Home Sinhala Galle Gladiators අමුතු මෙහෙයුමෙන් පළමුවැනියාට වැඩ වරදී

Galle Gladiators අමුතු මෙහෙයුමෙන් පළමුවැනියාට වැඩ වරදී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by My Cola

425
Image Credits - SLC

2020 LPL ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (13) Colombo Kings සහ Galle Gladiators කණ්ඩායම් අතර පැවැත්වුණු අතර තියුණු සහ උණුසුම් සටනකට පසුව එම තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කළ Galle Gladiators අවසන් මහා තරගයේ පළමු අසුන සිය නමට ඉදිරියෙන් වෙන්කර ගන්නා ලදි.

මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගත් Colombo Kings සහ සිව්වැනි ස්ථානය දිනා ගත් Galle Gladiators කණ්ඩායම් මේ පළමු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

Galle Gladiators නායක භානුක රාජපක්ෂ සහ Colombo Kings නායක ඇන්ජලෝ මැතිව්ස් අතරේ ඉහළ නැගුණු කාසියේ වාසිය ජයග්‍රහණය කළ භානුක පළමුව පන්දු රැකීම සඳහා තීරණය කළේය.

මූලික වටයේ අවසන් තරගයේ සිට අවසන් පූර්ව තරගය සඳහා පැමිණෙන විට Galle Gladiators එක් වෙනස්කමක් සිදු කරමින් චානක රුවන්සිරි හට LPL වරම් ලබා දුන් අතර Colombo Kings මේ තරග සඳහා අවතීර්ණ වූයේ වෙනස්කම් තුනක් සිදු කරමිනි.

Colombo King සඳහා ආරම්භය ලබා දීම වෙනුවෙන් පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් සහ ලහිරු උදාර හට පළමු පන්දුවාරයම දැඩි අභියෝගාත්මක කිරීමට Mohammad Amir සමත් විය. ඒත් සමඟම Colombo Kings පිතිකරුවන්ට දැඩි පීඩනයක් යොමු වුනු අතර එම ගොඩනැංවුණු පීඩනය හරහා ඔවුන්ගේ මුල් පෙළ බිඳ දැමීමට Galle Gladiators දියත් කළ සැලසුම සාර්ථක වීම නිසාවෙන් ඔවුන්ගේ පළමු කඩුලු 2ක ලකුණු 32ක් තුල දවා ගැනීමට ඔවුන් සමත් විය.

Colombo Kings ලකුණු සටහන දෙස හැරී බලන විට දෙවන කඩුල්ල සඳහා ගොඩනැංවුණු ලකුණු 29 සබඳතාවය හැරෙන්නට වෙනත් වැඩි ලකුණු සහිත සබඳතාවයක් වාර්තා නොවුණු පසුබිමක සිය අන්තය සවිමත් කරගත් Daniel Bell-Drummond ලැබුණු අවස්ථාවන් (උඩ පන්දු මඟ හැරීම්) කිහිපයෙන්ම ප්‍රයෝජන ලබා ගනිමින් පන්දු 53ක් තුල ලකුණු 70ක් ලබාගත්තේ 4 පහර 7ක් සහ 6 පහර 3ක් එල්ල කරමිනි. ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ ඉසුරු උදාන ලකුණු 19ක් ලබා ගත්තේය. අවසානයේ Colombo Kings ලකුණු සටහන පන්දුවාර විස්ස අවසානයේ දී 150/9ක් ලෙස සටහන් විය.

Galle Gladiators වෙනුවෙන් පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන් කඩුලු 3ක් දවා ගන්නා විට, නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. Amir සිය පන්දුවාර 4 ලකුණු 26කට නිමා කළේය.

ලකුණු 151ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Galle Gladiators ආරම්භක පිතිකරුවන් යුගලය වූ දනුෂ්ක ගුණතිලක සහ Ahsan Aliගේ සබඳතාවය වැඩි වේලාවක් පවත්වා ගැනීමට ඉඩ ලබා දීම Colombo Kings කණ්ඩායමට දැඩි අභියෝගයක් බව කල් තියාම හඳුනා ගත් නිසාවෙන් ඒ සඳහා දියත් කළ සැලසුම සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා වූ ගුණතිලකගේ කඩුල්ල ද ඇතුලත්ව Galle Gladiators පළමු කඩුලු 2ක ලකුණු 17ක් තුල දවා ගැනීමට මැතිව්ස් ප්‍රමුඛ Colombo Kings සමත් විය.

LPL තතුවිත්ති:

පෙර පැවති තරගවලට සාපේක්ෂව මේ තරගයේ Powerplay අවස්ථාව තුල පන්දුවේ වැඩි දෝලනයක් දැකගැනීමට හැකි වූ අතර Galle Gladiators Powerplay අවස්ථාව අවසන් වන විට කඩුලු 3ක් දැවි ලකුණු 57ක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.

Galle Gladiators ඉනිමේ පළමු පන්දුවාර හය අවසන් වනවාත් සමඟම ඩක්වර්ත් ලුවිස් ලකුණු ප්‍රමාණය පිළිබඳව වැඩි අවධානයක් යොමු වන්නට පටන් ගත්තේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩක් තිබෙන බව විටින් විට ඉඟි පහළ වූ නිසාවෙනි. 

ඒ නිසාවෙන් Colombo Kings එතැන් සිට උපක්‍රමශීලි ලෙස සිය පන්දු යැවීම සහ පිටියේ පන්දු රකින්නන් ස්ථාන ගත කළ බවක් පෙනෙන්නට තිබූ අතර ඒ නිසාවෙන් ඇතිවූ පීඩනය නිසා Galle Gladiators කණ්ඩායමේ කඩුලු කිහිපයක් බිඳ වැටී ගියේ සියතින්ම ගෙල සිඳගන්නා බවක් පෙන්නුම් කරමි.

පන්දුවාර 8කුත් පන්දු 2ක් අවසානයේ ලකුණු 77ක් තුල කඩුලු 5ක් බිඳ වැටී තිබූ Galle Gladiators ලකුණු සටහනට තවත් දුවද්දී දැවී යාමක් එක්කාසු කරමින් ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුව බවට පත්ව තිබූ ශෙහාන් ජයසූරියගේ ද කඩුල්ල දැවී ගියේ තරගයේ උණුසුම දෙගුණ තෙගුණ කරමිනි.

Colombo Kings කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් සහ Andre Russell ආබාධවලට ලක්ව සිටීම නිසාවෙන් ඔවුන්ට අවසන් පන්දුවාර කළමනාකරණය කර ගැනීම තරමක ගැටලුවක් වූ අතර ඉසුරු උදාන ද ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත සිට 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා පිටියට පැමිණි නමුත් ක්‍රිකට් ක්‍රීඩාව තුල තිබෙන නීති සහ රීති අනුව එය එසේ සිදු කිරීමට නොහැකි බව වින්සුරුවරුන් උදානට පැවසීමත් සමඟම වැඩ බලන නායක චන්දිමාල් තික්ෂිල ද සිල්වා හට එම අවස්ථාව ලබා දුන් අතර ඔහු එම පන්දුවාරය ලකුණු 2කට අවසන් කිරීමට තික්ෂිල සමත් විය.

පසුව පිටියෙන් ඉවත්ව සිටි උදාන විනාඩි 6ක් පිටිය තුල පන්දු රැකීමේ නිරත වූ නිසාවෙන් ඔහුට අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව ලැබුණු අතර එහි දී ලකුණු 15ක් ලබා ගැනීමට ධනංජය ලක්ෂාන්ට සහ ලක්ෂාන් සඳකැන්ට නියමිතව තිබුණි. 

කෙසේ නමුත් Colombo Kings කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම තවදුරටත් සිය වාසියට පරිවර්තනය කරගත් Galle Gladiators වෙනුවෙන් ධනංජය ලක්ෂාන් 4 පහර 2ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 31*ක් ලබා ගත්තේ අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුව සඳහා ලක්ෂාන් සඳකැන්ට අවස්ථාව ලබා දෙමිනි. එම පන්දුව සඳහා 4 පහරක් එල්ල කළ සඳකැන් Galle Gladiators ජය තහවුරු කළේය.

Colombo Kings වෙනුවෙන් පන්දු යැවීමෙන් වැඩිම කඩුලු දවා ගත් අශාන් ප්‍රියන්ජන් ලකුණු 42කට කඩුලු 2ක් දවා ගන්නා විට, ඇන්ජලෝ මැතිව්ස්, තික්ශිල ද සිල්වා, දුෂ්මන්ත චමීර සහ Qais Ahmad එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

තරගයේ වීරයා – ධනංජය ලක්ෂාන් (Galle Gladiators)

Result


Colombo Stars
150/9 (20)

Galle Gladiators
151/8 (19.5)

Batsmen R B 4s 6s SR
Lahiru Udara c Ahsan Ali b Nuwan Thushara 1 5 0 0 20.00
Dinesh Chandimal Ahsan Ali b Dhananjaya Lakshan 14 10 3 0 140.00
Daniel Bell Drummond c Bhanuka Rajapakse b Shehan Jayasuriya 70 53 7 3 132.08
Angelo Mathews c Shehan Jayasuriya b Lakshan Sandakan 6 11 0 0 54.55
Andre Russell c Azam Khan b Lakshan Sandakan 11 6 1 1 183.33
Ashan Priyanjan c Bhanuka Rajapakse b Lakshan Sandakan 5 6 0 0 83.33
Thikshila de silva c Chanaka Ruwansiri b Dhananjaya Lakshan 6 8 0 0 75.00
Qais Ahmed c Mohammad Amir b Nuwan Thushara 8 4 0 1 200.00
Isuru Udana c Shehan Jayasuriya b Sahan Arachchige 19 11 1 1 172.73
Dushmantha Chameera not out 5 6 0 0 83.33


Extras 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0)
Total 150/9 (20 Overs, RR: 7.5)
Did not bat Amila Aponso,

Fall of Wickets 1-3 (1.1) Lahiru Udara, 2-32 (5.3) Dinesh Chandimal, 3-57 (9.4) Angelo Mathews, 4-75 (11.3) Andre Russell, 5-99 (13.6) Ashan Priyanjan, 6-112 (15.4) Daniel Bell Drummond, 7-123 (16.3) Qais Ahmed, 8-126 (17.2) Thikshila de silva, 9-150 (19.6) Isuru Udana,

Bowling O M R W Econ
Mohammad Amir 4 0 26 0 6.50
Nuwan Thushara 4 0 27 2 6.75
Dhananjaya Lakshan 4 0 27 2 6.75
Lakshan Sandakan 4 0 32 3 8.00
Sahan Arachchige 3 0 21 1 7.00
Shehan Jayasuriya 1 0 16 1 16.00


Batsmen R B 4s 6s SR
Ahsan Ali b Angelo Mathews 0 5 0 0 0.00
Danushka Gunathilaka c Qais Ahmed b Ashan Priyanjan 13 8 3 0 162.50
Bhanuka Rajapakse st Dinesh Chandimal b Ashan Priyanjan 33 18 3 2 183.33
Azam Khan c Isuru Udana b Dushmantha Chameera 21 13 3 1 161.54
Sahan Arachchige run out (Angelo Mathews) 3 6 0 0 50.00
Shehan Jayasuriya run out (Tharindu Kaushal) 22 24 1 0 91.67
Chanaka Ruwansiri c Lahiru Udara b Qais Ahmed 9 14 0 0 64.29
Dhananjaya Lakshan not out 31 23 2 1 134.78
Mohammad Amir c Ashan Priyanjan b Thikshila de silva 8 8 0 1 100.00
Lakshan Sandakan not out 4 1 1 0 400.00


Extras 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0)
Total 151/8 (19.5 Overs, RR: 7.61)
Did not bat Nuwan Thushara,

Fall of Wickets 1-13 (1.5) Danushka Gunathilaka, 2-17 (2.2) Ahsan Ali, 3-57 (5.6) Azam Khan, 4-75 (8.2) Bhanuka Rajapakse, 5-75 (8.3) Sahan Arachchige, 6-98 (12.6) Chanaka Ruwansiri, 7-116 (15.6) Shehan Jayasuriya, 8-136 (18.6) Mohammad Amir,

Bowling O M R W Econ
Angelo Mathews 3.1 0 17 1 5.48
Ashan Priyanjan 4 0 42 1 10.50
Isuru Udana 3.5 0 26 0 7.43
Dushmantha Chameera 3.5 0 36 1 10.29
Qais Ahmed 4 0 27 1 6.75
Thikshila de silva 1 0 2 1 2.00




ඒ අනුව තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (14) Dambulla Viiking සහ Jaffna Stallions අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දීම පැවැත්වීමට නියමිත අතර එම තරගය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම සහ Galle Gladiators මේ මස 16 වැනිදා අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<