ශ්‍රී ලංකාවෙන් 23ක් IPL වෙන්දේසියට

ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022

3229
Sri Lanka Players IPL Mega Auction 2022

2022 වසරේ දී පැවැත්වීමට නියමිත IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 12 සහ 13 දිනවල බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ් සඳහා‌ ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් 590ක් සුදුසුකම් ලබා සිටිනවා.

15 වැනි වරටත් පැවැත්වීමට නියමිත මෙවර IPL තරගාවලිය සඳහා ඉන්දියාව මෙන්ම ලොව පුරා සිටි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සහභාගී වීමට අපේක්ෂාවෙන් පසුවනවා.

මෙම ක්‍රීඩකයින් 590 දෙනා අතරින් ක්‍රීඩකයින් 228ක් සිය රටේ ජාතික කණ්ඩායම නියෝජනය ක්‍රීඩකයින් වන අතර ඉතිරි 355 දෙනා මේ වන තෙක් සිය රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නට වරම් දිනා නොමැති ක්‍රීඩකයින්. මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් 23 දෙනෙකු ද සුදුසුකම් ලබා තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩකයින් 370කට අමතරව විදෙස් ක්‍රීඩකයින් 220ක් වෙන්දේසියේ දී අලෙවි වීමට නියමිතයි.

වෙන්දේසිය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්.

ක්‍රීඩකයා අවම වටිනාකම (ඉන්දීය රුපියල් Lakh)
Wanindu Hasaranga 100
Dushmantha Chameera 50
Maheesh Theekshana 50
Charith Asalanka 50
Niroshan Dickwella 50
Kusal Mendis 50
Kusal Perera 50
Akila Dhananjaya 50
Bhanuka Rajapaksa 50
Matheesha Pathirana 20
Avishka Fernando 50
Pathum Nissanka 50
Chamika Karunaratne 50
Dasun Shanaka 50
Kevin Koththigoda 20
Thisara Perera 50
Lahiru Kumara 50
Isuru Udana 50
Nuwan Thushara 50
Danushka Gunathilaka 50
Dhananjaya Lakshan 50
Seekkuge Prasanna 50
Dunith Wellalage 20

>> සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව සඳහා පිවිසෙන්න.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<