දීර්ඝ විවේකයකින් පසු Dialog පාසල් රග්බි ලීගය නැවතත්

Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය 2022

505

වසර දෙකක දිගු විරාමයකින් පසුව පාසල් රග්බි පිටියේ ප්‍රධානතම තරගාවලියක් වන ‘Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය’ මෙම මස තුන්වැනි සතියේ දී ආරම්භ කිරීමට පාසල් රග්බි සම්මේලනය සූදානමින් පසුවනවා.

මෙම වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් 2020 වසරේ අතරමග නතර කිරීමට සිදු වූ අතර වසංගතය දිනෙන් දින ඉහළ යාම නිසාවෙන් තරගාවලිය 2021 වසරේ දී ද පැවැත්වීමට හැකි වුනේ නැහැ.

රටේ පවතින අයහපත් තත්වය සහ ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය තීරණය කර ඇත්තේ සුවිශේෂී ආකෘතියකින් සීමිත කාලයක් තුළ සෑම කාණ්ඩයටම සමාන තරග කාලයක් ලබා දෙමින් තරගාවලිය පැවැත්වීමටයි.

අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත නිසාවෙන් තරගාවලියේ ලීග් වටය සහ පිළිමළුන් පිටුදැකීමේ වටය අගෝස්තු මාසය අවසන් වන විට අවසන් කිරීම සංවිධායකයින්ට දැඩි අභියෝගයක් වනු ඇත.

මෙවර තරගාවලියේ පළමු තරගය ජුනි 23 වැනිදා සාන්ත ජෝසප් විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

නව ආකෘතිය

තරගාවලිය සඳහා ඇති කාලය සීමිත වීම සහ සම්පත් අඩු වීම නිසාවෙන් මෙවර තරගාවලිය සුවිශේෂී ආකෘතියක් යටතේ පැවැත්වීමට රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා.

තරගාවලියේ පළමු කාණ්ඩයේ කණ්ඩායම් 36ක් තරග වදින අතර මෙවර එම කණ්ඩායම් 36 A, B සහ C ලෙස කොටස් තුනකට වෙන් කරමින් තරග පැවැත්වීමට තීරණය කර ඇත.

එක් එක් කොටසට අයත් වන කණ්ඩායම් 12 නැවත කාණ්ඩ දෙකකට වෙන් කරමින් තරග පැවැත්වෙන අතර එම කණ්ඩායම් 2019 වසරේ ලීගයේ ප්‍රතිඵල අනුව කාණ්ඩගත කරනු ඇත.

01 කාණ්ඩයේ –  A කොටස

Group 1A Group 2A
1 Royal College, Colombo 07 St. Peter’s College, Colombo 04
2 St. Joseph’s College, Colombo 10 Wesley college, Colombo 09
3 S Thomas’ College Mount Lavinia Isipathana College, Colombo 05
4 Trinity College Kandy Science College, Mount Lavenia
5 Kingswood College, Kandy Vidyartha College, Kandy
6 St Anthony’s College, Kandy Dharmaraja college, Kandy

ආකෘතිය එක් එක් කාණ්ඩයේ සිටින කණ්ඩායම් තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සියල්ල සමඟ තරග වැදීමට නියමිත අතර එම තරග අවසානයේ පළමු තැන සිටින කණ්ඩායම ද්විත්වය සුපර් ලීග් වටයක් තුළ තවත් තරග දෙකක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ලීගයේ ශූරයන් තෝරනු ඇත.

පළමු කාණ්ඩයේ – B සහ C කොටස

Segment B Groups

Group 2A Group 2B
1 Zahira College, Colombo DS Senanayake College
2 Maliyadeva College, Kurunagala Sumangala College
3 Lumbini College, Colombo Thurston College
4 Prince of Wales College Ananda College
5 St Aloysius’ College St. Sylvester’s College
6 Mahanama College, Colombo St. Benedict’s College

Segment C Groups

Group 3A Group 3B
1 Piliyandala Central College Devapathiraja- Rathgama
2 Sri Rahula-Katugasthota Richmond College – Galle
3 Siri Piyarathana Vidyalaya Moratuwa Maha Vidyalaya
4 Dharmapala College-Pannipitiya Nalanda College –Colombo
5 St.Johns’ College –Nugegoda Carey College- Colombo
6 Sri Richmond College – Galle – Panadura C.W.W Kannangara College

ආකෘතිය: මෙම ආකෘතියේ දී කණ්ඩායම් සිය කාණ්ඩයේ සිටින කණ්ඩායම් සමඟ තරග පහක් ක්‍රීඩා කර එම තරග අවසානයේ කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම ශූරයන් ලෙස අභිෂේක ලබයි.

තරමක කෙටි සහ නව ආකෘතියක් වූවත් පාසල් රග්බි තරග නැවත ආරම්භය ශ්‍රී ලංකා රග්බි ප්‍රේක්ෂකයන්ට විශාල සතුටක් ගෙන දෙ‍නු අතර Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<