සාන්ත පීතර සහ වෙස්ලි ක්‍රීඩකයින් පළමු සතියේ ජයග්‍රාහකයින් අතරට

Dialog පාසල් රග්බි ලීගය 2022

349

Dialog පාසල් රග්බි ලීගයේ ඊයේ (25) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට සාන්ත පීතර සහ වෙස්ලි ක්‍රීඩකයින්ට හැකි වුනා.

වෙස්ලි විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය

CR&FC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ලකුණු 38-07ක් ලෙස ජයග්‍රහණය කිරීමට වෙස්ලි ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගය ආරම්භ වී මිනිත්තු හතරක් ගතවෙද්දී ක්‍රියාත්මක වූ වෙස්ලි ක්‍රීඩක රිගේෂ් මුරලිදරන් පළමු උත්සාහක දිනුම වාර්තා කරද්දී, ශවීන් ජයවර්ධන ප්‍රවර්තන අවස්ථාව සාර්ථකව අවසන් කළා.

වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම මිශෙල් අමත් වාර්තා කරද්දී, ශවීන් ජයවර්ධන එහි ප්‍රවර්තනය ද සාර්ථකව ලබා ගත්තා.

තරගයේ 23 සහ 29 වැනි මිනිත්තුවල දී Hazeez Thabeeth උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් වෙස්ලි ක්‍රීඩකයින් තරගයේ පෙරමුණට ගෙන ආවා.

එම උත්සාහක දිනුම් ද්විත්වයේම ප්‍රවර්තන අවස්ථා ශෙවීන් සාර්ථකව අවසන් කිරීමත් සමඟ එම අර්ධය අවසන් වුනේ ලකුණු 28-00ක් ලෙස වෙස්ලි ක්‍රීඩකයින් පෙරමුණේ තබමිනුයි.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 28-00 විද්‍යාර්ථ විද්‍යාලය

දෙවැනි අර්ධය ආරම්භ වී කෙටි වෙලාවකින් වෙස්ලි විද්‍යාලයට තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට Sheal Samuel සමත් වුනා.

විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩකයින්ට තරමක සහනයක් ගෙන දෙමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට අරෝෂ රත්නායක සමත් වෙද්දී, වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් නිතිල රොද්‍රිගෝ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විද්‍යාලය 38 (6T, 4C) – 07 විද්‍යාර්ථ විද්‍යාලය (1T , 1C)


NDB තරගයේ වීරයා: රිගේෂ් මුරලිදරන් (වෙස්ලි විද්‍යාලය)

ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

මෙවර පාසල් රග්බි ලීගයේ සහභාගී වූ පළමු තරගයෙන්ම ධර්මරාජ විද්‍යාලය පරදවා ලකුණු 27-12ක ජයක් ලබා ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගය ආරම්භ වී මිනිත්තු හතකට පසුව ක්‍රියාත්මක වූ සාන්ත පීතර ක්‍රීඩක කුෂාන් තරිඳු ලබා දුන් පන්දුවක් උත්සාහක දිනුමකට පරිවර්තනය කරමින් දිනෙත් රණසිංහ ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

සිය කණ්ඩායමට අවශ්‍ය තවත් ලකුණු පහක් දිනා දෙමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රජිත් ඒකනායකට හැකි වුනා.

පළමු අර්ධය ආරම්භයේ දී මද පසුබෑමකට ලක්වූවත් පසුව ආක්‍රමණශීලීව තරගයට අවතීර්ණ වූ ධර්මරාජ කණ්ඩායම වෙනුවෙන් වනුජ මන්ත්‍රීගේ උත්සාහක දිනුමක් වාර්තා කළා.

ධර්මරාජ කණ්ඩායම වෙනුවෙන් පළමු අර්ධයේ අවසන් භාගයේ දී ක්‍රියාත්මක වූ විමුක්ති බණ්ඩාර තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්වය සම කළා.

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 12 ( 2T , 1C) – 12 ( 2T , 1C) ධර්මරාජ විද්‍යාලය

කෙසේ නමුත් පළමු අර්ධයට වඩා ප්‍රබල ලෙස දෙවැනි අර්ධයට පිවිසි සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් අශේන් මදුගස්පේ උත්සාහක දිනුමක් වාර්තා කළා.

ධර්මරාජ ක්‍රීඩකයින් සිදු කළ අත්වැරැද්දකින් ප්‍රයෝජන ගත් සාන්ත පීතර ක්‍රීඩක විශේන්ක සිල්වා තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 22 (5T , 1C) – 12 ( 2T , 1C) ධර්මරාජ විද්‍යාලය

NDB තරගයේ වීරයා: අශාන් මදුගස්පේ (සාන්ත පීතර)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<