනා දෙමින් තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් වන තරූෂ ජයසූරිය සහ බීශ්ම ජයසේකරට හැකි වුනා.

දෙවැනි අර්ධයේ ද සිය කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ඩී. එස්. ක්‍රීඩක පීරිස්ට හැකි වූ අතර එහි ප්‍රවර්තනය උමගිලියගේ සාර්ථකව අවසන් කළා.

තරගය අවසන් වීමට පෙර නැවතත් ක්‍රියාත්මක වූ බීශ්ම දිනයේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණය තහවුරු කරද්දී, තරගාවලිය පුරාවට පෙරළිකාරී දස්කම් දැක්වූ DS ක්‍රීඩකයින්ට දෙවැනි වටයට පිවිසීමට අවස්ථාව අහිමි වුනා.

NDB තරග‍යේ වීරයා: අයේෂාන් ලක්ෂාන් (සාන්ත ජෝසප් විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය : සාන්ත ජෝසප් විද්‍යාලය 29 (5T 2C)  16 (1T 1C 3P) ඩී. එස්. සේනානායක විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය– පීරිස් 1T &  1P, විජේරත්න 1C & 2P
  • සාන්ත ජෝසප් විද්‍යාලය– නවීන් මාරසිංහ 1T, අයේෂාන් ලංකා 1T, තරූෂ ජයසූරිය 1T, බීශ්ම ජයසේකර 2T, Ivano White 2C.

වෙස්ලි විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 15–30ක් ලෙස පරාජය කරමින් L.E. Blaze කුසලානය රඳවා ගැනීමට වෙස්ලි ක්‍රීඩකයින්ට හැකි වුනා.

ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් සත්කාරක කිංග්ස්වුඩ් වෙනුවෙන් දඬුවම් පහරක් වාර්තා කිරීමට රංදිම රණවීරට හැකි වුනා.

නමුත් එයට පිළිතුරු ලෙස පළමු අර්ධයේ දී Siddek Abdulla වෙස්ලි වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරද්දී, Thalah Anas තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනේ පළමු අර්ධයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට ලබා දෙමිනුයි.

දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගනිමින් වෙස්ලි ක්‍රීඩකයින් දෙවැනි අර්ධය ආරම්භ කරද්දී, සිය කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට කිංග්ස්වුඩ් ක්‍රීඩක Nifrazට හැකි වූ අතර එහි ප්‍රවර්තනය රංදිම සාර්ථක කර ගත්තා.

තරගය පුරාවට ඉහළ දස්කම් දැක්වූ Siddek Abdulla සිය කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කර ගැනීමට සමත් වූවත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

වෙස්ලි වෙනුවෙන් පස්වැනි සහ අවසන් උත්සාහක දිනුම වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට Sanrukට හැකි වුනේ L.E. Blaze කුසලානය තව දුරටත් සිය පාසලේ රඳවමිනුයි.

NDB තරග‍යේ වීරයා: Siddek Abdulla (වෙස්ලි ව්ද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විද්‍යාලය 30 (5T 1C 1P)  15 (2T 1C 1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • කිංග්ස්වුඩ් විද්‍යාලය :Nifraz 1T, Ishan Inoon 1T, රංදිම රණවීර 1C 1P.
  • වෙස්ලි විද්‍යාලය :Siddek Abdulla 3T, Thalah Anas 1T, Sanruk 1T, Kizer Lye 1C 1P

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය  

ලකුණු 34-17ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමින් සුපිරි 4 දෙනාගේ වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලයට හැකි වුනා.

එම ජයග්‍රහණය සමඟ Rev. Fr. Angelo Rosati අනුස්මරණ කුසලානය දිනා ගැනීමට ද ඔවුන්ට හැකි වුනා.

තීරණාත්මක තරගයේ පළමුවෙන් ක්‍රියාත්මක වූ තිසර ගමගේ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූවත් එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කිරීමට කීර්තිසිරිට හැකි වුනේ නැහැ.

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ගේ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් සාන්ත තෝමස් ක්‍රීඩක යෙහාන් බුලත්සිංහලගේ සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කළා.

නමුත් 23 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Tyrone Mariyadas උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට ලබා දුන්නා.

දෙවැනි අර්ධය ආරම්භයේම ක්‍රියාත්මක වූ Tyrone Mariyadas දිනයේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර අසාර්ථක වීම් කිහිපයකින් පසුව එහි ප්‍රවර්තනය කීර්තිසිරි සාර්ථකව එල්ල කළා.

සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට හිස එසවීමට ඉඩක් ලබා නොදුන් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ජයග්‍රහණයට ආසන්න කිරීමට රොෂේන් කුමාරට හැකි වුනා.

සිය කණ්ඩායමට තරමක සහනයක් ගෙන දෙමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට මනිල් ප්‍රනාන්දුට හැකි වූවත් සාන්ත අන්තෝනි ක්‍රීඩක සඳුක අතුකෝරල උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු පරතරය ඉහළ නැංවුවා.

තරගය අවසන් වීමට කෙටි වෙලාවක් තිබිය දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩක ශෙනාල් ප්‍රනාන්දුට හැකි වූ අතර එහි ප්‍රවර්තනය ද යෙහාන් සාර්ථකව එල්ල කළා.

සිය කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නායක සහන් කීර්තිසිරි තරගය අවසන් වීමට මත්තෙන් අගනා උත්සාහක දිනුමක් වාර්තා කළේ කණ්ඩායමට දෙවැනි වටයේ දොරගුළු විවර කරලයි.

NDB තරග‍යේ වීරයා: රොෂේන් කුමාර (සාන්ත අන්තෝනි විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 34 (6T, 2C)  17 (2T,2C,1P) සාන්ත තෝමස් විද්‍යාලය 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

විද්‍යා විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය

ඉතා තියුණු සටනකින් පසු ධර්මරාජ ක්‍රීඩකයින් ලකුණු 24 -21ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට විද්‍යා ක්‍රීඩකයින් සමත් වුනා.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ධර්මරාජ ක්‍රීඩකයින් සමත් වූ අතර එහි ප්‍රවර්තනය ලසිත විජේසූරිය සාර්ථකව එල්ල කළා.

එයට පිළිතුරු ලෙස සීමාව අසල ලැබූ පන්දුවක් ඉතා සාර්ථකව උත්සාහක දිනුම් රේඛාව පසු කර රැගෙන යමින් සිය කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට විද්‍යා ක්‍රීඩක සහන් බණ්ඩාරට හැකි වුනා.

නමුත් එහි සතුට කෙටි වේලාවකට සීමා කරමින් සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම ධර්මරාජ ක්‍රීඩක චලන මෙන්ඩිස් විසින් වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය ද ලසිත සාර්ථකව එල්ල කළා.

විද්‍යා ක්‍රීඩකයින් තවත් අසරණ කරමින් චලන සිය දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද ලසිත සාර්ථකව එල්ල කිරීම නිසා ලකුණු තත්වය දිස් වුනේ 21-05ක් ලෙසයි.

සිය කණ්ඩායමට අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වෙමින් විද්‍යා විද්‍යාලය වෙනුවෙන් සසිත නිමන්ත උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, ඕෂධ පෙරේරා දඬුවම් පහරක් සාර්ථකව අවසන් කළා.

එයින් සිය රිද්මයට පිවිසි ඕෂධ පන්දුව ලබා ගෙන ඉතා අලංකාර ධාවනයක් පෙන්නුම් කරමින් සිය කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගයේ ලකුණු ආසන්න කරමිනුයි.

පසුව හිමි වූ දඬුවම් පහර අවස්ථා දෙකක් ඉතා සාර්ථක ලෙස එල්ල කරමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කිරීමට ඕෂධට හැකි වුනේ තරගාවලියේ ලැබූ පළමු ජය සිය කණ්ඩායමට ගෙන දෙමිනුයි.

NDB තරග‍යේ වීරයා: අනුරාධ ලක්ෂාන් (විද්‍යා විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය : විද්‍යා විද්‍යාලය 24 (3T, 3P) – 21 (3T 3C) ධර්මරාජ විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • විද්‍යා විද්‍යාලය– ඕෂධ පෙරේරා 1T & 3P, සහන් බණ්ඩාර 1T, සසිත නිමන්ත 1T.
  • ධර්මරාජ විද්‍යාලය– චලන මෙන්ඩිස් 2T, ලසිත විජේසූරිය  3C, ඉෂාර විජේවර්ධන 1T.

විද්‍යාර්ථ විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

විද්‍යාර්ථ ක්‍රීඩකයින් ලකුණු 66-10ක් ලෙස පරාජය කරමින් අපරාජිතව සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට ප්‍රබල සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වුනා.

තරගය ආරම්භයේම සිය ප්‍රබලත්වය පෙන්නුම් කළ සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් යුමෙත් ශිහාර සහ පසිඳු බණ්ඩාර උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් වූ අතර තරිඳු කුශාන් එහි ප්‍රවර්තන සාර්ථකව අවසන් කළා.

විද්‍යාර්ථ විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් හෙලන විජේතුංග සිය කණ්ඩායම තරගයට අවතීර්ණ කිරීමට සමත් වුනා.

පළමු අර්ධයේම තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමට තහවුරු කර ගනිමින් තවත් උත්සාහක දිනුම් දෙකක් තරිඳු සහ ශානුක පෙරේරා වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තන ද තරිඳු සාර්ථකව එල්ල කළා.

පළමු අර්ධය අවසන් වීමට කෙටි වේලාවක් තිබිය දී ක්‍රියාත්මක වූ පසිඳු බණ්ඩාර සිය කණ්ඩායම වෙනුවෙන් පස්වැනි සහ සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළා.

දෙවැනි අර්ධය ආරම්භයේම සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් ජයවික්‍රම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර විද්‍යාර්ථ ක්‍රීඩක සදෙව් ගමගේ උත්සාහක දිනුමක් වාර්තා කළේ සිය ක්‍රීඩකයින්ට තරමක සහනයක් ගෙන දෙමිනුයි.

නමුත් එතැන් පටන් ප්‍රතිවාදීන්ට එරෙහිව තවත් උත්සාහක දිනුම් හතරක් වාර්තා කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන්ට එරෙහිව කිසිදු ලකුණක් වාර්තා කිරීමට විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් එම උත්සාහක දිනුම් රැස් කළේ ප්‍රනීත් සිල්වා, එමිත් ජයවීර, දුලාජ් නවෝද්‍ය සහ ජෙහාන් වීරවංශ විසිනුයි.

NDB තරග‍යේ වීරයා: කුශාන් තරිඳු (සාන්ත පීතර විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 66 (10T,8C)  10 (2T)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සාන්ත පීතර විද්‍යාලය– යුමෙත් ශිහාර, පසිඳු බණ්ඩාර 2T, කුශාන් තරිඳු 1T & 8C, ශනුක පෙරේරා 1T, සුදේශ් ජයවික්‍රම 1T, ප්‍රනීත් සිල්වා 1T, එමිත් ජයවීර, දුලාජ් නවෝද්‍ය, ජෙහාන් වීරවංශ.
  • විද්‍යාර්ථ විද්‍යාලය – හෙලන විජේතුංග 1T, සදෙව් ගමගේ 1T.

තරගාවලියේ පසුගිය සතියේ තරග ප්‍රතිඵල,

2023 පාසල් රග්බි තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<