එක්දින සහ සිව්දින සංචාරයකට දකුණු අප්‍රිකා “A” දිවයිනට

දකුණු අප්‍රිකා A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

2352

එක්දින තරග 3කින් සහ සිව්දින තරග 2කින් යුත් තරගාවලියක් සඳහා දකුණු අප්‍රිකා A ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

එක්දින තරග 3 පිළිවෙළින් ජුනි 4, 6 සහ 8 වැනිදා පැවැත්වීමට නියමිත අතර ජුනි 12 වැනිදා සහ 22 වැනිදා සිව්දින තරගාවලි ආරම්භ වීමට නියමිතයි. කෙසේ නමුත් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් නිවේදනය කර නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තරගාවලියේ විකාශන අයිතිය ලබා දෙන ආයතන වෙත සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් වරට එංගලන්ත Lions කණ්ඩායම සමඟින් තරග වැදුණු අතර එහි දී පැවති සිව්දින තරගාවලිය 0-0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී, එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

තරග කාලසටහන

එක්දින තරගාවලිය

  • පළමුවැනි එක්දින තරගය – ජුනි 4
  • දෙවැනි එක්දින තරගව – ජුනි 6
  • තෙවැනි එක්දින තරගය – ජුනි 8

සිව්දින තරගාවලිය

  • පළමු තරගය – ජුනි 12 වැනිදා සිට 15 වැනිදා දක්වා
  • දෙවැනි තරගය – ජුනි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා

මෙම තරගාවලියේ උණුසුම මෙන්ම දේශීය විදේශීය ක්‍රිකට් කෙළිබිමේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<