යෝකර් රජුගේ සමුගැනීමට ක්‍රිකට් පිටියේ ප්‍රබලයන්ගෙන් සුබපැතුම්

3704

2014 විස්සයි විස්ස ලෝක කුසලානයට දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මෙන්ම එම තරග ආකෘතියේ බිහි වූ ප්‍රබලතම පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සිය සම්පූර්ණ ක්‍රීඩා දිවියට සමුදෙන බව ඊයේ (14) ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර පිටියේ කඩුලු 546ක් ලබා ගැනීමට සමත්ව ඇති ඔහු, 2011 වසරේ දී ටෙස්ට් පිටියෙනුත්, 2019 වසරේ දී එක්දින පිටියෙනුත් සමුගැනීමට තීරණය කළ නමුත් විස්සයි විස්ස තරග නියෝජනය කිරීමට ඔහු කටයුතු කළා.

එක්දින පිටියෙන් සමුගැනීමෙන් පසුව ද පන්දුවාර විස්ස තරග රටාවේ දස්කම් දැක්වූ ඔහු 2019 වසරේ නවසීලන්තය අතර පැවති තරගයක දී පන්දු හතරක් තුළ නොකඩවා කඩුලු හතරක් දවා ගැනීමට ද සමත් වුනා.

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරග පිටියේ ඉහළ ඉල්ලුමක් සහිත ක්‍රීඩකයෙකු වූ මාලිංග එම තරග පිටියේ ප්‍රබලතම කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් සුවිශේෂී දස්කම් දැක්වීමට ද සමත් වූ ක්‍රීඩකයෙක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කළ ඔහු තරග 122ක් තුළ කඩුලු 170ක් දවා ගැනීමට සමත් වෙමින් එම තරගාවලියේ කඩුලු 100ක් දවා ගත් පළමු ක්‍රීඩකයා වීමට ද සමත් වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංගගේ විශ්‍රාම ගැනීම පිළිබඳව සටහනක් තබමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර සිටියේ සුබ විශ්‍රාම දිවියක් යෝකර් රජු ලෙසයි.

එමෙන්ම මාලිංගගේ සමුගැනීම ප්‍රකාශ කිරීමත් සමඟ ලොව පුරා ක්‍රීඩකයන් මෙන්ම කණ්ඩායම් රැසක් ඔහුට සුබ පැතුම් එක්කර තිබුණා.

හිටපු ශ්‍රී ලංකා නායකයෙකු වූ මහේල ජයවර්ධන මේ පිළිබඳව සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ,

18 හැවිරිදි දැල්පන්දු යවන්නෙකු ලෙස මම මුලින් පන්දු යවපු ඒ කැරලි කොණ්ඩය සන්නාමය කර ගත් තරුණයා සමුගත්තේ අපට මතකයන් රැසක් ඉතුරු කරලයි. අපූරු කණ්ඩායම් සඟයා, මම ඔබට සුබ පැතුම් එක්කරනවා වගේම ස්තුතිය පුද කර සිටිනවා, ලෙසයි.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන Dinesh Karthik මාලිංගගේ සමුගැනීම පිළිබඳව අදහස් දක්වා තිබුණේ මෙලෙසිනුයි,

එ් වෙනස් පන්දු යැවීමේ රටාව ඔස්සේ ඔහු යොමු කළ යෝකර් පන්දු නිසා පහසුවෙන්ම ඔහු මම මුහුණ දුන් අමාරුම පන්දු යවන්නෙක් වුනා. මුම්බායි ඉන්දියන්ස් විවේකාගාරය තුළ ඔහු සමඟ සුන්දර මතකයන් බොහොමයක් තිබෙනවා. ඔබගේ දිවියේ දෙවැනි ඉනිම සඳහා සුබ පතනවා.

එමෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු මෙන්ම වත්මන් Marylebone ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන කුමාර සංගක්කාර මාලිංගගේ සමුගැනීම පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබුණා.

ඔබගේ සුවිශේෂී ක්‍රීඩා දිවියට සුබ පතනවා. ශ්‍රී ලංකාව සහ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ඔබ දැක්වූ දායකත්වය සෑමදාම පවතිනවා. ඔබ සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම මහත් සතුටක්. ඔබ මෙතැන් පටන් සිදු කරන සෑම දෙයකටම සුබ පතනවා.

එම ක්‍රීඩකයන්ට අමතර තවත් දෙස් විදෙස් ක්‍රීඩකයන් මෙන්ම කණ්ඩායම් රැසක් මාලිංගගේ ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට සුබ පැතුම් එක් කර තිබුණේ පහත අයුරිනුයි,

Please embed below:

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<