විද්‍යාර්ථයින් නැවතත් A කාණ්ඩයට පැමිණෙයි ද?

1425

විද්‍යාර්ථ විද්‍යාලය මෙම (2019) වසරේදී සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී ඉතා හොඳින් දක්ෂතා අතර සිටි කණ්ඩායමකි. 2012 වසරේදී A කාණ්ඩයේ ප්‍රබල කණ්ඩායම් සියල්ලටම අභියෝගයක් වෙමින් සමස්ත තරගාවලියේ මුල් පුටු 5 අතර තම අසුන ද වෙන්කර ගත් විද්‍යාර්ථයින්, එම වසරේ කුමේන්ද්‍ර ධර්මදාසගේ නායකත්වයෙන් ශූරතාවය දිනාගත් ඉසිපතන කණ්ඩායම සමඟ තරගයද සමව අවසන් කළේය.

පළඟ ශූරතාවයේදී මොකද වුනේ?

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ දෙවැනි සතිය ඉතා වේගවත් සතියක් වුනා. එහි තරග පැවති ආකාරය පිළිබඳව…

පසුගිය කාලයේ A කාණ්ඩයේ තරග වල හොඳින් ක්‍රීඩා කරමින් සිටි පාසලක් වූ විද්‍යාර්ථ විද්‍යාලය 2012 වසරේදී පහළ කාණ්ඩයකට ඇද වැටෙන්නේ අනපේක්ෂිත ලෙසිනි. නමුත් අතීතය අතීතයක්ම බව පසක් කරමින් එදා පටන් අද දක්වා විද්‍යාර්ථ විද්‍යාලය නව මංපෙත් සොයාගනිමින්, තමන්ගෙන් ගිලිහී ගිය අභිමානය සොයා නැවතත් ඉදිරියට යන්නේ පහළ කාණ්ඩයේ සිට ඉහළ නැගීමේ චේතනාවෙනි.

මේ වසරේ තරග වලදී ඉහළ මට්ටමේ දක්ෂතා පෙන්වමින් ඉදිරියට ඇදෙන විද්‍යාර්ථයින් මේ වසරේ ලීග් තරගාවලිය ආරම්භ කරන ලද්දේ මහානාම විද්‍යාලය ලකුණු 75 – 20ක් ලෙස පරාජය කරමිනි. ඉන්පසු සාන්ත සිල්වෙස්තර විද්‍යාලය ලකුණු 45 – 12ක් ලෙස පරාජය කළ ඔවුන්, ලකුණු 70 – 07ක් ලෙස C.W.W. කන්නන්ගර විද්‍යාලය හමුවේ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. පසුව තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පැවති තරගය ලකුණු 10 – 06ක් ලෙස ජයගත් විද්‍යාර්ථයින් ධර්මරාජ විද්‍යාලයට එරෙහි තරගය ලකුණු 22 – 20ක් ලෙස ජය ගත්තේය. එසේම සහිරා විද්‍යාලය සමඟ පැවති තරගය ලකුණු 24 – 24ක් ලෙසින් ලකුණු සම තත්වයෙන් අවසන් වුවත් සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ පැවති තරගය ලකුණු 22 – 19ක් ලෙස ජයගත්තේය.

පසුගිය වසරේ B කාණ්ඩයෙන් A කාණ්ඩයට සුදුසුකම් ලැබීමට ඔවුන්ට අවශ්‍යව තිබුනේ මලියදේව විද්‍යාලයට එරෙහි තරගය ජයගැනීම පමණි. නමුත් විද්‍යාර්ථයින්ගේ A කාණ්ඩයේ  සිහින බොඳ කරමින් මලියදේව විද්‍යාලය එම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 26-22ක් ලෙසිනි.

දෙවන අර්ධයේදී විද්‍යාර්ථයින් තරගය කණපිට පෙරළයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතිය ආරම්භ කරමින් තවත් උද්වේගකර තරගයක් අද (14) දින මහනුවර නිත්තවෙල…

නමුත් මෙම වසරේ ඔවුන්ගේ දැඩි ආක්‍රමණශීලී තරග විලාශය නිසාම ඔවුන්ට ඉතිරි තරග ජයගනිමින් A කාණ්ඩයට නැවත පැමිණ විද්‍යාර්ථ නාමය ඉහළින් තැබීමට හැකියාවක් පවතී.

ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතයටද කවිඳු පෙරේරා, අශාන් බණ්ඩාර වැනි විශිෂ්ඨ ක්‍රීඩකයින් බිහිකර ඇති විද්‍යාර්ථ විද්‍යාල කණ්ඩායම තමන්ගේ ගිලිහී ගිය ශ්‍රේෂ්ඨත්වය සොයා ඉදිරියට ඇදෙමින් සිටියි.

ඉදිරි සති දෙක තුළ මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ D.S. සේනානායක විද්‍යාලය අතර තරග දෙකම ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් විද්‍යාර්ථ විද්‍යාලයට නැවත A කාණ්ඩයට පැමිණිය හැක.

අපි බලමු ඉදිරි සති දෙක තුළ කුමක් සිදුවෙයි ද කියා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<