CR&FC සියවස් තරගාවලියේ කාණ්ඩ, සැකැස්ම සහ කාලසටහන

CR&FC සියවස් සත් සාමාජික රග්බි තරගාවලිය 2023

649

මෙරට ප්‍රබල ක්‍රීඩා සමාජයක් වන CR&FC සමාජයට වසර සියයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන CR&FC සත් සාමාජික රග්බි තරගාවලිය මාර්තු 31 වැනිදා සිට අප්‍රේල් 01 වැනිදා දක්වා CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ නිල තරග කාලසටහන සැකසීම ඊයේ (23) සිදු වූ අතර ඒ සඳහා කණ්ඩායම් නායකයින්, නිලධාරීන් සහ සංවිධායක කමිටු නිලධාරීන් සහභාගී ව සිටියා.

තරගාවලියේ පළමු දිනය ආරාධිත පාසල් සඳහා වෙන් වෙන අතර කණ්ඩායම් 12ක් කාණ්ඩ 4කට බෙදා වෙන් කරමින් එම අදියර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

පළමු දිනයේ දී මූලික වටයේ තරග 11ක් සහ අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිත අතර එක් කණ්ඩායමක් මූලික වටයේ දී තරග දෙකක සහභාගී වෙනවා.

පාසල් තරගාවලිය

  • Group A – රාජකීය විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය
  • Group B – පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය
  • Group C – සහිරා විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය
  • Group D – ඩී. එස්. සේනානායක විද්‍යාලය, කිංග්ස්වුඩ් විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය

ක්‍රීඩා සමාජ අදියරේ තරග දෙවැනි දිනයේ දී ආරම්භ වන අතර කාන්තා සහ පිරිමි කාණ්ඩ යටතේ පැවැත්වෙන එම අදියරේ පිරිමි කාණ්ඩයට මූලික වටයේ තරග 21ක් ඇතුළත්.

පිරිමි කණ්ඩායම් අටක් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කරමින් එම අදියර ක්‍රියාත්මක කරන අතර එක් කණ්ඩායමක් මූලික වටයේ දී තරග 3කට සහභාගී වෙනවා.

කණ්ඩායම් හයක් සහභාගී වන කාන්තා අදියරේ මූලික වටයේ දී සියලු කණ්ඩායම් අනෙක් කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිත අතර එම අදියරේ තරග තුනක් දෙවැනි දිනයේ පවත්වා අනෙක් තරග සහ තරගාවලියේ අවසන් තරග අවසන් දිනයේ පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා සමාජ තරගාවලිය – පිරිමි

  • Group A – Kandy SC, Army SC, CR&FC, Police Sc
  • Group B – Air Force SC, Havelocks SC, Navy SC, CH&FC

ක්‍රීඩා සමාජ තරගාවලිය – කාන්තා

  • Airforce SC, CR&FC, Women’s Club Australia, Army SC, Navy Sc, Doha Rugby Football Club

>>> Centenary Sevens – Tournament Draw – Final 2023

CR&FC සියවස් රග්බි තරගාවලියේ තරග උණුසුම සජීවීව ඔබට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<