ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියා සංචිතය බොහෝ දුරට තෝරා අවසන්

86

2020 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 18 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතව ඇත. ඒ සඳහා තරග වදිනු ලබන සත්කාරක ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා තවත් ඉඩ ඇත්තේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ට පමණක් බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ට්‍රෙවර් හෝන්ස් මහතා පැවසීය. 

“මේ වාර්තාව බොරු එකක්” – ඩිවිලියර්ස්

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඒ. බී. ඩිවිලියර්ස් හට ………

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන් අවසන් වරට සහභාගී වූ විස්සයි විස්ස ක්‍රිකට් තරග 10න් 9ක් ජයගෙන තිබෙන්නේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය පරාජයට පත් කරමිනි. 

“ලෝක කුසලානය කලින් සැලසුම් කළ පරිදිම තියනවා නම් තව මාස 5ක වගේ කාලයක් වගේ තමයි තියෙන්නේ, ඒ තරගාවලියට යන සංචිතයේ තව ආසන එකක් හරි දෙකක් හරි තමයි තියෙන්නේ, ඒ දෙකට කවුද හොඳම ක්‍රීඩකයින් කියලා අපි මේ දවස්වල සොයමින් ඉන්නවා. අපි මේ දැනට තෝරගත්ත ක්‍රීඩකයින් තෝරාගත්තේ පසුගිය වසරක වගේ කාලය තුල දී දක්වපු දක්ෂතා සැලකිල්ලට ගෙනයි.”

“මාර්න්ස් ලබුශෙන් ගැනත් අපි හොඳ අධ්‍යනයක ඉන්නවා. ඔහු මෑත කාලයේ තිබ්බ ටෙස්ට් සහ එක්දින තරගවල දී හොඳටම දස්කම් පෙන්වපු ක්‍රීඩකයෙක්. නමුත් ඔහුව එක පාරටම ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියකට රැගෙන එන එක එතරම් සාධාරණ නැහැ. මොකද ඔහු තවමත් ජාත්‍යන්තර මට්ටමින් විස්සයි විස්ස පිටියේ ක්‍රීඩා කරලා නැහැ.” යැයි හෝන්ස් මහතා ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් පවසා ඇත.

Video -දිමුත් සහ චන්දිමාල් සමඟ – ThePapare.com ක්‍රිකට් chat

කොරෝනා වසංගතය නිසාවෙන් මේ වන විට දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක ………

නමුත් මේ දිනවල පැතිර යන Covid-19 වසංගතය නිසා පැවැත්වීමට නියමිතව තිබූ බොහෝමයක් ක්‍රිකට් තරග සහ ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

කෙසේ නමුත් 2020 ඔක්තෝබර් මස 18 වැනිදා ආරම්භ වීමට තිබෙන මෙම ලෝක කුසලාන තරගාවලිය කල් දැමීම පිළිබඳව ICCය විසින් තවමත් නිල වශයෙන් තීරණයක් ලබාගෙන නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<