ශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකා A සංචිතය නිකුත් කරයි

දකුණු අප්‍රිකා A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1186

එක්දින තරග 3කින් සහ සිව්දින තරග දෙකකින් යුත් තරගාවලියක් සඳහා මෙරටට පැමිණෙන 15 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු A සංචිතය මාධ්‍ය වෙත අද (25) නිකුත් කර තිබෙනවා.

Tony de Zorzi විසින් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ටෙස්ට් පුහුණුකරු Shukri Conradගේ මග පෙන්වීම යටතේයි.

මෙම සංචිතය සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් රැසක් අන්තර්ගත වන අතර ඒ අතරට Keegan Petersen, Kyle Verreynne, Gerald Coetzee සහ Tristan Stubbs ක්‍රීඩකයින් ද ඇතුළත් වනවා. එමෙන්ම Zubayr Hamza හට ද නැවත වරක් සංචිතයේ ඉඩක් වෙන්වී තිබීම විශේෂත්වයක්.

එම ක්‍රීඩකයින්ට අමතරව එරට දේශීය පිටියේ නැගීඑන ක්‍රීඩකයින් වන Dewald Brevis, Jordan Hermann සහ Matthew Breetzke ක්‍රීඩකයින් ද මෙම 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්.

 මෙම සංචිතය පිළිබඳව අදහස් දක්වමින් පුහුණුකරු Conrad පවසා සිටියේ, “මෙම සංචිතය අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීඑන පරම්පරාවේ ක්‍රීඩකයින් කවුරුන් දැයි විදහා දක්වන කණ්ඩායමක්. සංචිතයේ නවකයින් ඇතුළු සියලු ක්‍රීඩකයින්ට මෙම සංචාරය ඔවුන්ගේ දක්ෂතා උරගා බලන්න හොඳ අවස්ථාවක් වනු ඇති,” යනුවෙනුයි.

15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතය එළඹෙන මැයි මස 31 වැනිදා ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිතයි.

  • දකුණු අප්‍රිකා A සංචිතය: Tony de Zorzi ©, Corbin Bosch, Matthew Breetzke, Dewald Brevis, Gerald Coetzee, Zubayr Hamza, Jordan Hermann, Tshepo Moreki, Senuran Muthusamy, Keegan Petersen, Sinethemba Qeshile, Lutho Sipamla, Tristan Stubbs, Kyle Verreynne, Lizaad Williams.

එක්දින තරග කාලසටහන

  • පළමුවැනි එක්දින තරගය – ජුනි 4
  • දෙවැනි එක්දින තරගව – ජුනි 6
  • තෙවැනි එක්දින තරගය – ජුනි 8

සිව්දින තරග කාලසටහන

  • පළමු තරගය – ජුනි 12 වැනිදා සිට 15 වැනිදා දක්වා
  • දෙවැනි තරගය – ජුනි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා

මෙම තරගාවලියේ උණුසුම මෙන්ම දේශීය විදේශීය ක්‍රිකට් කෙළිබිමේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<