ශෝකය ප්‍රකාශ කරන්න Dambulla Viiking කළු පටි පලඳී

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by My Cola

1623
SLC Media

2020 LPL ක්‍රිකට් තරගාවලියේ Dambulla Viiking සහ Jaffna Stallions අතර හෙට (13)  පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ දී Dambulla Viiking ක්‍රීඩකයින් කළු පටි පැලඳ ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත්තේ ඔවුන්ගේ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු මෙන්ම ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමිල ගමගේ මහතාගේ ආදරණීය පියාණන්ගේ අභාවය නිසාවෙනි.

චමිල ගමගේ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහ එක්දින ක්‍රිකට් තරග දෙකකට ක්‍රීඩා කළේය. එසේම ගමගේ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද වේගපන්දු පුහුණුකරුවෙක් ලෙස කටයුතු කර තිබේ.

LPL තතුවිත්ති:

2020 LPL ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගත් Dambulla Viiking කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ දී Colombo Kings හමුවේ කඩුලු 6කින් පරාජයට පත්වූයේ තියුණු සටනක් ලබා දීමෙන් පසුවයි.

මෙවර LPL තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසාන තරගය පැවැත්වෙන වේලාවේ වෙනසක් වී ඇති අතර එම තරග සියල්ලම රාත්‍රී 7.00ට ආරම්භ කෙරෙනු ඇත. ඒ අනුව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (13) Colombo Kings සහ Galle Gladiators අතර ද, දෙවැනි අවසන් පූර්ව තරගය 14 වැනිදා Dambulla Viiking සහ Jaffna Stallions අතර ද පැවැත්වීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<