පාකිස්තාන ක්‍රීඩකයෙකුට ජීවිත කාලයටම ක්‍රිකට් අහිමි වන ලකුණු

83

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සිකුරාදා (20) අනාවරණය කළ තරග පාවාදීමේ චෝදනා නිසා පාකිස්තාන පිතිකරු උමර් අක්මාල් හට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් වීමේ අවදානමක් මතුව තිබෙනවා.

PSL ක්‍රීඩකයන් කොරෝනාවෙන් බේරෙද්දී එක් අයෙකුට ආසාදනය වෙයි

පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය කල් දැමූ දිනයේ එනම් මාර්තු 17 වන දින පවත්වන ලද COVID-19…

පසුගිය පෙබරවාරි 20 වැනිදා පකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ආරම්භක දිනයේ දී 29 හැවිරිදි උමර් අක්මාල්ට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ඒකකය විසින් තරග තහනමක් පැනවූවා. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටියේ අක්මාල් දූෂණ මර්දන චර්යා ධර්ම පද්ධතිය ආකාර දෙකකින් උල්ලංඝනය කර ඇති බවයි.

“පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය උමර් අක්මාල්ට දූෂණ මර්දන පනතේ වගන්ති දෙකක් කඩ කිරීම නිසා චෝදනා එල්ල කර තිබෙනවා, ඒ තරග පාවාදීමේ යෝජනාවක් බලධාරීන්ට වාර්තා නොකිරීම නිසයි.” පකිස්තාන දූෂණ මර්දන පනත යටතේ තරග පාවාදීමේ යෝජනාවක් තමන්ට ලැබුණු වහාම කණ්ඩායමේ කළමනාකරු හෝ නිලධාරීන්ට දැනුම් දිය යුතුයි.

ඒ අනුව ක්‍රීඩකයෙකු මේ කරුණ උදෙසා වරදකරු වුවහොත් ඔහුට දඬුවම් වශයෙන් මාස හයක තරග තහනමක් හෝ ජීවිතාන්තය දක්වා තරග තහනමක් නියමවනු ඇත.

උමාර් අක්මාල් හට මෙම චෝදනාවලට පිළිතුරු ලබා දීම සඳහා දින 14ක් ලබා දී තිබෙනවා. උමර් අක්මාල් විනය කරුණු නිසා කිහිප වතාවක් දඬුවම් ලැබූ ක්‍රීඩකයෙක්. 2014 දී රථවාහන පාලකයෙක් සමඟ රණ්ඩුවක් ඇති කර ගැනීම නිසා ඔහු සිරගත වුණු අතර පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු වූ මිකී ආර්තර් සමඟ ඇති කරගත් රණ්ඩුවක් නිසා ඔහු 2017 දී මාස 3ක තරග තහනමකට ද ලක් වුණා. පසුගිය මාසයේ දී ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙකුට අපහාස කිරීම නිසා ඇති වූ ගැටලුවක් ඔහු සමාදානයට පත් කර ගත්තා.

අයර්ලන්ත – බංග්ලාදේශ තරගාවලියත් කොරෝනා නිසා නවතියි

බංග්ලාදේශයට එරෙහි අයර්ලන්තයේ තරග හතක තරගාවලිය අවලංගු කිරීම නව කොරෝනා …

අතිදක්ෂ නමුත් විනය ගරුක නොවන ක්‍රීඩකයෙකු ලෙස නමක් දිනාගෙන සිටින අක්මාල් ටෙස්ට් තරග 16ක්, එක්දින තරග 121ක් හා විස්සයි විස්ස තරග 84ක් ක්‍රීඩා කර තිබෙන්නේ 2009 වසරේ සිටයි.

මාස හතරකට පෙර ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගාවලියේ තරග දෙකක් ක්‍රීඩා කළ අතර ඒ තරග දෙකේ දී ම ඔහු ලකුණු රැස් කරන්නට සමත් වුනේ නැහැ. මින් පෙර ද පාකිස්තානය තුල තරග පාවාදීමේ චෝදනා රැසක් වාර්තා වුණු අතර 2017 දී ශර්ජිල් ඛාන් හා ඛලිඩ් ලතිෆ් හට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී එල්ල වුණු තරග පවාදීමේ චෝදනා නිසා ඔවුන්ට වසර 5ක් ක්‍රිකට් අහිමි වුනා.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<