පාකිස්තාන T20 සංචිතයට නව පුහුණු උපදේශකවරුන් දෙදෙනෙක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

378

හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු වන Matthew Hayden සහ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙකු වන Vernon Philander, ලෝක කුසලානයට යන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරුන් ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස තේරිපත් වූ Ramiz Raja විසින් මෙම තීරණය පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. පාකිස්තානු ක්‍රිකට් සංචිතයෙන් ඉවත් වූ හිටපු ප්‍රධාන පුහුණුකරු Misbah-ul-Haq සහ හිටපු පිතිකරණ පුහුණුකරු Waqar Younis වෙනුවට මොවුන් දෙදෙනා කණ්ඩායමට එකතු කර ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Hayden සහ Philander දෙදෙනා පිතිකරණ සහ පන්දු යැවීම අංශය සවිමත් කරමින් ලෝක කුසලානයට යන පාකිස්තාන සංචිතය පුහුණුකර වීමට නියමිතයි. Misbah සහ Younis දෙදෙනාගේ ස්ථාන සඳහා පූර්ණ කාලීන පුහුණුකරුවන් දෙදෙනෙකු තවමත් තෝරාපත් කරගෙන නොමැති අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාකිස්තාන – නවසීලන්ත තරගාවලියේ සඳහා අතුරු පුහුණුකරුවන් ලෙස Saqlain Mushtaq සහ Abdul Razzaq තෝරාපත් කරගෙන තිබෙනවා.

නව පාකිස්තාන ක්‍රිකට් සභාපතිට අනුව Hayden සහ Philander ප්‍රධාන පුහුණුකරු සමඟ සහයෝගයෙන් වැඩකටයුතු කිරීමට නියමිත අතර Hayden සහ Philander මින් පෙර පුහුණුකරුවන් ලෙස කටයුතු කර නොමැති වීම විශේෂත්වයක්.

Matthew Hayden කියන්නේ ඕස්ට්‍රේලියානුවෙක්, ඔහුට ලෝක කුසලානයක් ජයග්‍රහණය කරලා අත්දැකීම් තියෙනවා සහ ඔහු ඉතාමත් විශිෂ්ට ක්‍රීඩකයෙක්, යැයි Ramiz විසින් පවසා තිබෙනවා.

ඕස්ට්‍රේලියානුවෙක් කණ්ඩායම සමඟ එකතු වීම ලොකු වාසියක් වේවි අපිට, පාකිස්තානයටත් ඇත්තටම ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ performance තව 10% වගේ වැඩි කරගන්න විතරයි. මම Vernon Philander හොඳින් දන්නවා, ඔහු පන්දු යැවීමේ ප්‍රවීණයෙක් වගේම ඕස්ට්‍රේලියාවට එරෙහිව හොඳින් දක්ෂතා දක්වලා තියෙනවා, යැයි Ramiz වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණා.

2021 පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී පාකිස්තානය සිය පළමු තරගය සඳහා ඉන්දියාව සමඟින් තරග වැදීමට නියමිතයි. සුපිරි 12 දෙනාගේ වටයේ එම තරගය ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වෙනු ඇත

ලෝක කුසලානයේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<