Home Sinhala Qais Ahmad දඹුල්ල විනාශ කරයි

Qais Ahmad දඹුල්ල විනාශ කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by My Cola

265

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වේලාසනින්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ Colombo Kings සහ Dambulla Viiking යන කණ්ඩායම් අතර අද (11) දින පැවති තරගය එම කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි තැන සොයා ගැනීම වෙනුවෙන්ම වෙන් වී තිබූ අතර එහිදී පළමු වැනියා වෙමින් තරගාවලියේ පළමු වටය අවසන් කිරීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. 

කොළඹ ඉනිම වෙනුවෙන් අවසන් පන්දුවාර කිහිපයේ දී ප්‍රතිවාදීන් අමාරුවේ දැමීමට ඇෆ්ගනිස්තානයේ 20 හැවිරිදි Qais Ahmad සමත් විය. ඔහු මෙම තරගයේ දී තම සියලුම ආකාරයේ ක්‍රිකට් තරගවල මංගල අර්ධ ශතකය වාර්තා කළ අතර තරගයේ වීරයා ලෙසින් ද සම්මානයෙන් පුද ලැබුවේය.  

හම්බන්තොට දී නිමා වූ මෙම තරගයෙන් කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කළේ තවත් පන්දු 7ක් ද ඉතිරි කර ගනිමිනි. 

කාසියේ වාසිය දිනාගත් කොළඹ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 203ක් රැස්කර ගත්හ. හඹා ගිය දැවැන්ත ඉනිමේ දී කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු205ක් රැස්කර ගත්හ. 

Photos: Dambulla Viiking vs Colombo Kings – Match 20 | LPL 2020

පෙර තරගය වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වූ දඹුලු ක්‍රීඩකයෝ අද දින පැවති තරගයේ දී වෙනස්කම් 5ක් සිදුකරමින් තරගයට අවතීර්ණ වීම කැපී පෙනුනි. ඒ අනුව ඔවුන් Paul Stirling, රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත, ඩිල්ශාන් මධුශංක සහ Sudeep Tyagi වෙනුවට පුලින තරංග, මාලිංග පුෂ්පකුමාර, ලහිරු කුමාර, Anwar Ali සහ ප්‍රථම වරට කවිඳු නදිශාන් කැඳවා තිබුනි. කොළඹ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබූ අතර ඒ Andre Russell සහ ඉසුරු උදාන වෙනුවට ලහිරු උදාර සහ පළමු වරට හිමේෂ් රාමනායක එක්කර ගැනීමයි. 

දඹුලු ඉනිම ආරම්භ කළ Samit Patel සහ නිරෝෂන් දික්වැල්ල එක්ව පහසුවෙන්ම ලකුණු පුවරුව ලකුණු 50ක් කරා ගෙන යාමට සමත් වූයේ කොළඹ පන්දු යවන්නෝ දැඩි පීඩනයකට පත් කරමිනි. මෙම පිතිකරුවන් දෙදෙනා ඒ වෙනුවෙන් වැය කළේ ද පන්දු 28ක් පමණක් වීම කැපී පෙනුනි. ඉන් පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් රැස්කර ගත් Samit Patel පළමුවෙන් දැවී ගියේය. Qais Ahmad එම කඩුල්ලේ හිමිකාරයා වූ අතර ඔහු ඊළඟට යැවූ පන්දුවෙන් උපුල් තරංග (0) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. Ahmadගේ කඩුලු ත්‍රිත්වයේ පන්දුවට ඉතා පහසුවෙන් මුහුණ දුන් ඇන්ජලෝ පෙරේරා, ආරම්භක අනෙක් පිතිකරු දික්වැල්ල සමඟ එක්වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 94ක සබඳතාවක් එක් කළහ. 

දික්වැල්ල තමන් මුහුණ දුන් 32 වැනි පන්දුවේ දී තරගාවලියේ තම දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ අතර පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් රැස්කර ගනිමින් දැවී ගියේය. එම ඉනිම දික්වැල්ලගේ මෙම තරගාවලියේ හොඳම ඉනිම බවට ද පත්වූයේය. 

අනතුරුව ඇන්ජලෝ පෙරේරා සහ නායක දසුන් ශානක එක්ව දඹුලු ඉනිම තවත් ශක්තිමත් කළේ 4 වැනි කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 59ක සබඳතාවක් එක් කරමිනි. ඉනිම අවසන් වන විට ඇන්ජලෝ පෙරේරා පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 74ක් රැස්කර ගැනීමට සමත් විය. එය ඇන්ජලෝ පෙරේරා විසින් මෙම තරගාවලියේ දී වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකය වූ අතර එය ඔහුගේ හොඳම ඉනිම ද වූවේය. දසුන් ශානක පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 28ක් රැස්කර ගත්තේය. 

LPL තතුවිත්ති;

පන්දු යැවීමේ දී Qais Ahmad ලකුණු 23කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඇන්ජලෝ මැතිව්ස්ට ඉතිරි කඩුල්ල හිමි විය. 

හඹා යන ඉනිම ආරම්භ කළේ දිනේෂ් චන්දිමාල් සමඟ පෙර තරගයේ දී ශතකයක් වාර්තා කිරීමට සමත් වූ Laurie Evans ය. පෙර තරගයේ මෙන් ඔවුන්ට මෙම තරගයේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත. දෙදෙනා අතර පළමු කඩුල්ලට එක් වූ සබඳතාව පන්දු 20කට ලකුණු 20කි. ඉන් පන්දු 10කට මුහුණ දුන් චන්දිමාල් දැවී යන විට රැස්කර ගෙන සිටියේ ලකුණු 3ක් පමණි. 

අනතුරුව Evans සමඟ එක් වූ Daniel Bell Drummond කොළඹ ඉනිමේ ලකුණු පුවරුව වේගයෙන් කර කැවීමට සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව පන්දු 21කට ලකුණු 52ක සබඳතාවක් එක් කළහ. එම වේගය අඩාල වූයේ Evans හදිසි ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඒ හේතුවෙන්ම ඔහු පිටියෙන් ඉවත් වන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 53ක් රැස්කර ගෙන සිටියේය. 

ඔහුගේ අඩුව පිරවීමට පිටියට පිවිසි ලහිරු උදාරට රැස්කර ගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. Daniel Bell Drummond ද පන්දු 11ක දී හතරේ පහර 1ක් සහ හයේ පහර 1ක් එල්ල කරමින් ලකුණු 14කට පිටිය හැර ගියේය. අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් අශාන් ප්‍රියංජන් සහ තික්ෂිල ද සිල්වා එක්ව නැවත වතාවක් කොළඹ ඉනිම ඉදිරියට ගෙන ඒමට සමත් විය. නමුත් ඔවුන්ගේ සබඳතාව පන්දු 27ක දී ලකුණු 49ක් වන විට නවතා දැමීමට දසුන් ශානක සමත් වූයේ තික්ෂිල ද සිල්වා දවා ගනිමිනි. තික්ෂිල පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් ලකුණු 31ක් රැස්කර ගත්තේය.  

පස්වන කඩුල්ල වෙනුවෙන් අශාන් ප්‍රියංජන් සමඟ එක් වූ Qais Ahmad නැවත වතාවක් දඹුලු ක්‍රීඩකයන් භීතියට පත්  කළහ.. 19 වැනි පන්දුවාරය යැවූ Anwar Aliගේ පළමු පන්දු 3ට පිට පිට හයේ පහර 3ක් එල්ල කළ Qais Ahmad, පස්වන පන්දුවේ දීද හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායමට හිමිකර දීමට සමත් විය. 

තරගය නිමා වන විට අශාන් ප්‍රියංජන් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 47ක් වාර්තා කළ අතර Qais Ahmad පන්දු 22ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 50ක් රැස්කර ගත්තේය. ඔවුන් දෙදෙනා අතර පස්වන කඩුල්ල වෙනුවෙන් පිහිටවූ සබඳතාව පන්දු 35ක දී ලකුණු 77කි. 

කඩුලු දවා ගැනීමේ දී Samit Patel, මාලින්ද පුෂ්පකුමාර, Anwar Ali සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් බෙදා ගත්හ. 

තරගාවලියේ පළමු වටය අවසන් වන විට ප්‍රසාද ලකුණු පුවරුව මෙසේය,

TEAM  PT 
Colombo Kings  12 
Dambulla Viiking  11 
Jaffna Stallions 
Galle Gladiators 
Kandy Tuskers 

තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසාන තරගය පැවැත්වෙන වේලාවේ වෙනසක් වී ඇති අතර එම තරග රාත්‍රී 7.00ට ආරම්භ කෙරෙනු ඇත. ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය 13 වැනිදා කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර ද දෙවැනි අවසන් පූර්ව තරගය 14 වැනිදා දඹුල්ල සහ යාපනය අතර ද පැවැත්වීමට නියමිතය. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Dambulla Aura
203/3 (20)

Colombo Stars
205/4 (18.5)

Batsmen R B 4s 6s SR
Samit Patel b Qais Ahmed 26 13 3 1 200.00
Niroshan Dickwella c Dushmantha Chameera b Angelo Mathews 65 40 9 1 162.50
Upul Tharanga lbw b Qais Ahmed 0 1 0 0 0.00
Angelo Perera not out 74 51 7 2 145.10
Dasun Shanaka not out 29 15 5 0 193.33


Extras 9 (b 3 , lb 1 , nb 0, w 5, pen 0)
Total 203/3 (20 Overs, RR: 10.15)
Did not bat Kavindu Nadeeshan, Pulina Tharanga, Samiullah Shinwari, Anwar Ali, Malinda Pushpakumara, Lahiru Kumara,

Bowling O M R W Econ
Himesh Ramanayake 3 0 37 0 12.33
Angelo Mathews 2 0 10 1 5.00
Dushmantha Chameera 4 0 49 0 12.25
Ashan Priyanjan 2 0 17 0 8.50
Qais Ahmed 4 0 24 2 6.00
Tharindu Kaushal 3 0 32 0 10.67
Thikshila de silva 2 0 30 0 15.00


Batsmen R B 4s 6s SR
Dinesh Chandimal c Samit Patel b Anwar Ali 3 10 0 0 30.00
Daniel Bell Drummond c Niroshan Dickwella b Malinda Pushpakumara 14 11 1 1 127.27
Lahiru Udara lbw b Samit Patel 1 2 0 0 50.00
Ashan Priyanjan not out 47 28 4 2 167.86
Thikshila de silva c Pulina Tharanga b Dasun Shanaka 31 16 2 2 193.75
Qais Ahmed not out 50 22 2 5 227.27


Extras 6 (b 0 , lb 2 , nb 0, w 4, pen 0)
Total 205/4 (18.5 Overs, RR: 10.88)
Did not bat Laurie Evans, Angelo Mathews, Dushmantha Chameera, Tharindu Kaushal, Himesh Ramanayake,

Bowling O M R W Econ
Samit Patel 4 0 31 1 7.75
Malinda Pushpakumara 3 0 32 1 10.67
Lahiru Kumara 3 0 21 0 7.00
Anwar Ali 3.5 0 56 1 16.00
Kavindu Nadeeshan 1 0 9 0 9.00
Pulina Tharanga 2 0 24 0 12.00
Dasun Shanaka 2 0 20 1 10.00