ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගයේ 2 වැනි දිනය අවසන් වෙද්දී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 247ක් ලබා සිටියා.
ඒ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 366ට පිළිතුරු ලෙසිනුයි. ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයෝ, සත්කාරක ක්‍රීඩකයන් පළමු ඉනිමේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට තවත් ලකුණු 119ක් පිටු පසින් රැඳී සිටිනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද (3) ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 288ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 83ක් ද සහ චාමික ගුණසේකර නොදැවී ලකුණු 6ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 300 එක් කළ අතර ඉන් අනතුරු ව තවත් ලකුණු 5ක් එක් වෙද්දී චාමික ගුණසේකර දැවී යනවා. ඔහු දැවී යන පිට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 86ක දී ලකුණු 35ක සබඳතාවක් එක් කරනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කේශර නුවන්ත ලකුණකට දැවී ගිය පසුව දිලුම් සුදීර පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා. ඔහු සහ සහන් ආරච්චිගේ එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 70ක දී ලකුණු 38ක සබඳතාවක් එක් කරනවා.
සහන් ආරච්චිගේ ඉනිමේ 9 වැනි ලෙස දැවී යද්දී පන්දු 207කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 127ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ 9 වැනි ශතකයයි.
දිනයේ දහවල් විවේකය වෙද්දී දැවී ගිය ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් බැගින් දවා ගැනීමට Gurnoor Brar සහ Saransh Jain දවා ගත් අතර ඊට අමතර ව Yash Thakur කඩුලු ද්විත්වයක් දවා ගත්තා.
- ඕස්ට්‍රේලියාව 8 වැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- දිලුම් ට කඩුලු 5යි: තරගය විසඳුමක් නෑ
- මල්ෂ තරුපතිත් ශතකයක් සමාජයට එක් වෙයි
- SSC කණ්ඩායමට කඩුලු 10ක ජයක්
- ධනංජය නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් කරා!
දිවා විවේකයෙන් අනතුරු ව ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයෝ තම ඉනිම ආරම්භ කළ අතර එම කාර්තුව තුළ දී ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 111ක් ලබා ගන්නවා. එහි දී ඉනිම අහිමි කර ගන්නේ Aman Mokhade. ඔහු දිනයේ දැවී ගිය එක ම ඉන්දීය පිතිකරු වූ අතර ඒ වෙද්දී ඔහු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.
දිනයේ තේ විවේකයෙන් අනතුරු ව තරගය සම්පූර්ණයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ සතු කර ගත් අතර ඒ වෙද්දී යැවුණ පන්දුවාර 36ක දී ඔවුන් ලකුණු 136ක් ලබා ගන්නවා. ඒ අතර තුර කාලයේ දී ඉන්දීය ඉනිමේ ආරම්භක පිතිකරු Sai Sudharsan තම පළමු පෙළ තරග දිවියේ 10 වැනි ශතකයත් සහ Devdutt Padikkal මෙම තරගාවලියේ තමන්ගේ 2 වැනි අර්ධ ශතකයත් වාර්තා කළා.
තරගය 2 වැනි දිනයට අවසන් වෙද්දී Sai Sudharsan පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 104ක් ද සහ Devdutt Padikkal පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 94ක් ද ලබා සිටියා.
ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය කේශර නුවන්ත සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම- කඩුලු 5ක් දැවී 288 (85.0) පවන්ත වීරසිංහ 39, සොහාන් ද ලිවේරා 28, නුවනිඳු ප්‍රනාන්දු 44, අශේන් බණ්ඩාර 34, සහන් ආරච්චිගේ 127, අංජල බණ්ඩාර 42, දිලුම් සුදීර 20, Gurnoor Brar 4/77, Saransh Jain 4/92, Yash Thakur 2/46
ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම – පළමු දිනය කඩුල්ලක් දැවී 247 (63.0) Sai Sudharsan නොදැවී 104, Aman Mokhade 38, Devdutt Padikkal නොදැවී 94
ඉන්දීය A ක්‍රිකට් ක්‍රීඩකයෝ ලකුණු 119ක් පිටුපසින්.
මෙම තරගය හෙට (4) 3 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















