ජනිත් සහ තිසර ද්විත්ව ශතක සබඳතාවක

U19 Division 1 Schools Cricket Tournament 2023/24

103

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (06) ක්‍රියාත්මක වුනා.

මේ අතරින් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයට හැකියාව ලැබුණා. එම ජයග්‍රහණයට උර දුන් නායක දිනුර කළුපහන කඩුලු 5 දස්කමක් දැක්වූ අතර, ඊයේ (05) කඩුලු 5 දස්කමක් දැක්වූ කවීන් රුක්ශාන් විසින් අද තවත් කඩුලු 3ක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් වුනා. 

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයේ දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් නායක තිසර ඒකනායක සහ ජනිත් රත්නසිරි විසින් ලකුණු 140 බැගින් රැස් කිරීමට සමත් වුනා. මෙහි දී මොවුන් දෙදෙනා ම පන්දු 195 බැගින් වැය කරමින් මෙම ලකුණු ප්‍රමාණ රැස් කිරීමට සමත් වූ අතර, ඔවුන් දෙදෙනා අතර ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 226ක දැවැන්ත සබඳතාවක් ද ගොඩ නැඟුණා. එමෙන්ම ඉනිමේ සිව් වන කඩුල්ල ලෙස තිසර පිටියෙන් ඉවත් වීමෙන් පන්දු 3ක ඇවෑමෙන් ජනිත් ද දැවී යාම විශේෂත්වයක්. 

කෙසේ වෙතත් සාන්ත අන්තෝනි විද්‍යාලයට පිත්තෙන් පිළිතුරු දුන් සාන්ත පීතර දෙවන ඉනිමේ දී නායක විශේන් හැළඹගේ වේගවත් ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. 

පන්දු 71ක් තුළ ලකුණු 116ක් ලබා ගත් විශේන්ගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 10ක් අන්තර්ගත වී තිබුණා. 

පළමු කොටසේ Tier B තරග 

මොරටු මහා විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය  

මොරටු මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 05 – 06)  

  • මොරටු මහා විද්‍යාලය 154/10 (60.3) නිදර්ශන ප්‍රනාන්දු 49, නිමේෂ සිල්වා 4/58 & 204/6d (49.1) නිදර්ශන ප්‍රනාන්දු 74, කාන්චන නිම්ශාන් 36*, අරුශ ජයසිංහ 2/22 
  • සිල්වෙස්තර විද්‍යාලය – 214/10 (69.1) ජොශ්වා ප්‍රනාන්දු 46, අරුශ ජයසිංහ 40, නිශිත ප්‍රනාන්දු 3/42, නිදර්ශන ප්‍රනාන්දු 2/36 & 96/5 (26) ජොශ්වා ප්‍රනාන්දු 38*, නිදර්ශන ප්‍රනාන්දු 3/18 

තරගය ජය පරාජයෙන් තොරයි, මහනුවර සිල්වෙස්තර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

ගාල්ල මහින්ද විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය  

මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 05 – 06)  

  • ගාල්ල මහින්ද විද්‍යාලය – 335/6 (58.5) දෙනෙත් කෞශල්‍ය 71, සෙනුක දංගමුව 53, අනුහස් ඇල්දෙනිය 2/42 
  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – 112/10 (31.1) ප්‍රවීන් රන්හිරු 57, කවීන් රුක්ශාන් 5/27, සදෙව් නෙත්මිණ 4/39 & 71/10 (f/o) (23) උදුල විශ්වජිත් 16, දිනුර කළුපහන 5/36, කවීන් රුක්ශාන් 3/10 

ගාල්ල මහින්ද විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 152ක ජයක්. 

සාම්ප්‍රදායික දෙදින තරග  

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය  

සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 05 – 06)  

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය – 233/10 (69.3) ඇසදිස ද සිල්වා 63, රුසඳ ගමගේ 66, කෙවන් රමික 4/29 & 260/4 (42) විශේන් හැළඹගේ 116, ශෙන්නන් රොද්‍රිගෝ 36*, කෙවන් රමික 1/26 
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 354/6d (84) තිසර ඒකනායක 140, ජනිත් රත්නසිරි 140, කෞශික කුමාරසිංහ 43, ශෙන්නන් රොද්‍රිගෝ 4/80 

තරගය ජය පරාජයෙන් තොරයි, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<