මීගමුව උණුසුම කරන Sunquick බීච් වොලිබෝල් ශූරතාවය

Sunquick ජාතික බීච් වොලිබෝල් ශූරතාවය 2023

170

Sunquick ආයතනයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන 2023 ජාතික බීච් වොලිබෝල් ශූරතාවය මැයි 19 වැනිදා සිට 21 වැනිදා දක්වා මීගමුව වෙරළ උද්‍යාන ක්‍රීඩා පිටියේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ කිරීමට නියමිතයි.

මෙවර මෙම තරගාවලිය විවෘත (කාන්තා/පිරිමි), වයස අවුරුදු 22න් පහළ (කාන්තා/පිරිමි), වයස අවුරුදු 19න් පහළ (කාන්තා/පිරිමි) සහ වයස අවුරුදු 16න් පහළ (බාලක/බාලිකා) වශයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම තරගාවලිය සඳහා මෙතෙක් ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී වන අතර ඒ අනුව මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 225කට ආසන්නයි.

පුරා දින 3ක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත තරගාවලියේ අවසන් මහා තරග 2023 මැයි 21 වැනිදා සවස 3.00 සිට පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<