දැල්පන්දුවේ බර මන්දිරාට

351

මේ වසරේ ජුලි මස 8 වන දා සිට 16 වන දා දක්වා රටවල් 20ක සහභාගිත්වයෙන්, බොට්ස්වානා හි ගැබ්රොන් නුවර දී 8 වන වරටත් ආරම්භ වීමට නියමිත ලෝක ශූරතා තරුණ දැල්පන්දු තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස මන්දිරා චාරුනී පත් කර ඇත.

ඊවා කුසලාන දැල්පන්දු තරගාවලියට සියල්ල සූදානම්

ඊවා කුසලාන දැල්පන්දු තරගාවලිය එළඹෙන ජූලි 01 සහ 02 යන දිනයන්වල දී කොළඹ – 2 ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් මෙම ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන් 12 දෙනාට හා අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනා හට අනුමැතිය ලබා දී ඇත.

නිමා වූ 10 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස වගකීම ඉටු කළ නදි ප්‍රනාන්දු එම තරගාවලිය නිමා වූ පසුව මත භේදාත්මක අදහස් කිහිපයක්ම දැක්වූ නිසාවෙන් ඇයට මෙවර තරගාවලියේ නායකත්වය අහිමිව ඇත. එම තරගාවලියේ උපනායිකාව ලෙස ක්‍රීඩා කළ හශිනි පෙරේරා හට මෙන්ම හංසිමා දිසානායක, රශ්මි දිව්‍යාංජලී හා නිර්මානි පෙරේරා හට මෙවර සංචිතයේ සිය ස්ථාන අහිමිව ඇති අතර, ඒ  අතරින් හංසිමා හට පාදයේ ඇති වූ ආබාධයක් නිසාවෙන් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා මෙවර තරගාවලිය අහිමිව ඇත.

මෙවර තරගාවලියේ අතිරේක ක්‍රීඩිකාවන් ලෙසින් ඉමේෂා නිර්මානි, අලෝකා උදාරි දිසානායක හා රශ්මි දිව්‍යාංජලී නම් කර තිබේ.

මෙවර සංචිතයේ උප නායිකාව ලෙස පත් කර ඇති කවීනා රාජපක්ෂ මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ ක්‍රීඩිකාවක් වන අතර, ඇය නිමා වූ තරුණ ආසියානු දැල්පන්දු තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩිකාව විය. එසේම මෙවර තරගාවලිය සඳහා මෙලනි විජේසිංහ, සුසීමා බණ්ඩාර, නතාශා අලුවිහාරේ හා සෙත්මි දනූෂි යන නවක මුහුණු කිහිපයක්ම එක් කර ඇත.

සුසීමා කුමාරි බණ්ඩාර කුරුණෑගල ශුද්ධ වූ පවුල් කන්‍යාරාමයේ ක්‍රීඩිකාවකි. ඇය 2016 වසරේ පැවැත්වූ වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසල් දැල්පන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව විය. මෙලනි විජේසිංහ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවක් වන අතර, ඇය පසුගිය වසරේ පැවැත්වූ වයස අවුරුදු 17න් පහළ සමස්ත ලංකා පාසල් දැල්පන්දු තරගාවලියේ ආකර්ෂණීයම ක්‍රීඩිකාවකි. තවද ඇය වයස අවුරුදු 16න් පහළ මයිලෝ සමස්ත ලංකා දැල්පන්දු තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව තවත් දක්ෂ කණ්ඩායම් 19ක් මෙවර තරගාවලියේ සිටින අතර, කාණ්ඩ 4ක් යටතේ තරගාවලියේ මූලික වටය පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩය යටතේ සැමෝවා, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය හා නවසීලන්තය සමඟින් තරග වදිනු ලැබේ.

ලෝක දැල්පන්දු ශූරතාවලියට යන තරුණ ශ්‍රී ලංකා සංචිතය: මන්දිරා චාරුනී (නායිකාව), කවීනා රාජපක්ෂ (උප නායිකාව), නදී ප්‍රනාන්දු, සචිනි රොද්‍රිගෝ, පූර්ණි ලක්ෂානි, මෙලනි විජේසිංහ, නිලුමි හපුආරච්චි, මල්ශා රත්නායක, නතාශා අලුවිහාරේ, සෙත්මි දනූෂි, තරුෂි ඉලංගරත්න, සුසීමා බණ්ඩාර

අතිරේක ක්‍රීඩිකාවන්: ආලෝකා උදාරි, ඉමේෂා නිර්මානි, රශ්මි දිව්‍යාංජලී

ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන,

  • ජුලි 8 – ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය
  • ජුලි 9 – ශ්‍රී ලංකාව හා උතුරු අයර්ලන්තය
  • ජුලි 11- ශ්‍රී ලංකාව හා සැමෝවා
  • ජුලි 12 – ශ්‍රී ලංකාව හා නවසීලන්තය

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට